Tuesday, December 22, 2009

වින්ඩෝස් 7 කරලියට....

ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා මගේ බ්ලොග් එකේ වැඩ පටන් ගත්තා. ඒත් මේ exam, presentation අස්සෙ හිරවෙලා මොනව ගැන ලියන්නද කියලා හිතාගන්න බැරුව ඉදිද්දි තමයි මට 7 ගැන අදහස ආවෙ. මමත් දැන් වැඩ කරන්නෙ 7 වල නිසා මේ මාතෘකාව හොදයි කියලා හිතුවා.
ඇත්තටම windows 7 කියන්නෙ සාර්ථක OS එකක් කියලා කියන්න පුලුවන්. (හැබැයි කොහොම උනත් ඉතින් මමනම් මුල් තැන දෙන්නෙ ලිනක්ස් වලට තමයි). විස්ටා වල තිබුන අඩුපාඩු ගොඩක් 7 වලදි හදාගෙන තියෙනවා. මාත් මාර විදියට විස්ටා හින්දා එපාවෙලා හිටියෙ. මගෙ Laptop එකට ආවෙ විස්ටා. අපෝ මහ විකාරයක්. Massage වලින් අඩුවක් නෑ. ඒ මදිවට errors එනවා ගමකට. කරදරෙන් බේරෙන්න විදියක් නැති තැන මං ආපහු XP වලට මාරු වෙන්න හදද්දි තමයි මට 7100.0.090421-1700_x86fre_client_en-us_retail_ultimate-grc1culfrer_en_dvd කියන windows 7 වල original trial ISO එකක් හම්බ උනේ. Microsoft site එකෙන්ම තමයි.
දවස් 90යි වැඩ කරන්නේ කැමතිනම් දාලා බලන්න කියලා මගෙ යාලුවෙක් තමයි මට ඒක දුන්නෙ. ඔන එකක් කියලා මාත් win 7 install කලා. ඇත්තටම මං හිතුවටත් වඩා හොදට වැඩ. Vista වල වගේ නෙමෙයි. Compatibility mode එකත් තියෙන නිසා පරණ මෘදුකාංගත් ගොඩක් 7 වල අවුලක් නැතුව වැඩ (මට හැබැයි kaspersky 7 නම් දාන්න බැරි උණා. Support කරන්න බෑලු) .
Photoshop වගේ මෘදුකාංග බොහොමයක්ම විස්ටා වලට වඩා ඉක්මනට ලෝඩ් වෙනවා. විකාර මැසේජස් පුලුවන් තරම් අඩුකරලා තියෙනවා. Interface එකත් විස්ටා වලට වඩා හොදයි.

මමනම් දැන් මගේ trial version එක crack කරගත්තා. දැන් කිසිම අවුලක් නැතුව වැඩ. Real Genuine නිසා microsoftලට වත් හොයන්න බැහැ. Google වල win7 crack by hazar 1.5 කියලා හෙව්වානම් මං පාවිච්චි කරපු crack එක download කරගන්න පුලුවන් වෙයි.
කාටහරි 7 වල crack එක හොයාගන්න අමාරු නම් මට mail එකක් එවන්න. මං ලග තියෙන crack ඒක මට එවන්න පුලුවන්. නැත්නම් මේ blog එකටම attach කරන්නත් පුලුවන්. ‍කොහොමද හොද?....

2009 දෙසැම්බර් මස 22 වැනිදා
..::eKiCkS::..

3 comments:

  1. send me the crack pse. walpolanavy@yahoo.com

    ReplyDelete
  2. matat win7 hondai wage,mage nm lape awema win7,e nisa kohmat dan pavichchi karnwa,firefox wala tab hira wena aulanm dan ne wage,eka windows wala aulk da manda,

    ReplyDelete
  3. කාටහරි Win7 වල Crack එක ඕනෙනම් http://www.4shared.com/file/187768304/870606df/Windows__Activators.html වලට click කරන්න.

    ReplyDelete