Sunday, January 31, 2010

ටෙලිකොම් අන්තර්(ජං)ජාල ගාස්තු ක්‍රමය....

අන්තර්ජාල සේවා සපයන දිවයිනේ අනෙකුත් ආයතන හා සසඳා බලන කල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගුණාත්මක බවින් ඉදිරියෙන් සිටින බව පොදුවේ සැවොම පිලිගන්නා සත්‍යයයි. අන්තර්ජාල සේවා සපයන ආයතන කිහිපයක් අප රටේ තිබුණද වැඩි දෙනෙකු විසින් ටෙලිකොම් ආයතනය තෝරාගනු ලබන්නේ එහි ඇති එම සුවිශේෂි වු විස්වාසවන්ත සේවය සහ ගුණාත්මක බව නිසාමය.
කෙසේ වුවද ටෙලිකොම් ආයතනය මෙම සේවා සඳහා අයකරන ගාස්තු සම්බන්ධයෙන් යම් ගැටලූකාරී තත්වයකට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදුවී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ පැකේජයන් සමග සැසඳීමේදී වැඩි පිරිසක් භාවිතා කරන SLT Entree පැකේජයේ මාසික ගාස්තුව මොබිටෙල් ආයතනයේ සමාන පැකේජයක් සඳහා අයකරන ගාස්තුවට වඩා ඉහලය.
පැකේජය                           අවම ගාස්තුව                             මාසයකට නොමිලේ භාවිතය
SLT Entree                        500.00 Rs                                    1GB
Mobitel Zoom 490             490.00 Rs                                   1.5GB
Mobitel උපහාර                 240.00 Rs                                     1GB
Mobitel Zoom 890             890.00 Rs                                    4GB
   අමතර භාවිතය සඳහා ගාස්තු:-
•    ශ්‍රී ලංකා ටෙලිකොම්                      -  1MB සඳහා රු 0.50
•    ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්    - 10MB සඳහා රු 2.00

 මෙසේ ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමේම ආයතනයක් අඩු මිලට සිය පාරිභෝගිකයන්ට සේවය සපයද්දී ටෙලිකොම් ආයතනය තම පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අය කිරීම ටෙලිකොම් ආයතනයෙන් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ට කරන බලවත් අසාධාරණයකි. පවතින තත්වය හමුවේ මොබිටෙල් වෙත මාරු වීමද කල නොහැක්කකි. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, අනෙකුත් උසස් අධ්‍යාපනය ලබන සිසුන් සහ අනෙකුත් සාමාන්‍ය පාරිභෝගිකයන් ඇතුලූව වැඩි පිරිසක් භාවිතා කරන්නේ මෙම SLT Entree සබඳතාවය බැවින් මෙම ගැටලූව ඔවුන් සියලූම දෙනා කෙරෙහි බලපායි.
මෙම ගැටලූවට විසඳුමක් ලෙස පහසුවෙන්ම SLT Home පැකේජයට මාරු වීමට හැකි සේ පෙනී ගියද සියලූ බදු සමග එම පැකේජයේ මාසික ගාස්තුව රු 2000.00 ක් පමණ වන බැවින් එයද ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයකි.

එබැවින් මේ පිළිබඳව සලකා බැලිමේදී වැඩි දෙනාගේ අදහස් අනුව පහත විකල්ප, යෝජනා ලෙස ඉදිරිපත් කල හැකිය.
1).SLT Entree පැකේජය සඳහා මසකට නොමිලේ භාවිතා කල හැකි සීමාව 2 GB දක්වා වත්
    වැඩි කිරීම.
    (පවතින අවම ගාස්තුව යටතේ (එනම් රු 500.00) ලැඛෙන නොමිලේ භාවිත කල හැකි සීමාව
     2GB දක්වා වැඩි කිරීම මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන්ට යම් වාසියක් සැලසෙනු ඇත.)
2).SLT Entree පැකේජයේ මාසික ගාස්තුව පහත දැමීම.
    (SLT Entree පැකේජයේ ගාස්තුව අවම වශයෙන් රු 300.00 ක් වැනි මුදලක් දක්වා වත් අඩුකිරීමෙන් ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට සහනයක් සැලසෙනු ඇත.)

 බොහෝ පිරිසක් අන්තර්ජාල පහසුකම් සඳහා ටෙලිකොම් අන්තර්ජාල සේවාව භාවිතා කරන බැවින් මේ පිළිබඳව එම ආයතනය විසින් ගන්නා තිරණ වත්මන් පරිශීලකයන්ගේ මෙන්ම ඉදිරියේදී මෙම සේවා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙකු කෙරෙහිද සෘජුවම බලපාන බැවින් ටෙලිකොම් ආයතනය පාරිභෝගිකයන් වෙනුවෙන් යම් සහනදායී පියවරක් අනුගමනය කිරීමට කටයුතු කල යුතුය යන්න මාගේ හැගීමයි.
 (කරුණාකර ඔබගේ අදහස් මෙහි සටහන් කර යන්න.)

Friday, January 29, 2010

බ්ලොග් එක වෙන තැනකට share කරන්න tab එකක් දාන්න කැමතිද?

ඔයාල දැකල ඇතිනෙ ගොඩක් බ්ලොග්ස් වල content එකට යටින් තියෙනවා share කියලා ටැබ් එකක්. ඒකෙන් පුලුවන් ඔයාල ලියන බ්ලොග්ස් facebook, tweeter වගේ තැන් වල post කරන්න. මේ පහල තියෙන්නෙ මගෙ බ්ලොග් එකෙන් ගත්ත ඉමේජ් එකක්.



ඉතිං ඔයාලත් අසද මේ වගේ share ටැබ් එකක් ඔයාලගෙ බ්ලොග් පොස්ට් එකට ඇඩ් කරගන්න? එහෙනම් කරන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි.

http://www.addtoany.com/
සයිට් එකට යන්න. එතන තියෙනවා පහල තියෙන විදිහේ ගැජට් එකක්.
 
එතන පොයින්ට් කලාම එන මෙනු එකෙන් ඔයාගෙ බ්ලොග් එකේ provider තෝරගෙන ඉතිරි උපදෙස් නිවැරදිව පිලිපදින්න. නිවැරදිව කලානම් ඔයාලගෙ බ්ලොග් සයිට් එකටත් ඒවගේ share tab එකක් ලැබෙයි.

(කෝකටත් කියලා ඔක්කොටම කලින් ඔයාගෙ බ්ලොග් එක බැකප් කරගත්ත‍නම් තමයි හොද. නැත්තම් මොකක්හරි වරදක් උනොත් බ්ලොග් එක අවුල් වෙන්නත් බැරිනෑ. මොකද කියනවනම් පහුගිය දවස් ටිකේ modification කරන්න ගිය අපේ යාලුවො කීපදෙනෙකුගේ සයිට් කොට උඩ ගියා කියලා තමයි ආරංචිය. අනික සයිට් එක backup කරගන්න එක කොහොමත් හොදයිනේ.)

Wednesday, January 27, 2010

ගූගල් වොයිස්.........

නම ඇසූ පමණින්ම ගූගල් වොයිස් යනු ගූගල් සමාගමේ තවත් එක් සේවාවක් පමණක් යැයි ඔබට සිතෙනු ඇත.
ගුගල් වොයිස් යනුවෙන් හැදින්වෙන්නේ එකවර දුරකථන කිහිපයක් සමග වැඩකිරීම ඉතා පහසුවෙන් ඉටු කරගත හැකි සේවාවකි.
 ඇමතුම් පමණක් නොව ඒ හරහා හඩ පණිවිඩ සේවවන් ආදියද පහසුවෙන් හාවිතා කල හැකිය. ගුගල් වොයිස් සේවාව වෙනුවෙන්ම සැකසුන Apps ජංගම දුරකථනයට ඇතුලත් කරගැනිමෙන් මෙම සේවාව නවීන ජංගම දුරකථන වලදී පහසුවෙන් ක්‍රියාත්මක කොට ගත හැක.
http://m.google.com/voice හරහා මෙම සේවාව අත්විදිය හැක.

Tuesday, January 26, 2010

බ්ලොග් කරුවෝ ජයටම කඩේ ගියෝය.......

හදිසියේම කඩාවැටුන මැතිවරණයත් සමගින් විවිධාකාර පාර්ශවයන් නොයෙකුත් ආකාරයේ ප්‍රචාරණ ක්‍රම භාවිතා කලහ. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවට කඩේ ගිය අතර විපක්ෂයේ අඩුපාඩු හැල්ලුවට ලක්කොට ඔවුන්ට මඩ, අපහාස නොයෙකුත් අසෝභන දැ කල කීහ. විපක්ෂයේ ඇත්තන්ගෙන්ද මීට වඩා යහපත් දෙයක් යොවු අතර ප්‍රධාන දෙපාර්ශවය දෙපසට වී එකිනෙකාට මඩ ගසාගත්හ. පුද්ගලික මධ්‍ය ආයතනද තමන් තෝරාගත් පුද්ගලයන් වෙනුවෙන් කඩේ ගියහ. ගැටලුවක් නැත. ඒ මේ ජරා දේශපාලනයේ හැටිය. ඔවුන් දෙපසට වී මහජනයාට පෙනෙන්නට බැන ගනිති. මඩ ගසති. හමුවු විට කිසිවක් නොවූ සේ සතුටු සාමීචියේ යෙදී කා බී විනෝදයෙන් ගත කරයි.යලි පරණ ක්‍රමයමයි. එසේ සිට අනෙකාගේ වැරැද්ද පෙන්නමින් තමා වෙත ජනතා කැමැත්ත ඉල්ලයි. අවසානයේදී එනකකු දිනයි. කෙසේ වුවද පරදින්නේ මහජනතාවය. වීරයෝ බලු වෙති. පුරුදු ජීවන රටාවට යොමු වෙයි.

මෙම ජනපතිවරණයේදී සිදුවු ‍දෑ කෙසේ වුවද අපට අදාල වූ එක් කරුණක් කෙරේ අවධානය යොමුකල යුතුව ඇත. SBU හි බොහෝ පිරිසක් තමතමාගේ විවිධාකාර දේශපාලන මතවාද ප්‍රකාශ කිරිමේ මුවාවෙන් ඔබ්බට ගොස් විවිධ පාර්ශව වෙත මඩ සැපයීමේ කාර්යය සදහා පෙලඹුන බව සියලු දෙනා පොදුවේ දුටු සත්‍යයයි. තමතමාගේ දේශපාලන මතවාද දැරීමේ අයිතිය අපට ඇත. ඒ ගැන ගැටලුවක් නැත. නමුත් අප බ්ලොග් කරුවන්ගේ සංසදය වශයෙන් එක්ව සිටීමේ මූලික අරමුණ මීට බොහෝ සෙයින් වෙනස්ය. එය පසෙක තබා ඇතැමුන් මෙසේ විවිධ පක්ෂ වල මඩ ප්‍රචාර වලට වාහක මාධ්‍යයක් විය යුතු යැයි ඔබ අනුමත කරන්නේද?

බ්ලොග් ලියන්නනි. කිසිවකු මෙසේ එකිනෙකා වෙනුවෙන් කඩේ යා යුතුද? මඩ සැපයිය යුතුද? අපේ අරමුණ විය යුත්තේ ඊට බොහෝ සෙයින් ඔබ්බට ගිය පරාර්ථකාමී හැගීමෙන් යුක්ත දෙයක් නොවේදී? අප බෙදිය යුතු නැත. ජන්දයක් අවසානයේ යමෙකු දිනයි. නමුත් අවසානයේ අප සියල්ලලෝම පෙර සේ එක්ව සුපුරුදු රටාව අනුව යා යුතුය. එබැවින් බුද්ධිමත් පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම ඔබේත් මගේත් සැබෑ වගකීමයි.

පක්ෂ දේශපාලනය වෙනුවෙන් කඩේ නොගිය(මඩ සැපයීමෙන් වැලකී සිටි) බ්ලොග් කරුවන්ට ...::eKicKs::... උපහාරය!!!!!!!

Tuesday, January 19, 2010

Install නැති ලෝකයක්.....


මෙච්චර කාලයක් අපි පරිගණකයකින් වැඩක් ගනිද්දි පාවිච්චි කරපු software වැඩි හරියක් මුලින්ම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ වුනානෙ. ඒක ඉතින් මොන වදයක්ද? සැරින් සැරේ දාන්නයි ඒවයෙ setup files හොයන්නයි ගියාම එපා වෙනවා. ඒ මදිවට ඒවා crack කරන්නයි වැඩ ගොඩයි. කැම්පස් එකේදි නම් වැඩ කරන්න software එකක් දාගන්න ගියාම admin ගෙ ගනන් බලන්නත් ඕනනෙ.
ඒත් දැන් ඒ කරදරයට හොද විසදුමක් තියෙනවා. ඒ තමයි portable software. Photoshop, Dreamweaver, Firefox වගේ දැනට ලොකයේ හාවිතා කරන ජනප්‍රිය මෘදුකාංග බොහොමයක් දැන් මේ ආකාරයට තියෙන නිසා කලින් කිව්ව කරදර නැතුව අපේ වැඩ පහසුවෙන් කරගන්න පුලුවන්. ගොඩක් වෙබ් අඩවි වල වේ මෘදුකාංග ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා.
 www.portableapps.com
කියන්නේ එ වගේ ජනප්‍රිය සයිට් එකක්. තව ඕන තරම් තියෙනවා.


Wednesday, January 6, 2010

Hand Phone එකෙන් Film එකක් බලන්න සෙටි වෙමුද?

(මේ ගැන මම කලිනුත් පොස්ට් එකක් දැම්මා හදිස්සියෙ දැම්මෙ. කැම්පස් එකෙන් ගෙදර දුවන්න බලාගෙන. මෙන්න වැඩිදුර විස්තර.)


ඔන්න මෙච්චර කාලයක් අඩුවකට තිබුණ ගැජට් එකකුත් දැං ‍මොබයිල් වලට ඇවිල්ලා. මතකද ගඩොල් කුට්ටියක් විතර අත් දුරකතන ආවට පස්සේ ගොඩක් අය එකතුවෙලා ඒක දියුණු කලා. කලු සුදු තිරේ වෙනුවට පාට පාට තිරයක් ආවා. ගේම්ස්, ඉන්ටර්නෙට් වගේ අමතර පහසුකම් වගේම කැමරාව රේඩියෝව රූපවාහිනී නැරඹීම වයිෆයි වගේ සෑහෙන තරම් විශාල පහසුකම් ගොන්නක්ම අපි අතේ ගෙනයන ‍මේ දුරකතනයට එකතු වෙද්දී ප්රරමාණයෙනුත් එන්න එන්නම පුංචි උනා වගේම බලවත් උනානෙ.


දැං ඒපාර ඔන්න තවත් ගැජට් එකකුත් ඇවිත්. ඒ තමයි ඔබේ දුරකථනයට සවිකල හැකි ප්රොදජෙක්ටර් එකක්. බය වෙන්න දෙයක් නෑ. මේක අපි දැකලා තියෙන සාමාන්යඔ ප්රොිජෙක්ටර් ‍තරම් විශාල නැහැ. සාක්කුවෙ දාගෙන යන්න පුලුවන්. පුදුමයි නේද? බලන්නකො මේ රූප දිහා.



දියුණු කරන්න පටන් අරන් සෑයෙන කාලයක් වුන මේ ගැජට් එක සාර්ථකව නිපදවලා ඔන්න දැං ‍වෙළදපොලට දානවලු. දුරකතනය ඇතුලතම සවිකල (Inbuilt/ Embeded) වගේම ඊට පිටතින් සවිකරන්න පුලුවන් (External) යන දෙආකාරයටම මේ උපකරණ නිපදවෙනවා. මොකද කියන්නේ. ඒ කියන්නෙ ඉස්සර වගේ පුංචි තිරයක ‍අතේ තියාගෙන මොනවා හරි බැලුවට වඩා ලේසියෙන් විශාල තිරයක බලාගන්න පුලුවන් වෙයි නේද? ඇදක පොඩි නැප් එකක් දානගමන් සිවිලිමට එල්ල කරලා වීඩියෝ එකක් බලන්න එහෙම දැන් ගේමක් නෑ. ලංකාවට ආවම මාත් එකක් ගන්න ඕන.

මෙන්න ලින්ක් එක. රවුමක් දාලා බලන්නකො. වීඩියෝ එහෙමත් තියෙනවා. වැඩ කරන හැටි එහෙමත් බලාගන්න පුලුවන්.

ජංගම දුරකතනයට ප්‍රොජෙක්ටරයක් සවි කරමුද?

ඔන්න යාලුවනේ ජංගම දුරකතනයට ප්‍රොජෙක්ටරයක් ඇවිල්ලා.




දැන් ඉතින් මෙනවා වෙයිද?
http://www.microvision.com/ ගිහිල්ලා බලන්නකෝ.
 මරු වැඩේ.

නොඉදුල් මල

සහසක් රැකවරණ මැද
සුපිපුනත් කටුපදුරු අග
පුංචි රෝසමලේ නුඹ....
කුමන වෙහෙසක්ද
ලං වන්නට නුඹ වෙතට
දහසක් වූ බඹර කැලට....

Monday, January 4, 2010

Laptop එකක් මිලදී ගන්නවාද?

අලුත් වෙන ලෝකෙත් එක්ක හැම දෙයක්ම පහසුවෙන් එහෙමෙහෙ ගෙනියන්න පුලුවන් උපකරණ වලට ලොකු ඉල්ලුමක් ‍තියෙන මේ වගේ කාලෙක lap top වලට ලොකු ඉල්ලුමක් තියෙනවානෙ. ඉතින් මං හිතුවා ඒ ගැන ටිකක් මොනව හරි ලිව්වොත් හොදයි කියලා. මොකද මේ දවස්වල ගොඩක් අය Desktop PCs අත ඇරලා දාලා හොද ලැප්ටොප් එකක් ගන්නනෙ බලන්නනෙ. අපේ සගයො ගොඩක් මේ දවස්වල ඔය ගැන උනන්දුයිනෙ.

ඇත්තටම lap එක්ක ගන්නවනම් මුලින්ම බලන්න ඇයි ඔබට lap එකක් ගන්න ඕන කියලා. නැතුව අනිත් අය ගන්න පලියටම හරි නැත්තම් trend එක ඒක නිසා හරි එහෙම ගන්න ඔබ පෙළඹෙනවනම් ඒක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද කියනවනම් ඇත්තටම Lap Top එකකට වියදම් කරන මුදලෙන් අඩක් වියදම් කලාම ඔබට ඊට වඩා Performance තියෙන Desktop PC එකක් හදාගන්න පුලුවන්. වැඩිපුරම ඉන්නෙ ගෙදර හෝ එකම තැනකනම් වඩා වටින්නෙ Desktop PC එකක් ගන්න එක තමයි.

Lap Top එකක් ගන්න ඕනෙනම් මුලින්ම බලන්න ඔබට මේ වෙනුවෙන් කොතරම් මුදලක් වැය කරන්න පුලුවන්ද කියලා. අද කාලෙ සාමාන්‍යයෙන් Core2Duo ප්‍රොසෙසර් එකක් (උදා:-Hp Compaq Presario 610)තියෙන ලැප්ටොප් එකක් රු 75000කට අඩුවෙන් ගන්න පුලුවන්. 2.0GHz හරි ඊට ටිකක් වැඩි Speed එකක්, 250GB පමණ Hard Disk Space සමග 2GB පමණ Ram එකක් මේ වගේ Laptop එකක් තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙන්නෙ ඔබේ එදිනෙදා වැඩ ටික කරගන්න නම් ඒ වගේ Lap එකක් හොදටම ඇති. (හැබැයි ඉතින් OS එකනම් Free හම්බවෙන්නෙ නෑ.)

හැබැයි ඔබ බලාපොරොත්තුව හොද performance තියෙන Lap Top එකක් නම් ඒ කියන්නෙ ඔබ Maya වගේ software එක්ක වැඩ කරනවානම්, ඔබේ Lap Top එකේ මේ software පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔබට සිද්ධ වෙනවා ටිකක් ලොකු මුදලක් මේ වැඩේට යට කරන්න. මොකද මේ වගේ Lap එකක් වෙළදපොලේ අඩුම මිල රු 115000 ක් පමණ වෙනවා. (උදා:- HP Pavilion Series) Processor එක Core2Duo 2.5GHz with 2MB Cache එකක්වත් වෙන්න ඕන. ඒ වගේම 512MB තරමෙවත් Separate Graphics Adapter එකක් තියෙන්නත් ඕන. Ram එක 4GB තියෙනවානම් ගොඩක් හොදයි. (අනික මෙහිදි තියෙන වාසිය තමයි මේ වගේ Laptop එකක් ගන්නකොට Legal OS එක, ඒ කිව්වෙ නීත්‍යානුකූල ඔපරේටිං සිස්ටම් එකකුත් එක්ක තමයි මේ වගේ Laptop එකක් එන්නෙ.)

ඊලග වැදගත්ම දේ තමයි ලබාදෙන වගකීම කොතරම්ද කියන එක. International Warranty එකක් නම් ගොඩක් දුරට අවුරුද්දක් තමයි ලැබෙන්නෙ. සමහරු Advertise කලාට 3 years warranty දෙනවා කියලා ‍හොදට හොයලා බැලුවොත් කියයි දෙවනි අවුරුද්දෙ ඉදන් දෙන්නෙ service warranty එක විතරයි කියලා. ඒ කියන්නෙ අලුතෙන් මොකක්හරි කොටසක් අලුතෙන් දාන්න වුනොත් ඒකට ගෙවන්න වෙනවා. ඒ නිසා මිලදී ගන්න පෙර ඒ ගැන හොදට හොයලා බලන්න. නැත්තම් ගොඩක් වෙලාවට ඔබ නොදැනුවත් කමින්, වෙළදුන් විසින් වෙනස් කරපු එකකට අහුවෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි.

අපේ රටේ වෙළද පොලේදී මිලදීගන්න පුලුවන් හොදම වර්ග වල Laptop වර්ග විදියට HP, DELL, Compaq, Toshiba තමයි ගන්න පුලුවන්. Acer ගැනනම් එතරම් හොද අදහසක් ගොඩක් දෙනා අතර නැහැ.
කොහොම උනත් ඔබ අද හෙටම Lap එකක් ගන්න බලාගෙන ඉන්නවානම් හදිසි නොවී හොදට හොයලා බලලා මිලදී ගන්න. නැත්නම් අවසානයේදි මුදලුත් නාස්ති කරගෙන හැමදාම repair කරන්න දුව දුවා ඉන්න වෙයි.