Monday, February 22, 2010

(නොලැබෙයිද) ආදරය.....

අරුණලු කැලුම් ගෙන
හිරු මඩල නැගෙන සද
කැකුලු හිනැහෙන සීත උදයේ
නුඹේ සුන්දර වත කමල
 නෙතු ගැටෙන ඇසිල්ලෙහි
මා සිතට නැගෙන්නේ ආදරය බැව්
සත්තයි....
නුඹේ දෙනෙත අභිමුවෙහි
මා සිත ගොලු වී
මුවින් පිට නොවන
හැගුම් පෙල
ආදරය නොවේ නම්.........

4 comments:

  1. ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  2. වෙන කිමද ? ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

    ReplyDelete
  3. ආදරය තරම්, හිතට කවි සිතුවිලි මවන...දෙයක් තව වෙයිද...

    මාත් ඉන්නේ..නොලැබෙයිද කියලා.බයෙන් තමයි. හිහ්..හිහ්..හී..

    ReplyDelete