Thursday, January 12, 2012

කැම්පස් වැසීම, අලුත් සුන්දරී සහ Kies එකෙන් බෑ කියලා බ්ලොක් කරපු Samsung Galaxy වලට අලුත් OS දාන්න ලේසි විදියක්.

    අඩේ ඔන්න ඉතින් ආයෙත් කැම්පස් වල කේස් වගයක් පටන් අරන්. දැන් ඉතින් හරි ආයෙත්. අපේ එකෙත් මොකක්දෝ හුට්ටප්පරයක් පටන් ගන්න වගේ යන්නේ. කරන්න දේකුත් නැති නිසා ඔන්න ඔහේ ආවා එන්න ගෙදර. දවසම නිදාගත්තු එක තමා කලේ. පොඩ්ඩක් ආවා මේ පැත්තේ. එතකොට තමා මේ බ්ලොග්ගෙට ලියන්න දෙයක් මගේ කම්පනාවට ආවේ.

   කට්ටිය දන්නව ඇතිනේ මමත් ඇන්ඩ්‍රොයිඩ් බට්ටෙක් ගත්තා කියලා බලා ඉඳලා ඉඳලා. බට්ටා අරන් ඉතින් පහුගිය ටිකේම කරේ ඕකේ තියෙන හුට්ටප්පර ටික බල බල කරන්න පුලුවන් හැම මගුලම කර කර බලපු එක තමා. (පහුගිය ටිකේ ඉතින් බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ම  ඇන්ඩ්‍රො උණ හැදිලා අසනීප වුනානේ). :P

ගැලැක්සි පවුල
    දුප්පතකමට ගත්තු හුට්ටප්පරෙත් දාන්න තියෙන හැම කෙහෙම්මලක්ම එබුවා කියහන්කො. තව එකයි ඔබාගන්න බැරි වුනේ. :P

    ඕකේ තිබුණු ඇන්ඩ්‍රො වර්සන් එක සීතල යෝගට් (Froyo). :D ඉතින් මම පොඩි එකාටත් ඕනේ වුනා ඕකට ඉඟුරු පාන් (Gingerbread) දාගන්න. 
(පෝරං සයිට් වලයි ඇරීනා අක්කයි කට්ටියම කියලා තිබුණනනේ මිනියට (මූට) ඉඟුරුපාන් කවන්න පුලුවන් කියලා.) දන්න කියන උන්දලාගෙන් අහලා බැලුවා කොරන විදිය. 
    අපේ ගයන්ත මලයත් උගේ ටූල් එකට පාන් කවල තිබුණ හන්දා ඒක අහලා මටත් සෑහෙන්න උණක් තිබුනා මගේ මෙවුවා එකටත් පාන් කවන්න. මොකද Froyo උඩ දුවන්නේ නැති සමහර ඇප් කෑලි පාන් වලට ලස්සනට දුවනවා. 

     ඉතින් අපේ ගයන්ත මලය කියාපු විදියට මමත් සැම්සුන් කයිය එහෙම දාගෙන වැඩට බැස්ස බලන්න. අම්මට සිරි මේ යකා කියාපිකෝ මගේ එකත් එක්ක ඕවුවා ඔට්ටු නැහැ කියලා. යකා කිවුවේ ගයන්තයා නෙමේ kies එක. :P 
බෑ කියන එකමයි වැඩේ
    මල අතේ. කඩුද අයියෝ මොනරු බර ගාණක් දීලා ගත්තු එක අප්ඩේට් කරන්න නොදෙන එකා. x-(    
පස්සෙ තමා මතක් වුනේ. ෆෝන් එක විකුණපු උන් එහෙමත් කිවුවා මේක අප්ඩේට් කොරන්න ඔට්ටු නැහැ කියලා.  :(

      ඒම කියල කෝමද මට මේකට පාන් කවන්නම ඕන. :@

     අන්තිමට ඉතින් තිබුණ විසදුම වුනේ කස්ටම් රොමක් දාන එක තමා. එක්කො බීටා එකක් ඇදලා අතඅරින එක. ඒත් ඉතින් වැදූ මවු දෙන එක තරම් වෙන එකක් ගැන විස්වාසෙ තියන්න පුලුවනෑ :D 

       ඕන ඇටිකෙහෙල් ගෙඩියක් කියලා ගූගල් දෙයියන්නාන්සේට බාරයක් ඕප්පු කරලා ඇදලා ඇරියා පූජාවක්.  හෙන ගහපං කිවුවලු. මේං මේ යෝදයා දීලා ඇදලා ඇරපි තඩි දිග පෝරං එකක්.

     කවද කාපු ටකරංද කිවුවලු. කැම්පස් එකේ දෙන කඩ්ඩ ටියුට් එකක්වත් කියවන එකෙක්යැ මම. :D අනේ හත්තිලවුවේ ඒත් ඉතින් වෙන මක්කොරන්නේයි පාන් කන්න නං කියවපං කියපු හන්දා කොනක ඉඳන් පටංගත්තා වැඩේ.

හරී බඩු හම්බුණා :D

      නෑ බොලවු. මම වගේම පාං කන්න ආසාවෙන් ඉඳපු උන්දැ කෙනෙක් කොරාපු වැඩක් ගැන යස අපූරුවට විස්තර කරලා තිබුනා ඒකේ. බැලින්නං පොරත් සිරි ලංකාවෙ ඩයල් එකක්. අපේ අයියලා ඉතින් දක්සයෝ නොවැ. ;) 

     මේන්න මෙහෙමයි වැඩේ යන්නේ. හැබැයි මේක කරන්න පුලුවන් මං හිතන විදියටනම් සැනසුම පෝං වලට ඉතරයි. :D

    සමහර සැම්සුන් ඒවුවා කයියට ගැහුවම පෙන්නන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අප්ඩේට් කරන්න ඕට්ටු නැහැ.

     මුලින් මේකට ගේම දෙන්න ඕනා. ඒ ගේම දෙද්දි ඔයාගෙ සබ්බ සකල මනාවම නැතිවෙනවා. ආං ඒ නිසා ගේම දෙන්න කලින් කාමරයක් අරන් ෆෝන් එකේ තියෙන අරවා මෙවුවා ටික "පස්ස උස්සලා" එකක් ඒ කිවුවේ  බැක් අප් එකක් (සිංහලෙන් backup) ගන්ට ඕනේ. නැත්තං මල හුට්ටප්පරයයි.

     ඒ නිසා මුලින් පස්ස උස්ස ගන්න. :D කයිස් එකෙන් පස්ස උස්සන්න ගියොත් ඔයාගේ සුවිටි පැටියා ඔයාට  එවුව ඇස් ඇම් ඇස් මැසේජ් ටික බේරගන්න බැරි හන්දා මේන් මේ පෝං ඇස්පෝලර් එක දාලා මේකෙන් පස්ස උස්සගන්න. :D 
මෙයා ඔයාගේ ඇප් කෑලි ටිකත් බේරලා පස්සත් උස්සලා දෙයි. :D

    හරි දැන් ඉතින් පස්ස ගානට උස්සගත්තනං වැඩේට බහිමු. දැන් මෙහෙමයි. ඔය "This device can't update via Kies" කියන එක එන්නේ ඔයාගේ පෝං එක තියෙන මොක්කද මන්දා සෙටින්ස් හුටප්පරයක් හන්දලු. CSC කෝඩ් ද මොකක්ද මන්දා කෙහෙල්මලක්.


    රට රටට ගැලපෙන සෙටින්ස් වගයක් වෙන්න ඕන මේ කියන්නේ. සමහර එවුවට අප්ඩේට් දෙන්නේ නැත්තේ මේ කෝඩ් එක සැට්කොරලා තියෙන සෙට්න්ස් වලට අප්ඩේට් කරන්න ඔට්ටු නැති හන්දාලු.

       දැන් ඉතින් හරිම සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නේ. මාරු වීම. බය වෙන්න එපා මම දන්න තරමින් මෙහෙම මාරු වුනා කියලා  වෙන කිසි අවුලක් වෙන්නේ නැහැ.
පුංචි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ මට වගේ වොරන්ටියට කෙල වෙන එක විතරයි.( ඒකත් තාම සුවර් නැහැ ). :P

 සෝ එහෙනම් අපි මාරු වෙමු.

     ඔයාගේ පෝං එකේ IMEI අංක තහඩුව ඕනේ. ඒක හොයාගන්න දන්නේ නැත්තං ඉතිං 
*#06# 
ඔබලා හරි, මෙනුවෙන් හරි මොන අහවල් එකෙන් හරි අංකෙ ගන්ඩ.

     හරි දැන් ලෑස්තියි. දැන් අර අංක කෑල්ල ලියාගත්තු කොල කෑල්ල අතට අරන් පෝන් එකේ මේන් මේ නොම්මරේට අමතන්න ඕනේ

 *#272*IMEI#
(IMEI කියන කොටස වෙනුවට ඔයාගෙ IMEI අංකෙ ගහන්න) 

ඕන් අයේ කිවුවා. බැකප් නැත්තම් බැකප් එක අරන් එනවා හොඳයි. මේකෙන් ෆෝන් එක රී සැට් වෙනවා. ඕන නොකිවුවා කියන්න එපා. :D

      ඔන්න ආවා CSC මෙනුව. 

     ඕකේ ඇති කෝඩ් බරගානක්. හ්ම්. බය වෙන්න කාරි නැහැ. ඕකේ යටටම යන්ට. යටම තියෙනවා GLB කියල එකක්. ආං එතනට සැට් කොරලා Install කියන බොත්තම එබුවම බුවා අහයි කොරන්න ඕනමද කියලා. 

සර් ලාස්ට් චාන්ස්! 
බෑ වගේනම් බයයි වගේනම් මෙතනදි තමා වැඩේ අත අරින්න පුලුවන් අවසාන අවස්ථාව. කැමතිනං ආයෙ හැරිලා ගියත් අපි තරහ වෙයි. :P

     හ්ම්. දැන් ඉතින් ‍පෝන් රාජයා ඉන්ස්ටෝල් එකත් කොරගෙන ආයෙම පණ ගහල ඒවි. ආ කෝමද ගත්ත දවසේ වගේ තියෙන අපූරුව :P  පෝං එක රීසෙට් වෙලා බන්. :D

    සරි දැන් ඉතින් ඔයාගෙ කොම්පීටරේට ඉන්ටර්නෙට් එහෙම අමුණලා කරලා ගන්නකො. ඊට පස්සේ ෆෝන් එකත් කේබල් එකෙන් අමුණ ගන්න ඕන කොමාටම. 

     හැබැයි ඔන්න මතක තියාගන්න. බැටරිය ෂුවර් නැති ලැපකින් හෝ යූපී ඇස් එකක් නැති ඩෙස්ටොපකින්වත් මේ වැඩේ කරන එකනම් එච්චර ඇඟට ගුණ නැහැ. මොකද ෆෝන් එක සදහටම දොයි බබා වෙයි. ත දෙයක් මේ වැඩේ කරන්න මම වින්ඩොස් හත 64 ලැපකින් ට්‍රයි කරා. මල හුට්ටප්පරයක් වෙලා ඉවර වෙලා බෑ කියල අත ඇරලා දානවා. සෝ මං කියන්නේ වින්ඩෝස් ඇක්ස් පී වගේ පොරක් එක්ක ගේමට බහින එක තමා සුවර් කියලා. ඒවගේම සුවර් මැසිමක් වෙන්නත් ඕන. හිටිගමන් ගල්වෙන කොමාලා එක්ක මේ වැඩේ කොරන්න ගිහිල්ලා අල කරගන්න එපා. ඕන් මට බෑ බේරගන්න. :-/

     රායිට් දැන් කයිය ඕපන් කරගමු. බුවා ෆෝන් එක රීඩ් කරලා නෙට් එකෙත් අලවෙලා විනාඩියෙන් විතර එයි.  

         ආ දැක්කද දැන් අර බෑ කිවුව එක දැන් පුලුවන් කියන හැටි. මුලින්ම බලන්නේ කයිස් එක අප් ටු ඩේටඩ්ද කියලා. බැරිවෙලාවක් පරණ කයියක් නම් බුවා කියයි කයිය පරණයි, අලුත් කයියකට අප්ඩේට් එක දාලා ‍‍ඊට පස්ටස ෆෝන් එක අප්ඩේට් කරගනින් කියලා. එතකොට ඒම කරන්න. :D

      හ්ම් කයිය අප්ඩේට් වුනාට පස්සේ ඔයාගෙ පෝං එකට හරියන අලුත් වර්සොන් එකක් තියේනම් මෙහෙම මැසේජ් එකක් ඒවි. හ්ම් බය වෙන්න දෙයක් නැහැ. මවු සමාගමෙන් දෙන සුවර් බඩුවක්නේ. ;) 
අප්ඩේට් එකක් තියෙනෝ!!
ඉදිරියට යනු!

        ඕම ඉස්සරහට යන්නයි තියෙන්නේ "ඉදිරියට යනු" කියලා විධාන කර කර. එක කොට නෙට් එකෙන් බාලා දාලා ගහලා ඔයාගෙ ෆෝන් එකට හරියන පාන් ගෙඩියක් ඔබලා දෙයි.


හරේ මෙන්න වදිනවා. :D

    කොයිම වෙලාවකවත් වැඩේ ඉවරයි කියලා පණිවිඩයක් එනකම් පෝන් එක ගලවන්න එපා කේබල් එකෙන්. ෆෝන් එක මේසෙ උඩ තියලා ඌට වැඩේ කරගන්න ඇරලා ඔයා පාඩුවෙ වෙන දේ බලන්න ඉන්න. :P

සේරම හුට්ටප්පර  ඉවර වුනාම පෝන් එක පණ ගහල එයි. :D 

    දැන් ඉතින් About Phone කියන කාමරේට ගිහිල්ල ගේම බලාගන්න පුලුවන්. ;)

     අන්තිමට ලිඳට වැටිච්ච එකා ලිංකටින්ම ගොඩ එන්න ඕන හන්දා අර උස්ස ගත්තු පස්ස පාත් කරගන්න. ඒ කිවුවේ බැකප් එක රී ස්ටෝ කරගන්න. මයි පෝන් ඇස්පෝලර් එකෙම්ම ඒ වැඩේ කොරගන්ට පුලුවන් :D

-සාරාන්සේ-
   මම මගේ පෝන් එකටයි පොඩි හසීගෙ ෆෝන් එකටයි මේ ඔපරේසම කලා. ඒ නිසා අත් දුටුවයි ප්‍රත්යක්සයි :D
කස්ටම් හෝ බීටා රොමක් ගහනවට වඩා ඔරිජිනල් එකක් දාගන්න එක බඩු සුවර්නේ ;)

ජය වේවා!!! කතාව අදට ඉවරයි. වොරන්ටියත් ඉවරයි :D

ප/ලි
මාකට් එක පැත්තේ ගියාම සපෝර් කරන්නේ නැහැ කියල පෙන්නන සමහර ඇප් මැනුවල් ඩවුන්ලොඩ් කරලා ඉන්ස්ටෝල් කරාම දුවන්නත් ඉඩ තියෙනවා අලුත් එවුවයේ. :)

ප/ප/ලි
අපේ බ්ලොග් සෙට් එකත් පහුගිය ටිකේ පිස්සුම ආතල් එකක් අරන් තිබුණා. යන්න වුනේ නැහැ නෙව. බලමු ඊගාව එකටවත් යන්න.

16 ඔබේ සිතට නැගෙන අදහස් මට මෙහි සටහන් කර යන්න.:

ලහිරු said...

:q
මට නම් වැඩිය මේ ගැන තේරුමක් නැත. එසේ වුනත් ඵල ය.

මලිති said...

:a ඕක ගත්තු දවසේ ඉදන් මේ ගේම්ස් ටික දෙන්න කොච්චරනම් මහන්සි උනාද,,,, :h

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මං නං තියන එක තියන් ඉන්නවා ඕවා කොරන්න බෑ :c

Bunny said...

ඉගුරුවාගෙයි අරූගෙයි වෙනස මොකක්ද ?

Anonymous said...

meka liyala tiyana widiha thama tikak aul trenna widihata liuwa nam godak wadagath deyak

Tharindu Darshana (Wikiya) said...

එල..මම නම් මේක ටික කලකට කලින් කරලා අලුත් ඕ එස් එක දා ගත්තා..න්යමෙට වැඩ...කවුරුත් වගේ දැනුවත් කරපු එකට තුති...

GNS said...

ෂැම්ෂුන් වගේද අයියා ඇල්.ජී.. :k

..ChAnDiKa.. said...

@ලහිරු :a

@මලිති
තව තියනවා.

@ කණියා
ඔවු ඒකනම් අපේ ඇඟටත් ගුණයි :i

@අනුෂ්ක
උඹ බබානේ. :i

@ Anonymous
මම ඉතින් ටෙක් බ්ලොග් ලියන්න දන්නේ නැහැ යාලු. මේ ඒක නෙමේ උඹ අරෑ නේද? :d

@Wikiya
තැන්කූ මචෝ. :c

@GNS
අඩෝව්!! :c

සෝරෝ said...

කාලා කාලා උරලා බීපං ඕක.... :c

..ChAnDiKa.. said...

@ සෝරෝ
පීට්සා වගේද යකෝ මේවා :c

Anonymous said...

vodafone 858 elaka oka dannna barida gingerbread

maduka perera said...

aiyee mama gawath glassy mini akak tiyne foryo tiyane.. prasana wagayak thiyanawa ahana... Plese email akak danwada?
Madukaperera77@gmail.com

iPlus said...

:D

මචං උබ දන්නවාද වින්ඩෝව්ස් පොං එකකට ඇන්ඩ්‍රොයිඩ් ගහන්න? මං ගාව තියෙනවා, "හිමලයාස්" කට්ටක්. පුලුවන්නම් මට ඇන්ඩ්‍රොයිඩ් රොම් එකක් හොයලා දෙනවද.

දන්න යාලුවෙක් ඉන්නවානම් පොඩ්ඩක් අහලා කියනවාද? කැම්පොස් කොල්ලෙක් නිසා මේ ගැන යම් දැනුමක් ඇති කීයලයි අහන්නේ. ඒ වුනාට උබනම් කැම්පොස් එක පිටපැත්තේ ඉන්න එකෙක් වගෙයි.

ඔබට ජය!

Anonymous said...

:|

Pravin Indranama said...

හුටස්! මේක මතක් උනේ අදනේ!!
හික් හික්... කාපං ෆෝන් එක. ඔය ගැලැක්සි මිනි එක කොහොමත් චා, තවත් චා කරගනින් :D :D

එල එල... වැඩේ මරු. නිකං ෆෝන් එක කෝල් ගන්නයි එස්එම්එස් ගහන්නයි පාවිච්චි කරන්නෙ නැතුව මේ වගේ වැඩකෑලි දාන්නත් අත්හදාබලන්න ඕනෙ. එතකොට තමා දෙයක් ඉගෙනගන්න ලැබෙන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් වලට කරන්න පුලුවන් වැඩ එමටයි. ටික ටික ට්‍රයි කරපන්. ඒ වගේම ඇප් හදන්නත් ඉගෙනගනින්.

Anonymous said...

BEHOLD2 ? IS POSSIBLE ?

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More