![]() |
මාරයා මාමා සහ මාර බවන හෙවත් මාරපැදිය (අනවසරයෙන් බුකියෙන් උස්සන ලදී) |
හි හි.... දැක්ක නේද මාරයා මාමා එයාගෙ බයිසි මොටෝවෙන් දාන සෙල්ලම්. පට්ට වාහනේ... පොර මේ දවස් වල ඒකෙන් රට වටේම යනවලු... ආ?
ආ.....මන් දන්නේ නැහැ තනියෙන්ද කියලනම්. :D
මාරයා මාමා ඉතින් බයිසිමොටෝවත් කකුල් දෙක අස්සේ ගහගෙන හරි හරි ගමන් යනවා කියලා මේ දවස් වල බුකිය පැත්තේ දාන පින්තූර වලින් පේනවා.
මාරයා මාමා ඉතින් බයිසිමොටෝවත් කකුල් දෙක අස්සේ ගහගෙන හරි හරි ගමන් යනවා කියලා මේ දවස් වල බුකිය පැත්තේ දාන පින්තූර වලින් පේනවා.
කොහොම වුනත් මම මේ කියන්න ලෑස්ති වෙන්නේ වෙන කතාවක්. ඔය බයිසි මොටෝ එක ගන්න ගිහිල්ලා මාරයා උන්නැහැට වෙච්ච සන්තෑසියක් මගේ මේ කණ ගාවින් ගියා නොවැ.
සිද්දියෙ හැටියට මෙන්න මෙහෙම තමා වෙලා තියෙන්නේ.
සිද්දියෙ හැටියට මෙන්න මෙහෙම තමා වෙලා තියෙන්නේ.
අපේ මාරයා උන්නැහැ ඉතින් අලුත් සයිකලයක් ගන්න හිතාන අතේ තිබුණු කාසි පනම් ගැනලා බැලුවම උන්දැට තේරුනේ උන්දැගේ සිහින වාහනේ ගන්න තරම් එක පාර යට කරන්න තරම් ලොකු සල්ලියක් අතේ නැහැ කියලා. උතින් උන්දෑ දන්න දහං ගැට සේරම දාලා බැරිම තැන කම්පනා කොලාලු වෙන කොරන්ට දෙයක් නැහැ පිනෑන්ස් එකක් තමා දාන්ට වෙන්නේ කියලා. :D
රස්සාවට නිවාඩුවක් කාරිය එහෙම දාලා පොරත් පහුවදා උදේම හොඳට කිට එහෙම මරලා ගියාලු අර අහවල් පිනෑන්ස් කොම්පැණියට. ඇතුලට ගියාම මෙන්න බොලේ ඒ කොම්පැනියේ ඉන්නවලු ඉටිකිරිස් රූප සම්පන්න හරිම ලස්සන සුන්දර මුව පැටියෙක් වගේ අහිංසකාවියක්. මාරයා අයියාව දැක්ක ගමන් ආ එන්න කියලා අර ලස්සනට රතු කරලා තියෙන තොල් උල් කරලා ගූඩ් මෝනින් සර් එන්න වාඩිවෙන්න කියලා ආරාධනා කොලාලු.
මාරයා මාමාත් ඉතින් ඕන් දෙයියනේ කියලා කට පුරා හිනාවක් එක්ක ගුඩ් මෝර්නින් පාරක් දාලා පුටුවෙන් වාඩි වෙලා අර දැරීවි දිහා බලාගෙන ඉන්නවලු. දෙන්නගෙන් කවුරුවත් කතාව පටන් ගන්න පාටකුත් නැහැලු. (නෑ නෑ මාරයා වසී වෙලා නෙමේ අර දැරීවි අපේ මාරයා මාමාට වසී වෙලා) :D
මේ වැඩේ හරියන්නේ නැහැනේ. ටිකකින් අර දැරීවිට පියවි සිහිය ඇවිල්ලා බැලුවලු අපේ මාරයා මාමා ඉන්නවලු සුපුරුදු සිනහවෙන්ම. ඉතින් අර දැරීවි ඩිංගක් ලැජ්ජාවෙන් ඇඹරිලා එහෙම අහනවලු මෙන්න මෙහෙම.
ම්ම්ම්ම්.... ඔවු සර්... ස්ර්ට අපෙන් මොනවද කෙරෙන්න ඕන.....
ආ.... නංගී.... ඔයාගෙන් නම් නෙමේ... මම මේ පොඩි පිනෑන්ස් එකක් දාගන්න පුලුවන්ද කියලා බලන්නයි ආවේ මේ කොම්පැණියෙන්.. :D
&%$&*@#&^% (කෙල්ලට මලලු ඒත් ඉතින් කස්ටමර්ලා ඉස්සරහ තරහ පෙන්නන්න බැහැනේ)
හොඳයි සර්.. ස්ර්ට මොන වගේ දේකටද මේ ෆිනෑන්ස් ඒක අවශ්‍ය කරලා තියෙන්නේ.....
ම්ම්ම්.... මේකයි නංගි... මට මේ මේ..... මෝටර් බයික් එකක් ගන්න තමා පිනෑන්ස් එක ඕනා.....
ආ... හොඳයි.... ස්ර් එහෙනම් මෙන්න මේ ෆෝම් ටික ෆිල් කරන්න ඕන.. ප්ලීස් මට කියන්න පුලුවන්ද සර් ගන්න යන්නේ මොන මෝටර්බයික් එකක්ද කියලා..
ම්ම්ම්.... බජාජ් බයික් එකක් නංගි....
ඕකේ සර්.. දෙන්.... මට කියන්න මෝටර්බයික් මොඩල් එක කියන්න පුලුවන්ද.
ම්ම්ම්.... ඒක තමා කිවුවේ. බජාජ් බයික් එකක් නංගි....
සමාවෙන්න සර්... මම ඇහුවේ සර් ගන්න ඉන්න බයිසිකලේ මාදිලිය.... කරුණාකරලා කියන්න ස්ර්.... මම ඒක පැහැදිලි මේ ෆෝම් එකේ සටහන් කරන්න ඕන.
ඒක තමා මම දැන් කිවුවේ.... බජාජ් බයික් එකක් කියලා.... (ටිකක් විතර මල පැනලලු දැන්)
සර්ට වුවමනා කරන්නේ බජාජ් බයික් එකක් කියලා මම දන්නවා. මට කරුණාකරලා මොඩල් එක කියන්න.
මොන &*%$#@&%$ මට ගන්න ඕනේ බජාජ් බයික් එකක්....... මම දැන් කී පාරක් කිවුවද? ( අම්බානක මල පැන)
සර් අපිට තව මෙතන වැඩ තියෙනවා. කරුණාකරලා තමන් මිලදී ගන්න යන මෝටර්බයික් එකේ මොඩල් ඒක දැනගෙන එන්න. එහෙමෙ නැතුව කෝමද අපි අවශ්‍ය ෆිනෑන්ස් එක ඇපෘ කරන්නේ?
මොන පිස්සුවක්ද **** මම දැන් කීපාරක් කිවුද මන්දා. යකෝ... මට ඕනේ බජාජ් බයික් එකක් යකෝ.......
තොපි මේවට වැඩට එන්නේ බයික් එකක මොඩල් එකක්වත් දන්නේ නැතුවද..... ග්ර්...... ( එක විජ්ජුම්බරයයි)
අම්මටසිරි කෙල්ලට පස්සේලු වැඩේ මීටර් වුනේ. අල්ලපු ටේබල් එකේ හිටපු කොල්ලා ෂේප් එකේ මේකිව ගොඩ දාපු නිසා.
[පස්සේ ඉතින් කෙල්ල යාප්පුවෙන් සමාව ඉල්ලලා වැඩේ කරලා දුන්නය කියවනේ. දැන් දෙන්න ගජ යාලුවොලු :D]
![]() |
දන්නෙ නැති අයට මෙන්න බයික් එක :D |