Saturday, October 15, 2011

මාලු කරවල රස කර කර කනවද?

         කෝ බලන්න කී දෙනෙක් ඉන්නවද? අත් උස්සන්න බලන්න. :O අම්මෝ සෑහෙන්න ඉන්නව වගේ ;) හරි හරි දැන් අත පහල දාන්ඩෝ.. මේ මොකද කටවල් ඇරගෙන? :D හහ් හහ් මේ කියන්න ලෑස්තිවෙන්නේ මාලු කරවල කන හැමෝම දැනගන්න ඕනෙ කියල හිතෙන කතන්දරයක්... ම්ම්ම්... මංනං ඉතින් කරවල මාලු එහෙම කන්නෙම නැති තරං. :) මොකක්? නැහැ නැහැ වෙජි නෙමෙයි අයියෝ. එග්ටේරියන් :D බිත්තර කනවනෙ. ;) මං නොකෑවට කමක් නැහැ ඔයාල කන නිසා කතන්දරේ කියන්නම්කො. 
ඔය පේන්නේ බත්තලංගුණ්ඩුව තමා
        පහුගිය දොහොක අර කෙහෙම්මල් විබාග බීතිකාව කාරිය අහවර උනායින් පස්සේ අපේ යාලුවෝ ටික සෙට් වුනානෙ පංකාදු ගමනක් යන්ඩ. හරිම සුන්දර ගමනක්. බෝම කාලයක් තිස්සෙ තැග්ගැහි ගැහි ඉඳලා තමා යන්ඩ කියල කතාකොරගත්තේ. කල්පිටියෙනුත් හැතැම්ම දහයක් විතර ඈත මහමූදෙ තියෙන දූපතක් බත්තලංගුණ්ඩුව කියලා. අහලත් ඇති මයෙ හිතේ. ආ ඔව් ඔව් ඒ පොත තමා. මංජුල වෙඩිවර්ධනත් ඒ පොත ලියන්න කාලයක් ඔය දූපතේ හිටියය කියනවනේ. අපේ ගමන ගැන අපි එක්ක ගිය ලහිරු යාලුවත් ලියන නිසා මං ගමන ගැන ආපහු ලියන එක අපරාදයක් නොවැ. ගමන ගැන දැනගන්ට ඕනැ ඈයෝ මේං මෙතනිං ගොහිල්ලා ඒ ගැන විස්තර බලං එන්ට.
        ඉතින් ඔය ගමනෙං අපිට ඇහැක් වුනානෙව අපේ රටේ උන්දලාගෙ බත්පත රහ කොරන්ට එන මාලු කෑල්ල කරවල කෑල්ල ඒතැනට එවන්ට දාඩිය මාන්සිය වගුරෝන ධිවර ජනතාවගේ ජීවිත ගැන පුංචි හෝඩුවාවාල් ටිකක් දැනගන්නට. ඒවගේම මාලු කරෝට පිඟානට එන්නෙ මොන විදියටද කියලත් දැනගන්ට ලැබුණා. ඉතින් මං මේ හදන්නේ ඒ විස්තර ඩිංගක් ඔහෙලටත් කියාදෙන්නයි කියලා.
මේං මේ පැල්කොට එහෙමත් නැත්තං වාඩි වල තමයි
මේ ඈයෝ ජීවත් වෙන්නෙ. සෙනග තුන්දාහක් විතර ඉන්නවා මගෙ හිතේ
         අපේ ඈයෝ රහකර කර කෑවට ඒ රහ කෑම සරිකරල දෙන ධීවර ඇත්තොනං ගෙවන්නෙ කරුම ජීවිතයක්. ධීවර පවුලක ලබා උපන් කමින් හරි වෙන කරන්න දෙයක් නැතිකමින් හරි මේ ඈයෝ මේ රස්සාව කරන්නෙ හුඟක් අමාරුවෙන්. හුඟක් ඈයෝට සමාජායේ අනික් කොටස්වල මිනිස්සුන්ට තියෙන පහසුකං වලිං බාගයක්වත් නැහැ. බොන්ට වතුර ටික පවා මේ දූපතේ බෝම හිඟයි. අපි ඒ බව හොඳටම අත් දැක්කා. හැකියාවක් තියේනං ඔහෙලත් ගිහින් බලාගන්ට. මුලුදවස පුරා මාලුකරෝල පුලුටු ගඳ, මැස්සෝ එක්ක මේ මහපොලොවෙ මිහිපිට අපායක් වගේ බිං කඩක ඒ මිනිස්සුත් හැපෙන්නෙ ඔයාල අපි වගේ බෝම හොඳට ජීවත් වෙන්න තියා හරියට නිදහසේ කෑම කටක් බඩට යවාගන්නවත් ඉස්පාසුවක්වත් නැතුවයි.
දීවා ආහාරය පිලියෙල කරමින්
         හ්ම් දැන් මදැයි වැල්වටාරං කියෙව්වා. දැං කතාවට එමු. කියන්න ගියේ මාලු කරෝල අපිට ලැබෙන හැටිනෙ. මෙහෙමයි. මේ දූපතේ ධීවර ඈයෝ මාලු අල්ලන තැන් දෙකක් තියෙනවා. එක්කෝ කලපුවෙං එහෙමත් නැත්තං මහ මුහුදෙන්. මොකද මේ දූපත නැගෙනහිර දිහාවෙං පුත්තලං කලපුවෙනුත් බටහිර පැත්තෙං මහ මුහුදිනුත් තමා වටකොරල තියෙන්නෙ. ඉතිං මාලු ජාති හරි ඉස්සෝ කකුලුවො හරි අල්ලන්ට මේ ඈයෝ මේ කොහාට හරි තමා යන්නේ. එහෙම යන්න මොකක්හරි එපෑ ඉතිං පීනල මූදු යන්නයැ. :D මේං මේ පහල තියෙන පොටෝ කෑලි බැලුවනං. ඒවුවගෙ තියෙන්නෙ මොනවද කියල කියන්නං ඊට පස්සෙං පහු.
"තෙප්පම"
        හ්ම්. ඔය තියෙන හනස්ස වගේ පුංචි එකා. ඌට කියන්නෙ තෙප්පම කියලා. වෙරලාසන්න මූදේ ඉන්න මාලු ඉස්සො කකුලුවො අල්ලන්නෙ ඔවුවයෙන් ගිහිං. එක්කෙනෙක් තමා යන්නෙ. ඔය තියෙන රිට වාරුවෙන් තමා ඉස්සහට යන්නෙ. 
"මෝටර් බෝට්ටුව"
උදේ පාන්දරම කකුලුවො අල්ලන්න යන්න වෙන් ඇති.
තනියම ම පිටත් වෙන්නයි සූදානම
            ඊගාවට තියෙන්නෙ මෝටර් බෝට්ටු. මේවුවා පාවිච්චි කරන්නෙ කලපුවෙ මැදක් හරියට හරි මූදේ හැතැප්ම දහයක් පහලොවක් වගේ ඈතට යන්න හරි තමයි. තම තමංගෙ අත්දැකීම් හරි අනික් සගයෝ දෙන ඔත්තු ඔස්සෙ හරි මෙවුවයෙං ගොහිල්ලා මාලු අයින් ඉන්න තැං වලට දැල් එලලා උන්ව අල්ලං එනවා. දැල් ගැන පස්සෙ කියන්නං. ආ තව මේ බෝට්ටුවෙ යන්නෙ උපරිම දෙන්නෙක් වගේ තමා. භූමිතෙල් ඇංජිමකින් දුවන්නෙ. පලපුරුද්දෙං අහසෙ තරු බලාගෙන රෑට ගමන් බිමන් යන්න මේ ධීවරයෝ හරිම දක්සයි. පැය හය හතක ගමනකට මේ බෝට්ටුව සෑහෙනවා. කෝකටත් කියලා හෑන්ඩ් ජී.පී.එස් උපකරණ  තියෙන ධීවරයොත් ඉන්නවා. ඒකෙං වාසිය තියෙන්නෙ කලිං මාලු අහුඋණ තැන් ඒකෙ සටහං කරං ආයෙම වංගියක් එතනට යන්ට පුලුවංකම.
"මාලු අල්ලගෙන එන පුංචි ට්‍රෝලරයක්"

"දවස් ගානක් ඉන්න පුලුවන් ලොකු ට්‍රොලර්"

        මේ තියෙන්නේ බහුදින ධීවර යාත්‍රා. සිංහලෙම්ම කිවුවොත් ට්‍රෝලර්.  මේවා එක එක සයිස් වලින් තියෙනවා. ප්‍රමාණෙ ලොකු වෙන තරමට මුහුදෙ ගතකරන්න පුලුවන් දවස් ගනන වැඩිවෙන්නෙ පහසුකමුත් ඒ එක්කම වැඩිවෙන නිසා. සති ගණන් මෙවායේ මූදෙ ඈතටම ගිහිල්ලා මාලු අල්ලනවා. උයාගෙන කන්නෙක් බෝට්ටුවෙම තමා. පහක් විතර යනවා එකක. ඩීසල් ඇංජිමකින් තමයි දුවන්නෙ.
ඉරුණු දැල් ආපහු වියලා හදාගන්නවා. නැත්තං මාලු ඒ හිඩැස්
වලින් පැනලා යනවා.
        මොන විදියට ගියත් මේ අය මාලු අල්ලන්න පාවිච්චි කොරන්නෙ දැල්. දැල් වල කොටු එක එක සයිස් එකෙන් තියෙනවා. මාලු රෑනක් ඉන්න තැනකට දැල එලුවම මේ දැලේ කොටු අස්සෙන් රිංගන්න එන මාලු තමතමංගෙ සයිස්එකට හරියන දැලක් උනොත් අනිවා පැටලෙනවා. ඔය අපේ උන්දලාත් පැටලෙන්නෙ ආං ඒ වගේ. 
දැල පැටලෙන්නෙ නැතිවෙන්න බෝට්ටුවට දාගන්නවා.
බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්
        ඔය දැලේ වරපොටවල් දෙකක් තියෙනවා. දෙපැත්තෙ වාටි දෙක වගේ කියල හිතාගන්නකො ඕං. ආං ඒ  එක වරපොටක් තියෙන පැත්තට ඊයම් බරු එල්ලයි තියෙන්නෙ. අනෙක්පැත්තට පාවෙන ඍජුෆෝම් බෝල එල්ලනවා. ඒ දැල් වතුරට දැම්මට බර පැත්ත යටට ගොහිල්ල ගානට වතුර හරහා ඇදිලා තියෙනවා. ඒ වගේම සමහර දැල් තියෙනවා පතුලෙ තැම්පත් වෙන්න දාන ඒවා. කෝමහරි මාලු කකුලුවෝ ඔය දැලේ පැටලෙනවා. බෝම සීරුවට ඔය දැල් බෝට්ටු වලින් ගොහින් එලන්නත් ආපහු එක්කහුකරගන්නත් මේ ධීවර ඈයෝ හරිදස්සයි.
        ඔහොම අල්ලගෙන එන මාලු දැලෙන් තෝරල බේරල ගන්නවා. මහමුදෙ තියෙන හැම එකෙක්ම කන්ට ගන්නෙ නැහැ නෙව. ඉතින් ඒවුං තෝරල බේරල අහක් කොරගන්නත් ඕන. 
ගෙනාපු ගමන් දැලක්.
දැල තෝරලා පැටලුම් ඇරගන්න ගමන් මාලුත් ගලවගන්නවා.
අමාරුම වැඩේ කකුලුවෝ ගලවන එකලු.
මෙයාව කන්න ගන්නෙ නැහැලු. අංකුට්ටද මොකක්ද නමක් කිවුවා.
මේ තාරකා මාලු හෙවත් පසැඟිල්ලො.
කකුලුවන්ට දාන දැල්වලට මෙවුන් අහුවෙනවා.
කන්නෙ නැති නිසා ආයෙ විසික් කරනවලු.
දැලෙන් ගලෝපු මාලු.
තාම තෝරලා නැහැ.
        ඊට පස්සෙ මාලුජාති වෙන්කොරලා ගන්නවා. අමු මාලු උවමනා විදියට ඒමයි. කරෝල ඕනෙනං ඒමයි. පුංචි මාලු වෙනම එහෙම එක එක ජාති වලට වෙං කරනවා.
කරවල නොකර මාලු විදියට ගන්නයි මේ සූදානම.
 මුන්ට සිද්ද වෙච්ච දේ පෝස්ට් එකේ යටම ඇති.
        කරෝල වලට ගන්න මාලු නං කලපුවෙන් හෝදලා අරං ලුණු වතුරේ වෙලාවක් ඔබල තියනවා. ප්‍රමානෙං ලොකු මාලු කරවල කොරන්න කලිං පලලා බොකු බඩවැල් අහක් කොරලා අර ලුණු එකටම දානවා. පුංචිවුන් කෙලිම්ම ගන්නවා. උන්ගෙ බඩවල් පලල අහවල් එකක් අයින් කොරන්නයැ?
මේන් මාලු තෝරනවා. ඔය පැත්තකින් තියෙන බැරල් කොට වල
දාල ඉන්නෙත් මාලු තමයි.
තේරිමෙන් පස්සේ මාලු හෝදල ගන්නෙත් කලපුවෙන්මයි.
කූඩ වල දාල තියෙන්නෙ වේලෙන එක නවත්තන්න.
        ඔයිට පස්සෙ මෙන්න මේ විදියට අවුවෙ වනලා වේලන්නයි තියෙන්නෙ. මේ දූපතේ තියෙන කට්ට අවු සැර නිසා හුරුල්ලො වගේ පොඩි මාලුනං එක දවසිං හෝ දෙකෙං කරකුට්ටං වෙනවා. ලොකුමාලුනං දවස් දෙකක් තුනක් යන්නත් පුලුවන්. (මුන් කඩවල් වල මාස ගනන් ඉන්න එක වෙනම කතාවක්) :D
වේලෙන්න දාලා.
මේ දර්සනෙ නං දූපත පුරාම හුරුපුරැදුයි.

නියම ගානට වේලිලා...

සේරම හරි. දැං නියම ගානට කරවල කරවෙලා. දැං ගානට අඩුක් කරලා තියන්නයි තියෙන්නෙ.

කරවල ගබඩා කරල තියන්නෙත් වාඩි වලම තමා.
 ඔය පෙට්ටි ගහල තියෙන්නෙ ගොඩබිමට යවන්න

ගොඩබිමට යවන්න සූදානම්. බෝට්ටුවෙන් ප්‍රවාහන යාත්‍රාවට පටවනවා.

එතනින් ගොඩ බිමට ගෙනල්ලා වෙළඳපොලට යවනවා. මුදලාලිලට තමයි වාසිය හම්බවෙන්නෙ. කෝමත් ඉතිං ගොඩක් බිස්නස් වල අතරමැදියනෙ උපරිම ලාබෙ ගන්නෙ.


ඕං ඕකයි කරවල කතන්දරේ. 

කියවලම මහන්සිනං මේං පුංචි සංග්‍රහයක්. මේ තමයි අර උඩ කියපු මාලුන්ට වෙච්ච දේ. හා හා කලබල වෙන්න උවමනා නෑ. කටු ඇනගන්නෙ නැතුව කන්නකෝ. කකුළුවොත් තියෙනවා. :D
බැදපු මාලු
කකුලුවො බැදුම
මේ තරං විශාල අත්දැකීමක් ලබන්න අවස්ථාව සලස්සපු අපේ රන්දික යාලුවටයි එයාගෙ බාප්පටයි වගේම මේ චාරිකාව යන්න විදියක් නැතුව මම දෙගෙඩියාවෙන් ඉඳිද්දි මාව එක්ක ගියපු අපේ යාලුවො සෙට් එකටත් ගොඩක් ස්තුතියි! ඒ වගේම දූපතේ තිබූනු ඩයලොග් කණුවට පින්සිද්ද වෙන්න විනාඩි දහයෙන් දහයට මං ගැන හොයල බලපු මලිතියටත් ස්තුති නොකලොත් එයා තරහ වෙයි. :)

30 ඔබේ සිතට නැගෙන අදහස් මට මෙහි සටහන් කර යන්න.:

නෙරංජි | Neranji said...

:o :q සෝල් ලස්සන ලිපිය....ඔක්කොම කියෙව්වා!!...

Prabhath Darshana said...

හලේ මෙයා රටවටේ රවුංගානවනෙ

මලිති said...

ම්....මේකයි එහෙනම් කතන්දරේ :c හතුනේ නැද්ද එහාට වෙලා ඔය බිස්නස් එක කරගෙනම ඉන්න :d (ඒව කොහෙද මාව මෙහෙ දාලා යන්න :l :f )

පූසා said...

මරු ලිපිය මචං!
අද දවාලියේත් බැදපු කරවල කෑල්ලක් තිබ්බනම්!

The Lion said...

එළ එළ නියමයි .........:D

Anonymous said...

:I aova pavu vadaban. Atharala dapan. Kannath epa allannath epa.

Chathuranga Liyanage said...

එල එල...ඇයි සමන් සම්බල් කන්නේ නත්දෝ....

GNS said...

බත්තලංගුණ්ඩුවට කෝච්චි නැඃ? :b

හසී said...

අයියෝ බත්තලංගුණ්ඩුව................... :f

මාරයාගේ හෝරාව said...

රේල් පීලි නැද්ද බං...?

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ඉස්සර පොඩි ලමයි අල්ලගෙන ගිහිල්ලා ඔය කරවල වාඩි වල තියාගෙන තමයි වැඩ අරං තියෙන්නේ.....

ලහිරු said...

තව පොඩ්ඩෙන් අපිත් ඔය කරවල වාඩියක කරවල වේලනවා බ්ලොග් ලිවිල්ල පැත්තකින් තියලා, අපේ ඉතින් නුවණක්කාරකමයි, දස්ස කමයි හින්දා ම බේරිලා ආවා මිසක්.... !

All in one said...

Thanx beda hadagena kewata, aththatama rasawath lipiyak............

ජීවිතේ මල් said...

අම්මේ කොල්ලො බයේ බෑ.... උභවත් අල්ලල කරෝල වාඩියකට ගත්ත නම් හෙම :O.... හෑෆූ....

ලියපු සෝක් ලිපියට නම් ස්තූති නොකර බැහැ. හරිම අපූරු ලිපියක්. ඒත් රස ලිපි ලියන්ටයි කියලා මේ වගෙ අනතුරුදායක ගමන් යන්නෙ නම් බලාගෙනයි ඕන්.....

charmi said...

කිව්වත් වගේ ලස්සනට බෙදලා හදලා තියෙනවා. රසවත්.

නදී said...

නියම චාරිකාවක් නේ.මාලුත් බැදලා කාල ඇවිත්.

දිල් said...

හරිම සුන්දර චාරිකාවක්...මමත් එක පාරක් ඔතනට ගිහින් තියෙනවා..ඒ තලවිල ගිය වෙලාවක .. පුදුම සැර අව්වේ ඉඳලා සුමානයක් විතර විඳෙව්වා ඔළුව කැක්කුම හැදිලා...මේ අය මොන තරමක් දුක් විඳිනවා ඇතිද ?

..ChAnDiKa.. said...

@නෙරංජි
තැනකියු වේවා :a

@ප්‍රභාත්
ඒම තමයි :c

@මලිති
:d

@පූසා
ඇහ්? දැන් පූසොත් කන්නේ කරලව බැදලද? :e

@The Lion
උඹලට මස් හිඟ වෙලාද? කරවල කන්න එන්නෙ? :e

..ChAnDiKa.. said...

@Ano
මන් ඉතින් ඕව්වො අල්ලන්න යන්නෙ නැහැනෙ

@Chathuranga
සමන් නම් කනව ඇති බං මං කන්නෙ නැහැ :c

@gns
බත්තලංගුණ්ඩුවෙ ඇතුලෙනම් ලඟකදි එකක් ගියා :d

@හසී
අයියෝ සල්ලි :c

@මාරයාගේ හෝරාව
අහවල් එකටෙයි අයියා රේල් පීලි? මේ හැටි මාලු බෝට්ටු තියෙද්දි? :e

..ChAnDiKa.. said...

@ඔබ නොදු‍ටු ලොවක්
ඔවු ඔවු මමත් අහල තියෙනවා. :a

@ලහිරු
හේ හේ ඒ ගැනනං කියල වැඩක් නැහැ :c

@All in one
ස්තුතියි. :a

@ජීවිතේ මල්
හෙ හේ ඒවා කොහෙද අක්කේ. අනික ඉතිං ගත්තොත් මාව ගන්න වෙන්නෙ කරවල වලට තමා :c

@Charmi
ස්තුතියි යාලු :a

..ChAnDiKa.. said...

@නදී
අනේ මං නම් කෑවේ නැහැ ඔන්න. :b

@දිල්
අම්මෝ අවුව ගැනනම් කියල වැඩක් නැහැ. නාගන්න වතුර ටිකවත් නැතුව ඊට හපන්. ඒ මිනිස්සුන්ටනම් පුරුදු ඇති අක්කෙ. ස්තුතියි මේ පැත්තෙ ආවට :a

Praසන්ன said...

නියම ලිපියක්ත ලස්සනට ලියල තියෙනව.
දැන් මේක ලියපු කෙනා කොච්චර වේලිලද ඉන්නෙ.

hare :-) said...

පුංචි කාලෙ කියෙව්ව පාළු දූපත කියන ළමා නව කතාව මතක් වුණා. ඒකෙ තියෙන්නෙ කරවල වාඩියක අතරමං වෙන ළමයි දෙන්නෙක්ගෙ කතාවක්.

සුපිරි චාරිකාවක්. සුපිරි ලියමනක්. ගියා වගේ දැණුනා.

චතුරංග පෙරේරා | chathuranga Perera said...

ස්තුතියි දැනුවත් කිරීමට.. ගොඩක් දේ දැනගත්තා...

Observer said...

චන්දිකගේ මේ බ්ලොග් ඒක ගැන කලින් දැනගෙන හිටියෙ නැහැනෙ.
හොඳ ලිපියක්

..ChAnDiKa.. said...

@Praසන්ன
ස්තුතියි අයියා. :a මමනං එච්චරම වේලුනෙ නැහැ :d

@hare :-)
පුංචිකාලෙ ඒ වගේ කතන්දර කිහිපයක් මමත් කියවල තියෙනවා. ඇත්තමට හරිම අමුතු අත්දැකීමක්. ස්තුති ප්‍රතිචාරයට. :a

@චතුරංග පෙරේරා | chathuranga Perera
ස්තුතියි යාලුවා. දැනගත්ත අත්දැකීම් විඳගන්න තියේනං තවත් වටී. :a

@Observer
මේක තමා මගේ පරණම බ්ලොග් එක අයියා. :a

සුපර් said...

මොකෝ මේ කෝච්චිය පීලි පැනලා ........:D :D

readmyeye said...

හරිම රසවත් පෝස්ට් එකක්. මම හරි ආසයි ඔය මාලු අල්ලනව වගේ වැඩවලට. මට මතකයි ඉස්සර පොඩි කාලෙ ගේ ලඟ තිබ්බ වක්කඩේ පොත් කට්ටක් නූලක් කෝට්ටක ගහගෙන මාළු බෑව ගෙදරට හොරා. ඒ උනාට ලේසියෙන් මාලුවෙක් අහු උනේ නෑ මට.
අනික ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට හරි ඇලර්ට් එකේ හිටියෙ ඔය කරවල වේලන්න දූපත් වලට අපි වගේ පුංචි එවුන අල්ලන් යන හින්ද. මං හිතන්නේ ඒ ළමයි අරන් යනව ඇත්තේ ඔය බතලංගුන්ඩුව වගේ තැන්වලට වෙන්න ඕනැ.

මාලු අල්ලනව බලන්න තාමත් මම හරි මනාපයි. ටූනා මාලු අල්ලන මේ වීඩියෝ එක මගේ කැමතිම එකක්. සමාවෙන්න ඕනැ ලින්ක් එකක් දාපු එක කරදරයක් නම්.
http://www.youtube.com/watch?v=i5mMI8t7vV0

Howdy! said...

හප්පේ.... පේන විදියට නම් මේවා හරිම රස පාටයි. අද මගේ දවල් කෑම එකෙත් තිබුණේ රසම රස කරවල කෑල්ලක්.... :a

Hasitha said...

හැම තැනම අතරමැදියා ගසා කනවා. හදන්න මහන්සි වෙන මනුස්සයාට හැමදාම හුළං තමා

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More