Tuesday, January 26, 2010

බ්ලොග් කරුවෝ ජයටම කඩේ ගියෝය.......

හදිසියේම කඩාවැටුන මැතිවරණයත් සමගින් විවිධාකාර පාර්ශවයන් නොයෙකුත් ආකාරයේ ප්‍රචාරණ ක්‍රම භාවිතා කලහ. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවට කඩේ ගිය අතර විපක්ෂයේ අඩුපාඩු හැල්ලුවට ලක්කොට ඔවුන්ට මඩ, අපහාස නොයෙකුත් අසෝභන දැ කල කීහ. විපක්ෂයේ ඇත්තන්ගෙන්ද මීට වඩා යහපත් දෙයක් යොවු අතර ප්‍රධාන දෙපාර්ශවය දෙපසට වී එකිනෙකාට මඩ ගසාගත්හ. පුද්ගලික මධ්‍ය ආයතනද තමන් තෝරාගත් පුද්ගලයන් වෙනුවෙන් කඩේ ගියහ. ගැටලුවක් නැත. ඒ මේ ජරා දේශපාලනයේ හැටිය. ඔවුන් දෙපසට වී මහජනයාට පෙනෙන්නට බැන ගනිති. මඩ ගසති. හමුවු විට කිසිවක් නොවූ සේ සතුටු සාමීචියේ යෙදී කා බී විනෝදයෙන් ගත කරයි.යලි පරණ ක්‍රමයමයි. එසේ සිට අනෙකාගේ වැරැද්ද පෙන්නමින් තමා වෙත ජනතා කැමැත්ත ඉල්ලයි. අවසානයේදී එනකකු දිනයි. කෙසේ වුවද පරදින්නේ මහජනතාවය. වීරයෝ බලු වෙති. පුරුදු ජීවන රටාවට යොමු වෙයි.

මෙම ජනපතිවරණයේදී සිදුවු ‍දෑ කෙසේ වුවද අපට අදාල වූ එක් කරුණක් කෙරේ අවධානය යොමුකල යුතුව ඇත. SBU හි බොහෝ පිරිසක් තමතමාගේ විවිධාකාර දේශපාලන මතවාද ප්‍රකාශ කිරිමේ මුවාවෙන් ඔබ්බට ගොස් විවිධ පාර්ශව වෙත මඩ සැපයීමේ කාර්යය සදහා පෙලඹුන බව සියලු දෙනා පොදුවේ දුටු සත්‍යයයි. තමතමාගේ දේශපාලන මතවාද දැරීමේ අයිතිය අපට ඇත. ඒ ගැන ගැටලුවක් නැත. නමුත් අප බ්ලොග් කරුවන්ගේ සංසදය වශයෙන් එක්ව සිටීමේ මූලික අරමුණ මීට බොහෝ සෙයින් වෙනස්ය. එය පසෙක තබා ඇතැමුන් මෙසේ විවිධ පක්ෂ වල මඩ ප්‍රචාර වලට වාහක මාධ්‍යයක් විය යුතු යැයි ඔබ අනුමත කරන්නේද?

බ්ලොග් ලියන්නනි. කිසිවකු මෙසේ එකිනෙකා වෙනුවෙන් කඩේ යා යුතුද? මඩ සැපයිය යුතුද? අපේ අරමුණ විය යුත්තේ ඊට බොහෝ සෙයින් ඔබ්බට ගිය පරාර්ථකාමී හැගීමෙන් යුක්ත දෙයක් නොවේදී? අප බෙදිය යුතු නැත. ජන්දයක් අවසානයේ යමෙකු දිනයි. නමුත් අවසානයේ අප සියල්ලලෝම පෙර සේ එක්ව සුපුරුදු රටාව අනුව යා යුතුය. එබැවින් බුද්ධිමත් පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම ඔබේත් මගේත් සැබෑ වගකීමයි.

පක්ෂ දේශපාලනය වෙනුවෙන් කඩේ නොගිය(මඩ සැපයීමෙන් වැලකී සිටි) බ්ලොග් කරුවන්ට ...::eKicKs::... උපහාරය!!!!!!!

12 comments:

  1. මමත් එකඟයි. මගෙ නම් දේශපාලනය සම්බන්ධයෙන් තියෙන්නෙ පිළිකුලක්. කඩේ යන එකට නම් මම හුඟක්ම විරුද්ධයි.

    ReplyDelete
  2. +1
    බ්ලොග්කරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මීට වඩා බුද්ධිමත් දේශපාලන සංවාදයක්. එහෙම කරපු අය නොහිටියා නෙමෙයි. නමුත් වැඩිපුර සිදු වුනේ කැත විදියට කඩේ යාම, දෙපාර්ශ්වයටම. සින්ඩිය බලන්නත් පිලිකුල් තත්වයක තිබුනේ මේ දවස් ටිකේ.

    ReplyDelete
  3. කතා කරල වැඩක් නෑ.. කට්ටියකයෙ blog වල traffic එහෙමත් වැඩි වෙලා කියල පංපෝරි ගහල තිබුන.. :D

    ReplyDelete
  4. සාමා මෙන්න මාමා ආවා
    අමර එන්න මේ මල් බලන්න.මාමා අපට මල් ගෙනල්ලා. අමර රතු පාට මොන පාටද? සමනලයයි මල් පොකුරයි චූටි බබයි සුදු හාවයි ලස්සනයි.

    සාමා අමර එන්න කිරි බීල යන්න.

    ReplyDelete
  5. කොච්චර කිව්වත් වැඩක්නෑ......... අම්මල තාත්තලගෙ නරක පුරුදු ඇයි මේ මිනිස්සු ඉස්සරහටත් අරන් යන්නේ ??? දේෂපාලනය යනු හොද දෙයකි. එහෙත් එසේවන්නේ එය හොද ආකාරයෙන් යොදගතහොත් පමණි. ලංකාවේ දේෂපාලුව ගැන කුමන කතාද ?? විකට කතාවලටනම් මරු චරිත ටික කියල වැඩක්නෑ................. :) :) අභාග්‍යනම් ඇතැම් BLOG ලියන්නන්ද ඇතම් විකට නට්‍යවල සුලුචරිත රඟපෑමයි.................. :) :) හහ් හහ් හහ් හාආආආ ( හතර හිනා )

    ReplyDelete
  6. [said]
    තමතමාගේ දේශපාලන මතවාද දැරීමේ අයිතිය අපට ඇත. ඒ ගැන ගැටලුවක් නැත. නමුත් අප බ්ලොග් කරුවන්ගේ සංධානය වශයෙන් එක්ව සිටීමේ මූලික අරමුණ පැහැදිලිය
    [/said]

    මොකක්ද බොලේ ඒ? මම දන්න තරමින් SBU - සිංහල බ්ලොග් කරුවන්ගේ "සංසදය" (සංධානය නොවේ!) - එක හැදිලා තියෙන ප්‍රධාන අරමුණ තමන්ගේ බ්ලොගයට ප්‍රචාරයක් ගැනීමයි. එහි සාමාජිකයන් වන්නේ SBU බ්ලොග් සින්ඩිකේටරයෙන් තමන්ගේ බ්ලොගයට ප්‍රචාරයක් ලබාගන්නා අය - සහ එහි පළවන ලිපි කියවන අය - යි. ඉන් එහා ගිය මූලික අරමුණක් නැහැ. ඔබ ඔය පැඑහැදිළියි කියන මූලික අරමුණ මට නම් පැහැදැළියි.

    [said]
    අපේ අරමුණ වනුයේ ඊට බොහෝ සෙයින් ඔබ්බට ගිය පිරිසිදු පරාර්ථකාමී හැගීමකින් යුක්ත විය යුතු නොවේදී?
    [/said]

    නැවතත් අපැහැදිළියි.

    සරලව කියන්නේ නම් SBU යනු එහි සින්ඩිකේටරයෙන් ප්‍රයෝජන ගන්නා අයගේ එකතුවක් මිස ඉන් ඉහා ගිය කිසිවක් නොවේ.

    එහි සින්ඩිකේටරය අපිට ප්‍රචාරය ලබාගන්න උදව් වෙන තවත් එක් උපකරණයක් පමණක් වන අතර, අපේ ඒකායන අරමුණ SBU සින්ඩිකේටරය වටා එකතු වී එයට දැමීමේ පරමාර්ථයෙන් ලිපි ලියන එක නොවේ.

    බල්ලා සහ නැට්ට පටලවාගත යුත නැත.

    මාගේ බ්ලොගය දිස්වන එකම සින්ඩිකේටරය (හෝ වෙනත් ප්‍රචාරක මාධ්‍යය) SBU බ්ලොග් සින්ඩිකේටරය නොවේ.

    ReplyDelete
  7. ඔබ අදහස් කරන අරමුණ සම්පුර්ණයෙන්ම එකඟයි!

    ReplyDelete
  8. මම නම් ක‍ඩේ ගියා ... ඒ අරමුණ මොකක්ද කියලා මම කියලත් තියනවා. ඒ අරමුණට වඩ උසස් එක අරමුණක් වත් මම ඔබේ Post එකේ දැක්කේ නෑ.

    SBU කියන්නේ අපේ අදහස් සිංහලෙන් ප්‍රකාශ කරන කොට තියෙන ගැටලු විසඳ ගන්න (බ්ලොග් ලියද්දී) උදවු කරන තැනක් විතරයි. ඒකට තමයි සින්ඩිය තියෙන්නෙත් ...

    හුඟක් වෙලාවට අපේ මතවාද මඩවලින් එහා ගිය කාරණා වුණා. ඒ නිසා ඒවට නියම උත්තර දෙන්න ඔය ඩොලර් වලින් ජීවත් වෙන සුරංගනා ලෝකයක තිබෙන සමාජ සාධාරණත්වය මෙකේ ඇතුළේ හදන්න එන පණ්ඩිතයන්ට අපි දුන්න උත්තර වලට කියන්න දෙයක් නැතිව ගියා. ඒකයි දැන් beyond frame වගේ ඒවා වහනවා කියන්නේ.. සියදෝරිස් ලොක්කත් කොහෙද දන්නේ නෑ.

    ඔය දේවල් අපේ අරමුණු වලින් වෙනස් කර ගන්න උත්සාහ කිරීම තමයි කළ යුත්තේ. කොහෙවත් නැති දෙයක් වගේ ඡන්දය දිහා බලන්න අපේ මිනිසුන්ට පුරුදු කළහම ඒක වාසියි. මිනිසුන්ට ටිකක් අන්දලා තමන් ඕන දේවල් කරන්න අනෙක් රටවලට ලේසියි. ඒ වගේ ගොංපාට් රඟ දක්වන්නේ නැතිව හිටියනම් හොඳයි...

    තේජාන් රත්නායක

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  9. @ Supun
    "සංධානය" යන්න "සංසදය" ලෙස නිවැරදි කරන ලදී.

    ReplyDelete
  10. @ Supun
    @ Thejan

    [Thejan said]
    මම නම් ක‍ඩේ ගියා ... ඒ අරමුණ මොකක්ද කියලා මම කියලත් තියනවා. ඒ අරමුණට වඩ උසස් එක අරමුණක් වත් මම ඔබේ Post එකේ දැක්කේ නෑ.[/Thejan said]

    [Supun said]
    බල්ලා සහ නැට්ට පටලවාගත යුත නැත.
    [/Supun said]


    ඔබේ අරමුණ උසස් එකක් වෙන්න ඇති. මං ඉතින් ආධුනික බිලොගර් කෙකනක් නිසා මට ඒක තේරෙන්නෙ නැතුව ඇති(කරුමෙක මහත).

    [Thejan said]
    කොහෙවත් නැති දෙයක් වගේ ඡන්දය දිහා බලන්න අපේ මිනිසුන්ට පුරුදු කළහම ඒක වාසියි. මිනිසුන්ට ටිකක් අන්දලා තමන් ඕන දේවල් කරන්න අනෙක් රටවලට ලේසියි.
    [/Thejan said]

    ඡන්දය දිහා ඔබ සදහන් කල ලෙස බැලිය යුතුයැයි මා කොහේ හෝ සදහන් කර නැත. කරුණාකර නැවත ලිපිය කියවන්න. මා කියා ඇත්තේ කඩේ යාම සහ මඩ ප්‍රවාහනය ගැන පමණයි.

    [Thejan said]
    ගොංපාට් රඟ දක්වන්නේ නැතිව හිටියනම් හොඳයි...
    [/Thejan said]

    ගොංපාට් (නැමති ඔබේ වචනයෙන්ම) රගදැක්වූ පිරිස කවුදැයි කියා පසුගිය කාලය මුලුල්ලේම SBU එක පුරාම දකින්නට ලැබුන බව බොහෝ දෙනෙක් සාක්ෂි දරති. (හිස්වැසුම ගැලපෙන අයට දාගත හැකිය.)

    ReplyDelete
  11. බ්ලොග් සංසදය සාමන්‍ය සමාජයේම හරස් හරස්කඩක්. ඒක නිසා සමාජයේ සිදුවෙන සිදුවන දේවල් සින්ඩිය තුලින් විද්‍යාමන වෙන එක හොඳයි කියල මට හිතෙන්නෙ. කඩේ යැමත් මඩ ගැසීමත් චන්ද සමයේ සිදුවෙන දේවල්නම් ඇයි අපි ඒවට වැට බඳින්නෙ.

    අර විශ්ව විද්‍යාල වල සමහරු ඇතිකරන්න හදනව වගේ උප සංස්කෘතියක් සින්ඩියට/සංසදයට අවශ්‍ය නෑ.

    මමත් එකඟයි Budhajeewa එක්ක.

    ReplyDelete