Friday, February 17, 2012

ඔන්න ඔහොමලු කෝච්චියක් බස් එකක් පස්සෙන් එලෙව්වේ...

        හප්පේ මේ දවස් වල පුදුම බිසියක් තියෙන්නේ! තුනෙ පන්තියෙන් උඩහට පාස් කරන විභාගෙ නොවැ. 

     ස්ටඩී ලීව් කියල හම්බුවුන කාලේ සතියක් දෙකක් තිස්සේ ගෙදර ඉඳලා, රට වටේ රවුම් ගහල ඔන්න කට ගාවටම විභාගෙ ආවට පස්සේ තමයි කැම්පස් එක මතක්වුනේ. එදා උදේ 8 ට ඩිස්කෂන් එකක් තියෙනවා කියලා හැමදාම යන යාලුවත් එක්ක සුපුරුදු බස් එකේ කැම්පස් යන්න කියලා මහපාන්දර 5ට පාරට ආව ඔන්න.

     කොල්ලා හැම සතියෙම කැම්පස් යන්න පුරුදු වෙලා ඉන්නෙ පානදුර-මඩකලපුව බස් එකේ. ඒක හොරණට එන්නේ උදේ 5.20ට විතර. හැමදාව වගේ ඉතින් තාත්තා වාහනයෙන් ටවුමට ගෙනල්ලා දානවා. ටවුන් එකට ආවත් හරි ඔන්න ආවා කියහන්කෝ පුංචි මෙවුවා එකක්. පොඩි වුවමනාවකට යන්න ඕන කමක්. බස් එකේත් තව පැය හතරක් ඉන්න එපැයි. ටවුන් එකේ තියෙන පොදු ස්ථානෙත් ටික දවසක් ඉඳලා වහල හින්දා එකම විසඳුම වුනේ පාලු පාරක් තමයි. පොද වැස්සත් එක්ක. 

    හෙමින්ම ගිහිල්ලා වැඩේත් ඉවර කරලා විනාඩියෙන් ආපහු බස් නැවතුම්ලට එන්න ආවා කියමුකෝ. 

      අම්මටසිරි මෙන්න බස් එක අදිනවා. පස්සෙන්ම දිවුවත් නැවැත්තුවේ නැහැ. කෙහොමත් ඔය යකා ජෙට් එක වගේ තමා. එකෙක් බස් එකෙන් බිමට වැටුනත් ආයෙ නවත්තන්නේ හැතැක්මත් විතර ගිහිල්ලා. 

       මලකෙලියයි. දැන් ඉතින් ඊගාව බස් එකට තව පැයක් විතර ඉන්න බැහැනේ. එකම විසඳුමයි තිබ්බේ. 

පැන්නා පාරට. ඒ වෙලාවේ පාරේ ආපු බයික් එකකට අත දැම්මා. මගේ වෙලාව කියන්නේ බයික් එකත් නැවැත්තුවා.

        "අනේ අයියේ බස් එක මිස් වුනා අල්ලල දෙන්නකො." 

      "අල්ලගන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ. ආ හරි හරි. කමක් නැහැ. බලමු.  නගින්නකො." 
කියන්න කලින්ම මම බයික් එකේ වාඩි වෙලත් ඉවරයි.

අයියත් ඕන්න පුලුවන් උපරිම රේස් කරලා යන්න පුලුවන් උපරිම වේගයෙන් යන්න පටන් ගත්තා.

 මල සේක මේක මදුරුවෙක්නේ. :O

       සෙල්ලංද කොල්ලො කිවුවලු ලොන්සින් 48 එකකින් ගිහිල්ලා කෝමද ජෙට් එකක් වගේ පියාඹන බස් එකක් අල්ලන්නේ. හැබැයි අයියත් අත අරින්නේ නැහැ. යන්න පුලුවන් උපරිම රේස් කරලා යනවා. බස් එක ඈතින් පේනවා ආය නොපෙනී යනවා. දැන්නම් ෂුවර් මේක මේ කපේදි නවත්තගන්න නම් වෙන්නේ නැහැ. 

     ඩබල් දාලා 48 එකක් බස් එකක් එක්ක මොන රේස් යාමක්ද? ඒ මදිවට මට හෙල්මටුත් නැහැ. බෑග් එක පිටේ එල්ලගෙන ලැප් බෑග් එක අතේ. පොදවැස්සේ වැරදිලා හරි බයික් එක ලෙස්සුවොත් ඉතින් ආයේ පැණි බේරෙනවා. මල්ලිට වෙච්ච වැඩේම තමා වෙන්නේ ආයෙ ඒතෙ දෙකක් නැහැ.

         කරන්න දෙයක් නැහැ. ගත්තා බස් එකේ ඉන්න එකෙක්ට කොල් එකක්.

"මචන් බස් එක මිස් වුනා. මං මේ පිටිපස්සේන් එනවා බයිස් එකක. පොඩ්ඩක් කොන්දට කියපන් නවත්තන්න කියලා." 

"ආ හරි හරි මචන්."

  හරි දැන් ඉතින් වැඩේ ගොඩනේ. ඔන්න ඉතින් අපි යනවා. ම්හු බස් එක පෙන්නවත් නැහැ. කිලෝමීටරයක් විතර ගියා පේන පාටක්වත් නැහැ.   ගත්තා ආයෙ කෝල් එකක්. 

"මචන් බස් එක කොයි හරියෙද නවත්තලා තියෙන්නේ."

"ආ බස් එක හෙමින් යන්නේ බං ඉක්මනට වරෙන්..."

"යකෝ.... පොඩ්ඩක් නවත්තන්න කියහන් මම ලඟම එනවා.."

"ආ හරි හරි..."

කොහොම හරි දැන් ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර බස් එක පස්සෙන් එලවලා. ඔන්න අරූ ආයේ කොල් කරනවා. 

"මචන් බස් එක නැවැත්තුවා. ඉක්මනට වරෙන් බන්. නැත්තං මට චාටර් එක."

"හරි බං මේ එනවා."

ඔන්න එතකොටම පේනවා බස් එක නවත්තලා තියෙනවා. 

"ආ හරි බං මට බස් එක පේනවා. මචං මේ එනෝ..."

     කොහොම හරි අන්තිමට බස් එක පස්සේ හෙන වෙලාවක් ඔට්ටු අල්ලලා බස් එකට. ඒ වෙලාවෙ උදව්කරපු මනුස්සයගේ නම ගමවත් අහගන්න උනේ නෑ. අන්තිම මොහොතෙ අහගත්තේ ඒ මනුස්සයා වැඩ කරන තැන විතරයි. දැන් පොඩ්ඩක් හොයල බලන්න ඕන. කෝම වුනත් ඒ වෙලාවෙ තමන් යන්න ගිය ගමන පැත්තක දාලා මට බස් එක අල්ලගන්න උදව් වුන ඒ සොයුරට ගොඩාක් පින්. අද කාලෙ එහෙම උදව්වක් දෙන අය ඉතින් අඩුයිනේ.

ඔන්න ඔහොමලු කෝච්චියක් බස් එකක් පස්සෙන් එලෙව්වේ...  :D