සන්නිවේදන කුලුණු, එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න විදියට දුරකථන කුලුණු ඔබ අපි කවුරැත් අනන්තවත් දැක තිබෙන දෙයකි. මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට එයින් ලැබෙනුයේ අති මහත් සේවාවක්. ආසියාතික රටවල් අතුරෙන් වඩා හොද සන්නිවේදන පහසුකම් ඇති රටවල් කිහිපය අතරට අපේ රටද එක් වීමට සෘජුවම වගකිව යුතු, ජංගම සන්නිවේදන සබදතා හෙවත් Mobile Conections සපයන සේවා සපයන්නන්ගේ මෙවැනි කුලුණු රාශියක් ගොඩනැගිලි මුදුන්වල, කදු මුදුන්වල, තැනිතලා, වනපෙත් ආදී මෙනි නොකී බොහෝ ස්ථාන රැසකදී අප රට පුරාම දැකගත හැකියි.(කෙසේ වුවද ශ්‍රීලංකාවේ සන්නිවේදන පහසුකම් අනෙකුත් ආසියානු රටවල් සමග සසදද්දීනම් කිසිසේත් සතුටු විය නොහැකි බව සදහන් කරනු කැමැත්තෙමි.)
විද්‍යුත් වශයෙන් ලෝකයේ මුල් වරට සන්නිවේදන කුලුණු ඉදි වෙන්නේ 1844දී තරම් ඈතකදීය. සැමුවෙල් මෝර්ස් විසින් සුප්‍රසිද්ධ “මෝස් සංඥා ක්‍රමය” ලොවට හදුන්වා දීමත් සමග ඇතිවන අවශ්‍යතාවයක් උදෙසායි. මේවා රැහැන් සහිත සම්බන්ධතාවයන් වූ අතර මුල් වරට රැහැන් රහිත සන්නිවේදන ක්‍රමයක් ලොවට ඉදිරිපත් කලේ සුප්‍රකට “ගුග්ලි එල්මෝ මාර්‍කෝනි” විසිනි. මෙම ක්‍රමය ජනප්‍රිය විමත් සමග ලොව පුරා රේඩියෝ හෙවත් වෑර්ලස් සේවාවන් සදහා රැහැන් රහිත කුලුණු ඉදිවීම ආරම්භ විය. ජංගම දුරකථන සේවා සදහා මුල් වරට කුලුණක් ඉදිවන්නේ 1947 දී පමණ යුගයේදීය. ලංකාවේදී මුල් වරට ජංගම සන්නිවේදන සේවාවන් ආරම්භ වූයේ කිනම් කාලයකදැයි නිවැරදිව සොයා ගැනීමට කතෘට නොහැකි විය. දන්නා අයෙකු එය මෙහි සටහනක් ලෙස යෙදිය හැකිනම් අගනේය.
දැනට සන්නිවේදන සේවා සපයන ආයතන හයක් පමණ අප රට තුල ක්‍රියාත්මක වන අතර එම සමාගම් වලට අයත් මෙවැනි කුලුණු 6000කට ආසන්න සංඛ්‍යාවක් රට පුරාම ඉදිවී ඇත. මෑත කාලයේදී රටේ ඇතිවෙමින් තිබෙන සන්නිවේදන සේවා සැපයීමේ තරගකාරි බව හේතු කොටගෙන මෙම කුලුණු විශාල ප්‍රමාණයක් ඉතා කෙටි කලක් තුල රට පුරා ඉදි කෙරිණි. වසර 2006 වන විට රට තුල තිබූ කුලුණු සංඛ්‍යාව 3200 පමණ වූ බව ගණන් බලා ඇති අතර මේ වන විට එය දෙගුණයක් වි ඇති බව පෙනේ. මේ අනුව බලන කල වසර තුනක් වැනි කෙටි කලකදී රට තුල සන්නිවේදන කුලුණු සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර ඉන් හැගෙනුයේ ආවරණය වන ප්‍රමාණය ඉති විශාල ලෙස වැඩිවී ඇති බවයි. මේ වන විට යාපනය අර්ධද්වීපය ඇතුලු උතුරැ නැගෙනහිර බොහෝ ප්‍රදේශ රාශියකටද සන්නිවේදන පහසුකම් ලැබෙමින් පවතින අතර වසර 2010 අවසාන වන විට කුලුණු සංඛ්‍යාව 10000කට ආසන්න වනු ඇති බව මෙයින් පැහැදිලි වේ.
කෙසේ වුවද මේ ආකාරයට ඉවක් බවක් නැතිව රට පුරාම මෙසේ කුලුණු ඉදිකිරිම නම් ගැටලු සහගත බවයි බොහො දෙනෙකුගෙ මතය. මේ නිසා අකුනු හරවා යවන බවත් නොසිතු විරැ ලෙස ඇතැම් ප්‍රදේශ වල මෙම කුලුණු ඉදි කිරීම නිසා හම ප්‍රදේශ වලට අකුණු ඇද එන බව බොහෝ අයෙකු ප්‍රකාශ කරති. කෙසේ වුවද මෙය විද්‍යාත්මකව නම් අසත්‍යයක් වන අතර එසේ කිසිදු ආකාරයකින් අකුණු ඇද ගැනීමක් හෝ හරවා යැවීමක් නොවන අතර අකුණු නිවාරණය කිරීම පමණක් සිදුවන බව ලිපියේ කතෘ අසා ඇති මතයයි.
තවත් එක් මතයක් වන්නේ මෙම කුලුණු නිසා සත්වයින්ට සෞඛ්‍යමය බලපෑම් ඇතිවන බවයි. මෙයින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා මෙවැනි කණු ආශ්‍රිතව දිවි ගෙවන පුද්ගලයන්ට විවිධ හානි ඇතිවන අතර ඒ අතර විවිධ මානසික ආබාධ, ශ්‍රවණ ආබාධ, කළල ගබ්සා වීමි, අංගවිකල දරැ උපත් ආදිය වන බව යම් යම් අය ප්‍රකාශ කරනු මෙම ලිපියේ කතෘ අසා ඇත. (කෙසේ වුවද මෙහි විද්‍යාත්මක සත්‍ය බව ගැන කතෘවරයාටද ගැටලු සහගත බවක් ඇත. එබැවින් එය සංවාදයට විවෘත කරමි.) මෙවැනි මත නිසා බොහෝ විට මෙවැනි කුලුණු පිහිටා ඇති ඇතැම් ප්‍රදේශ වල අවට ඉඩම් ආදියෙහි මිල නම් අඩු බව අත් දැක තිබේ.
මේ පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිලිබදව දරන මතයයි.
The World Health Organisation’s current advice is:
“None of the recent reviews have concluded that exposure to RF fields from mobile phones and their base stations cause any adverse health consequences.”
මීට අමතරව මෙම ආශ්‍රිත ප්‍රදේශ වල කාමි සතුන්ගේ හැසිරිම් රටාවන්ද වෙනස් වන බව ඇතැම් අය ප්‍රකාශ කරනු දැකිය හැක. මි මැස්සන් ආදී කෘමින් මෙම ප්‍රදේශ අත හැර යන බවත් ගස් වැල් වල පලදාව අඩු වන බවත් ආදී හේතු ප්‍රකාශ කරන පුද්ගලයන් කිහිපදෙනෙකු සමග අදහස් හුවමාරැ කරගැනීමටද කතෘවරයාට අවස්ථාව ලැබිණි.
බොහෝ විට අත් දැක ඇති කරැණක් මෙහිලා සදහන් කල යුතුය. ජාත්‍යන්තර සම්මත රීතින් අනුව මිටර 500ක අරයක් ඇති ප්‍රදේශයක මෙවැනි කුලුණු පිහිටිය හැක්කේ එකම එකක් පමණයි. නමුත් අප රට තුල ඇති තත්වය ඉතා කණගාටුදායකය. එක ස්ථානයේම කණු තුන හතරක් ඇති අවස්ථා මෙරට තුල බහුලය. බොහෝ විට සමාගම් ආර්ථික වාසි තකා මෙසේ කණු ඇති තැන්වලද අලුතෙක් ඉදිකරන බව නම් පෙනේ. ඔවුන් පවසන්නේ තදබදය අඩුකරගැනීමට මෙසේ කරන බවයි. මෙසේ ඉවක් බවක් නැතිව කරන ඉදිකිරීම් නිසා (විශේෂයෙන් වනපෙත් ආශ්‍රිතව) ස්වභාවික සෞන්දර්යය කෙරෙහිනම් බලපෑම් ඇති වන බව පෙනේ. එහි සත්‍ය අසත්‍ය බව තීරණය කිරීම පාඨකයාගේ අයිතියයි.
මෙහි සදහන් කරුණු ඇතැම් ඒවා බාහිර පරිසරයෙන් ලබා ගත් අතර ඒවා කතෘගේ පුද්ගලික අදහස් නොවන බව සලකන්න.
සංවාදයට විවෘතය.
මට නං තේරිච්ච දේ තමයි හැම කන්දක් මුදුනෙම කණු ගහලා තියෙන නිසා ස්වභාවික සෞන්දර්යයට විශාල හානියක් වෙලා කියලා. ඒ විතරක් නෙමෙයි, රූපවාහිනී හෝ ගුවන්විදුලි කුළුණක් නම් එය අවට ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් කරනවා. ඒකෙන් සංචාරකයන්ට (දේශිය) වත් නිදහසේ කඳු මුදුනක් බලාගන්න බෑ.
ReplyDeleteokata karana tiyene company kipayak ekathuwela tower share karagana eka.
ReplyDeleteසහතික ඇත්ත ඉන්දරේ... මේ කණු හින්දා සෑහෙන්න ලොකු හානියක් වෙනවා. මෙහෙම ගියොත් නම් අපිට කදු මුදුන් නෙමෙයි කණු මුදුන් තමයි බලන්න වෙන්නෙ...
ReplyDeleteඔව් ඔව් ඇත්ත කතාව..නැතුවත් බැරි ඇතුවත් බැරි සන්නිවේදන කුලුණු.....
ReplyDeleteඔව් කතාව ඇත්ත . මීලග පරිසර ඇමතිත් දැනගත්තොත් හොදයි.
ReplyDeleteIn addition to Marconi, two of his contemporaries Nikola Tesla and Nathan Stufflefield took out patents for wireless radio transmitters. Nikola Tesla is now credited with being the first person to patent radio technology; the Supreme Court overturned Marconi's patent in 1943 in favor of Tesla.
ReplyDelete@Hasithahands..
ReplyDeleteඑක වරක් කතා බහක්නම් ගියා වර්ග කි.මී 4ක් ඇතුලත එක කණුවයි කියලා.. දැන්නම් ඒක මතක නැතුව ඇති....
@ Danfun
ReplyDeleteThank u very much for the info, friend...It will more helpful to our readers....
දීයුණුව කියන්නේ ඔකනේ...........
ReplyDeleteවර්ග කිලෝමීටරයට කණු කියද කියන එකත් සමහර විටදියුණුව මනින ක්‍රමයක් වෙන්න ඇති
මට මතක හැටියට TRC එකෙන් යෝජනාවක් ගෙනවා කණු වල අයිතිය ඒකට පවර ගෙන එක කණුවක් ඔක්කොම providers ලා පාවිච්චි කරන්න. අනිත් හැම දේම වගෙ ඒකත් පොතට විතරයි වගේ.
ReplyDeleteමමනම් දන්න විදියට ඔය කුළුණු වලින්,අකුණු සැර නිසා කිසියම් හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. කොහොමත් ඔය කුළුණු සවි කිරීමේදී අකුණු සන්නායක සවි කරනවානේ, එයින් අකුණ භූගත කිරීමක්නේ වෙන්නේ. ඒ අවස්ථාවේදි ඔය කුළුණුට විදුලිය සපයන විදුලි කම්බි වලට ඔය ඉලෙක්ට්‍රෝන එකතු වීමේ හැකියාවක් තියෙනවා. ඒ අධික විදුලි ධාරාව ප්‍රධාන රැහැන් පද්ධතියට එකතු වෙලා අහළ පහළ ගෙවල් වලට හානි සිදුවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ හානි වළක්වාගන්න ක්‍රමයක් තමයි surge protectors කියන්නේ. සමහර තැන්වල නම් ඔය කුළුණු සඳහා generators විකල්පයක් විදියට පාවිච්චි කරනවා.....................
ReplyDeleteකාලීන වශයෙන් ඉතාම වැදගත් මාතෘකාවක් සාකජ්ඡාවට බඳුන් කිරීම ගැන පළමුව කතෘට ස්තූතිය පුද කරමි. ඇත්තට ම මෙම සන්නිවේදන කුලුණු නිසා අකුණු අවදානමක් තිබෙනවාද යන්න ගැන තවදුරටත් පැහැදිලි කල හැකිනම් අගය කොට සලකමි.
ReplyDeleteow .. saththu apita wada iwen weda karana jathiyak ... hondama udaharanaya wawula ... me wage saththunta me tharanga karadarayak
ReplyDeleteඅකුණු විසි කරනවා කියන එක නම් බොරුවක්. හැම කණුවකම මුදුනට වෙන්න අකුණු සන්නායකයක් තියෙනවා. අකුණ පොලොවට සන්නයනය(අර්ත් කරන) කරන විශේෂ තඹ කම්බිය සමග ජාතික විදුලි බල පද්ධතියේ කිසිදු රැහැනක් සම්බන්ධ වෙන්නේ නෑ. එම නිසා ජාතික විදුලි බල පද්ධතියේ විදුලිය අධික ලෙස වැඩිවීමක් සිදුවීමට හැකියාවක් නෑ. නමුත් අකුණක් මගින් ඇතිවෙන electro magnetic pulse එක මගින් නම් යම් හානියක් විද්‍යුත් උපකරණ වලට ඇතිවෙනවා.
ReplyDelete