Saturday, April 17, 2010

සන්නිවේදන කුලුණු හොඳද නැද්ද?

FACT SHEET
සන්නිවේදන කුලුණු, එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න විදියට දුරකථන කුලුණු ඔබ අපි කවුරැත් අනන්තවත් දැක තිබෙන දෙයකි. මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට එයින් ලැබෙනුයේ  අති මහත් සේවාවක්. ආසියාතික රටවල් අතුරෙන් වඩා හොද සන්නිවේදන පහසුකම් ඇති රටවල් කිහිපය අතරට අපේ රටද එක් වීමට සෘජුවම වගකිව යුතු, ජංගම සන්නිවේදන සබදතා හෙවත් Mobile Conections සපයන සේවා සපයන්නන්ගේ මෙවැනි කුලුණු රාශියක් ගොඩනැගිලි මුදුන්වල, කදු මුදුන්වල, තැනිතලා, වනපෙත් ආදී මෙනි නොකී බොහෝ ස්ථාන රැසකදී අප රට පුරාම දැකගත හැකියි.(කෙසේ වුවද ශ්‍රීලංකාවේ සන්නිවේදන පහසුකම් අනෙකුත් ආසියානු රටවල් සමග සසදද්දීනම් කිසිසේත් සතුටු විය නොහැකි බව සදහන් කරනු කැමැත්තෙමි.)
විද්‍යුත් වශයෙන් ලෝකයේ මුල් වරට සන්නිවේදන කුලුණු ඉදි වෙන්නේ 1844දී තරම් ඈතකදීය. සැමුවෙල් මෝර්ස් විසින් සුප්‍රසිද්ධ මෝස් සංඥා ක්‍රමය ලොවට හදුන්වා දීමත් සමග ඇතිවන අවශ්‍යතාවයක් උදෙසායි. මේවා රැහැන් සහිත සම්බන්ධතාවයන් වූ අතර මුල් වරට රැහැන් රහිත සන්නිවේදන ක්‍රමයක් ලොවට ඉදිරිපත් කලේ සුප්‍රකට ගුග්ලි එල්මෝ මාර්‍කෝනි විසිනි. මෙම ක්‍රමය ජනප්‍රිය විමත් සමග ලොව පුරා ‍රේඩියෝ හෙවත් වෑර්ලස් සේවාවන් සදහා රැහැන් රහිත කුලුණු ඉදිවීම ආරම්භ විය. ජංගම දුරකථන සේවා සදහා මුල් වරට කුලුණක් ඉදිවන්නේ 1947 දී පමණ යුගයේදීය. ලංකාවේදී මුල් වරට ජංගම සන්නිවේදන සේවාවන් ආරම්භ වූයේ කිනම් කාලයකදැයි නිවැරදිව සොයා ගැනීමට කතෘට නොහැකි විය. දන්නා අයෙකු එය මෙහි සටහනක් ලෙස යෙදිය හැකිනම් අගනේය.
 දැනට සන්නිවේදන සේවා සපයන ආයතන හයක් පමණ අප රට තුල ක්‍රියාත්මක වන අතර එම සමාගම් වලට අයත් මෙවැනි කුලුණු 6000කට ආසන්න සංඛ්‍යාවක් රට පුරාම ඉදිවී ඇත. මෑත කාලයේදී රටේ ඇතිවෙමින් තිබෙන සන්නිවේදන සේවා සැපයීමේ තරගකාරි බව හේතු කොටගෙන මෙම කුලුණු විශාල ප්‍රමාණයක් ඉතා කෙටි කලක් තුල රට පුරා ඉදි කෙරිණි. වසර 2006 වන විට රට තුල තිබූ කුලුණු සංඛ්‍යාව 3200 පමණ වූ බව ගණන් බලා ඇති අතර මේ වන විට එය දෙගුණයක් වි ඇති බව පෙනේ. මේ අනුව බලන කල වසර තුනක් වැනි කෙටි කලකදී රට තුල සන්නිවේදන කුලුණු සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර ඉන් හැගෙනුයේ ආවරණය වන ප්‍රමාණය ඉති විශාල ලෙස වැඩිවී ඇති බවයි. මේ වන විට යාපනය අර්ධද්වීපය ඇතුලු උතුරැ නැගෙනහිර බොහෝ ප්‍රදේශ රාශියකටද සන්නිවේදන පහසුකම් ලැබෙමින් පවතින අතර වසර 2010 අවසාන වන විට කුලුණු සංඛ්‍යාව 10000කට ආසන්න වනු ඇති බව මෙයින් පැහැදිලි වේ.
කෙසේ වුවද මේ ආකාරයට ඉවක් බවක් නැතිව රට පුරාම මෙසේ කුලුණු ඉදිකිරිම නම් ගැටලු සහගත බවයි බොහො දෙනෙකුගෙ මතය. මේ නිසා අකුනු හරවා යවන බවත් නොසිතු විරැ ලෙස ඇතැම් ප්‍රදේශ වල මෙම කුලුණු ඉදි කිරීම නිසා හම ප්‍රදේශ වලට අකුණු ඇද එන බව බොහෝ අයෙකු ප්‍රකාශ කරති. කෙසේ වුවද මෙය විද්‍යාත්මකව නම් අසත්‍යයක් වන අතර එසේ කිසිදු ආකාරයකින් අකුණු ඇද ගැනීමක් හෝ හරවා යැවීමක් නොවන අතර අකුණු නිවාරණය කිරීම පමණක් සිදුවන බව ලිපියේ කතෘ අසා ඇති මතයයි.
තවත් එක් මතයක් වන්නේ මෙම කුලුණු නිසා ‍සත්වයින්ට සෞඛ්‍යමය බලපෑම් ඇතිවන බවයි. මෙයින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා‍ මෙවැනි කණු ආශ්‍රිතව දිවි ගෙවන පුද්ගලයන්ට විවිධ හානි ඇතිවන අතර ඒ අතර විවිධ මානසික ආබාධ, ශ්‍රවණ ආබාධ, කළල ගබ්සා වීමි, අංගවිකල දරැ උපත් ආදිය වන බව යම් යම් අය ප්‍රකාශ කරනු මෙම ලිපියේ කතෘ අසා ඇත. (කෙසේ වුවද මෙහි විද්‍යාත්මක සත්‍ය බව ගැන කතෘවරයාටද ගැටලු සහගත බවක් ඇත. එබැවින් එය සංවාදයට විවෘත කරමි.) මෙවැනි මත නිසා බොහෝ විට මෙවැනි කුලුණු පිහිටා ඇති ඇතැම් ප්‍රදේශ වල අවට ඉඩම් ආදියෙහි මිල නම් අඩු බව අත් දැක තිබේ.
මේ පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිලිබදව දරන මතයයි.
The World Health Organisation’s current advice is:
“None of the recent reviews have concluded that exposure to RF fields from mobile phones and their base stations cause any adverse health consequences.”
මීට අමතරව මෙම ආශ්‍රිත ප්‍රදේශ වල කාමි සතුන්ගේ හැසිරිම් රටාවන්ද වෙනස් වන බව ඇතැම් අය ප්‍රකාශ කරනු දැකිය හැක. මි මැස්සන් ආදී කෘමින් මෙම ප්‍රදේශ අත හැර යන බවත් ගස් වැල් වල පලදාව අඩු වන බවත් ආදී හේතු ප්‍රකාශ කරන පුද්ගලයන් කිහිපදෙනෙකු  සමග අදහස් හුවමාරැ කරගැනීමටද කතෘවරයාට අවස්ථාව ලැබිණි.
බොහෝ විට අත් දැක ඇති කරැණක් මෙහිලා සදහන් කල යුතුය. ජාත්‍යන්තර සම්මත රීතින් අනුව මිටර 500ක අරයක් ඇති ප්‍රදේශයක මෙවැනි කුලුණු පිහිටිය හැක්කේ එකම එකක් පමණයි. නමුත් අප රට තුල ඇති තත්වය ඉතා කණගාටුදායකය. එක ස්ථානයේම කණු තුන හතරක් ඇති අවස්ථා මෙරට තුල බහුලය. බොහෝ විට සමාගම් ආර්ථික වාසි තකා මෙසේ කණු ඇති තැන්වලද අලුතෙක් ඉදිකරන බව නම් පෙනේ. ඔවුන් පවසන්නේ තදබදය අඩුකරගැනීමට මෙසේ කරන බවයි. මෙසේ ඉවක් බවක් නැතිව කරන ඉදිකිරීම් නිසා (විශේෂයෙන් වනපෙත් ආශ්‍රිතව) ස්වභාවික සෞන්දර්යය කෙරෙහිනම් බලපෑම් ඇති වන බව පෙනේ. එහි සත්‍ය අසත්‍ය බව තීරණය කිරීම පාඨකයාගේ අයිතියයි.
මෙහි සදහන් කරුණු ඇතැම් ඒවා බාහිර පරිසරයෙන් ලබා ගත්  අතර ඒවා කතෘගේ පුද්ගලික අදහස් නොවන බව සලකන්න.
සංවාදයට විවෘතය.

Sunday, April 4, 2010

අපේ කාලේ යතිවරයාණෝ...... අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි......

ඔබ සැමට මතක ඇති අපේ දේශය අවදි කරන්නට හඩ නැගු අපේ ගරු ගංගොඩවිල සෝම හිමියන්ව. උන් වහන්සේව ඉතා සුක්ෂම ලෙස සැලසුම් කර අපවත් කරන ලද බව තමයි බොහෝ දෙනාගෙ පිලිගැනීම.. මේ ඡායාරෑප මට ඊමේලයක් මගින් ලැබුනෙ. බලන්නකො....