- සහභාගී වු පුද්ගලයන් ගනන - දෙකයි
- වාහන - යතුරුපැදි දෙකක්
- මාර්ගය - බෙලිහුල්ඔය-නන්පේරියල් වතුයාය මාර්ගය
- දුර -
කිලෝමීටර 10ක් පමණ (එක් පසෙකට)
සුන්දර ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය විඳගන්න තිබෙන
ස්ථාන බොහොමයි. ඉන් එක් සුන්දර කලාපයක් ලෙස නන්පේරියල් ප්‍රදේශය පෙන්වාදිය හැකියි. එසේ මෙරට සුන්දර තැන් කිහිපයකය අසිරිය විඳ ගැනීමේ අරමුණෙන් සති කිහිපයක්
තිස්සේ සැලසුම් කල චාරිකා මලාවක් අතරතුරදී ක්ෂණිකව ගත් තීරණයකට අනුව අප
ගමන්ගත් යතුරුපැදි මෙම මාර්ගයට හැරවෙනු ලබනවා. මෙම චාරිකා මාලාවට සහභාගි වන්නට
සිටි දෙදෙනක්ම විවිධ හේතු නිසා සහභාගි වුයේ නැහැ. ඒ නිසා අවසානයේ ගමනට සිටියේ
සාමාජිකයන් දෙදෙනෙකු පමණයි.
 |
නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය |
 |
මෙම මාර්ගය ඔස්සේ ලෝකාන්තය දක්වා පවා පිවිසිය හැකියි.
එහෙත් දැනට මෙම මාර්ගයෙන් ලෝකාන්තයට යාමට අවසර නැතිලු. |
 |
බදුල්ල කොළඹ මහාමාර්ගය |
සුන්දර හෝර්ටන් තැන්නට පිවිසීමට ඇති මාර්ග කිහිපය
අතුරෙන් බෙලිහුල්ඔය - නන්පේරියල් මාර්ගයත් එකක්. කෙසේ වුවත් මෙම මාර්ගයෙන්
ලෝකාන්තයට හෝ හෝර්ටන් තැන්නට දක්වා යාමට මේ දිනවල නීතිමය අවසරයක් නැහැ. එසේ වුවත්
මෙම මාර්ගයේ සුන්දර නන්පේර්යල් ගම්මානය දක්වා යාමට කිසිදු ගැටලුවක් නැහැ. මෙම
මාර්ගයේ ලංගම බස්රථයක් පවා ධාවනය කරන අතර නන්පේරියල් ගම්මානය බාහිර ලෝකය හා
සම්බන්ධ කරන ප්‍රධානම නියමුවා එයයි. බස්රථය නොමැති දාට ගම්වැසියන් බෙහෝ අවස්ථාවලදී
එම කිලෝමීටර් 9ම ගෙවා දමන්නේ පා ගමනින්.
 |
නන්පේරියල් - බලංගොඩ බස් රථය
මෙම බස්රථය බලංගොඩ ඩිපෝව සතු අතර මෙම මාර්ගයේ ධාවන කිරීම සඳහා ම
යොදවාගෙන තිබේ. |
නන්පේරියල් ගම්මානය දක්වා වැටී ඇති මාර්ගය මා
මෙතෙක් මෙරටදී දැක ඇති මාර්ගයන් වලින් අතිශයින්ම සුන්දර මාර්ගය ලෙස හැදීන්වීමට මා
පෙලඹෙන්නේ ඇත්තෙන්ම එහි ඇති වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ සුන්දරත්වය නිසයි.
පහත ඇති ඡායාරූප පවා එම සුන්දරත්වයේන් 1%ක් වත් කියාපෑමට අසමත්.
 |
නන්පේරියල් මාර්ගයේ පිවිසුම් දොරටුව.
මාර්ගයට ඔබ පිවිසෙන්නේ වාහනයකින් නම් මෙම ස්ථානයෙන්
අවසරපතක් ලබාගත යුතුයි. |
මෙම මාර්ගයේ ගමන්කිරීමට ඔබට අවශ්‍යනම් ඔබ විසින්
ගමන් කරන වාහනය වෙනුවෙන් අවසරපතක් ලබාගතයුතුයි. ඒ සඳහා ඔබ 50/=ක් ගෙවා ඇතුල්වීමේ
ප්‍රධාන ගේට්ටුවෙන් එම අවසර පත ලබාගතයුතුයි. එම අවසරපත උපයෝගීකරගෙන ඔබට නන්පේරියල්
තේ කම්හල දක්වා ගමන්කල හැකිය.
 |
නන්පේරියල් තේ කම්හල. මෙය අයත්වන්නේ බලංගොඩ වැවිලි සමාගමටයි |
ඉන් ඔබ්බට වූ මාර්ගයේ ගමන්කල හැක්කේ අවසර ලබාගත් වාහන සඳහා පමණයි. තවද මේ අවසර පතින් ඔබට තේ කම්හල නැරඹිමටද අවසර නැහැ.
 |
ලෝකාන්තය දක්වා පිවිසෙන මග. මෙම ගේට්ටුවෙන් ඔබ්බට
වාහනයකින් යාමට විශේෂ අවසරයක් ලබාගතයුතුයිලු. |
මෙතනින් ඔබ්බට තවත් කිලෝමීටර 12ක් ගිය තැන බලංගොඩ
වැවිලි සමාගම විසින් පාලනය කරන සංචාරක බංගලාවක් ඇතිබවත් ඔබට අවශ්‍ය නම් එය එක්
දිනක් සඳහා 12000ක් වු මුදලකට වෙන්කරවාගත හැකි බවත් තේ කම්හල් පාලකවරයාගෙන් දැනගන්නට
ලැබුණා. එසේ ලබාගන්නා ඔබට කෝකියෙක්, දර, ගෑස් සහ රාත්‍රී 12 දක්වා විදුලිය ආදී
පහසුකමත් ලැබෙනවා. එම බංගලාවේ වරකට 12කුගෙන් යුත් කණ්ඩායමක් නවාතැන් ගතහැකි එකක්
බවත් පවසන ලදී. ඒ අනුව ඔබට අවශ්‍යනම් සුන්දර ලෝකාන්තය සමීපයේ සුන්දර අත්දැකීමක්
විඳගැනීමටත් හැකිවේවී.
 |
මාර්ගයට වැටී ඇති පස් කන්දක්. මෙවැනි අවහිරතා මෙම මාර්ගයේ සුලභයි. |
 |
මෙවන් සුන්දරත්වයක් වෙන කොහේනම් ඇද්ද? |
 |
මග දිගේ සුන්දරත්වය. |
 |
පහලින් පෙනෙන්නෙ නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය. ඒක තමයි ගමේ පාසල. |
 |
මග දිගේ සුන්දරත්වය. |
 |
තව කට්ටිය එනවා... |
 |
පැරණි පාලම් වල නටඹුන්. කොන්ක්‍රීට් පාලම් ඉදිවෙන්න කලින්
බස්රථය පවා ගමන් කලේ මෙවැනි කොටන් පාලම් මතින්. |
 |
මග දිගේ සුන්දරත්වය. |
 |
අසීරු වංගුවක්.. |
 |
මග දිගේ සුන්දරත්වය. |
 |
ගමනේ විශ්වාසනීය සහකරු.. |
සටහන:-
සුන්දර
ස්ථාන වලට යන්න. ඒවා දැක බලාගන්න. එහි සුන්දරත්වය විඳින්න. එහෙත් එම සුන්දරත්වය
විඳිමෙන් පමණක් සෑහිමකට පත්වන්න. ඒවා විනාශ කරන්න එපා. මතකයන් සහ ඡායාරූප පමණක්
රැගෙන එන්න.
an interesting note. i just love to go there.
ReplyDeleteනියමයි.. මේ වගේ ගමන් යනවානම් වාහනේ ඉතින් මෝටර් සයිකල් එකම තමා.. :c
ReplyDeleteහිරිකටුඔය කෑම්පින් සයිට් එකේ මං ඉඳල තියෙනවා. සුපිරි. ඔතන දාලා තියෙන හිරිකටුඔය සංචාරක මධ්‍යස්ථානය පිවිසුම ඉඳලා විනාඩි 15 - 20 වගේ කැලේ ඇතුලට යන්න ඕනෙ. වනජීවී එකෙන් එක වෙන්කරවාගන්න පුලුවන්. හොඳම අත්දැකීමක්.
ReplyDelete**ඒකෙ යන අය දැනටමත් කැලේ ඇතුලෙ පොලිතින්, කෑම කවර එහෙම දානව, කරුණාකරල එහෙම නොකර ඉන්න වගබලාගන්න. ලංකාවෙ තියෙන බොහොම සුන්දර ස්ථානයක්.
වැදගත් ලිපියක් සහ වටිනා ජායාරූප ටිකක්. ස්තූතියි.
Patta :n
ReplyDeleteI enjoyed those beautiful photos very much. Thanks for your effort.Looking forward to seeing more of such places.Regards.
ReplyDeleteහොඳට ලියල තියනවා. මේ ෆොටෝ එක නියමයි.
ReplyDeletehttp://2.bp.blogspot.com/-mse4JHvLFEg/UQqcm5aeidI/AAAAAAAAC8Q/MiPo5BcIct0/s1600/Image00009.jpg
:)
ගමන වගේම සටහනත් ලස්සනට පෙලගස්වල තියෙනවා, මගෙන් සුභ පැතුම්, තවත් සුන්දර සවරියකින් හමුවෙමු. :q :a :a
ReplyDeleteහරිම අපූරුයි. මේ වගේ ගමනක සුන්දරත්වය විඳ ගන්න බයිසිකලේට වඩා සුදුසු වෙන වාහනයක් නෑ. මේකත් බලන්න. http://sobaroo.blogspot.com/
ReplyDeleteif i am correct i saw your group at Badulla Balangoda Road (@ nonparial juction) on 25/1/2013 around 3.45 - 4.00 PM.
ReplyDeleteපට්ට මචං....අපිත් ඉතින් බයික් රයිඩර්ස් ල තමා..මේක නම් මරු...කොහොමහරි යන්න ඕන...මගෙත් තිබුනෙ GN125 එකක් තමා...සුපිරි බයික් එක
ReplyDeleteSha Mara gathi aiye niyamai....
ReplyDeleteසුන්දර ස්ථාන වලට යන්න. ඒවා දැක බලාගන්න. එහි සුන්දරත්වය විඳින්න. එහෙත් එම සුන්දරත්වය විඳිමෙන් පමණක් සෑහිමකට පත්වන්න. ඒවා විනාශ කරන්න එපා. මතකයන් සහ ඡායාරූප පමණක් රැගෙන එන්න. SAHATHIKA ATTA....
maxxa ට්‍රිප... මට නං ඉතිං රෝද දෙකේ වාහනේ අරහං... 4x4 හොයාගෙන යන්න ඕන ඕකෙ...
ReplyDeleteනියම විස්තරයක්.
ReplyDeleteෆොටෝ ටිකත් නියමයි.
මමත් කැමතිම සුන්දර ප්‍රදේශයක්. photos නම් නියමයි ලස්සනයි :a :h
ReplyDeleteපට්ට
ReplyDeleteමේවා දකිනකොට ලංකාව තමයි ලෝකයේ සුන්දරම රට කියලා හිතෙන්නේ.....
ReplyDelete:r
ReplyDelete