Monday, January 4, 2010

Laptop එකක් මිලදී ගන්නවාද?

අලුත් වෙන ලෝකෙත් එක්ක හැම දෙයක්ම පහසුවෙන් එහෙමෙහෙ ගෙනියන්න පුලුවන් උපකරණ වලට ලොකු ඉල්ලුමක් ‍තියෙන මේ වගේ කාලෙක lap top වලට ලොකු ඉල්ලුමක් තියෙනවානෙ. ඉතින් මං හිතුවා ඒ ගැන ටිකක් මොනව හරි ලිව්වොත් හොදයි කියලා. මොකද මේ දවස්වල ගොඩක් අය Desktop PCs අත ඇරලා දාලා හොද ලැප්ටොප් එකක් ගන්නනෙ බලන්නනෙ. අපේ සගයො ගොඩක් මේ දවස්වල ඔය ගැන උනන්දුයිනෙ.

ඇත්තටම lap එක්ක ගන්නවනම් මුලින්ම බලන්න ඇයි ඔබට lap එකක් ගන්න ඕන කියලා. නැතුව අනිත් අය ගන්න පලියටම හරි නැත්තම් trend එක ඒක නිසා හරි එහෙම ගන්න ඔබ පෙළඹෙනවනම් ඒක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද කියනවනම් ඇත්තටම Lap Top එකකට වියදම් කරන මුදලෙන් අඩක් වියදම් කලාම ඔබට ඊට වඩා Performance තියෙන Desktop PC එකක් හදාගන්න පුලුවන්. වැඩිපුරම ඉන්නෙ ගෙදර හෝ එකම තැනකනම් වඩා වටින්නෙ Desktop PC එකක් ගන්න එක තමයි.

Lap Top එකක් ගන්න ඕනෙනම් මුලින්ම බලන්න ඔබට මේ වෙනුවෙන් කොතරම් මුදලක් වැය කරන්න පුලුවන්ද කියලා. අද කාලෙ සාමාන්‍යයෙන් Core2Duo ප්‍රොසෙසර් එකක් (උදා:-Hp Compaq Presario 610)තියෙන ලැප්ටොප් එකක් රු 75000කට අඩුවෙන් ගන්න පුලුවන්. 2.0GHz හරි ඊට ටිකක් වැඩි Speed එකක්, 250GB පමණ Hard Disk Space සමග 2GB පමණ Ram එකක් මේ වගේ Laptop එකක් තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙන්නෙ ඔබේ එදිනෙදා වැඩ ටික කරගන්න නම් ඒ වගේ Lap එකක් හොදටම ඇති. (හැබැයි ඉතින් OS එකනම් Free හම්බවෙන්නෙ නෑ.)

හැබැයි ඔබ බලාපොරොත්තුව හොද performance තියෙන Lap Top එකක් නම් ඒ කියන්නෙ ඔබ Maya වගේ software එක්ක වැඩ කරනවානම්, ඔබේ Lap Top එකේ මේ software පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔබට සිද්ධ වෙනවා ටිකක් ලොකු මුදලක් මේ වැඩේට යට කරන්න. මොකද මේ වගේ Lap එකක් වෙළදපොලේ අඩුම මිල රු 115000 ක් පමණ වෙනවා. (උදා:- HP Pavilion Series) Processor එක Core2Duo 2.5GHz with 2MB Cache එකක්වත් වෙන්න ඕන. ඒ වගේම 512MB තරමෙවත් Separate Graphics Adapter එකක් තියෙන්නත් ඕන. Ram එක 4GB තියෙනවානම් ගොඩක් හොදයි. (අනික මෙහිදි තියෙන වාසිය තමයි මේ වගේ Laptop එකක් ගන්නකොට Legal OS එක, ඒ කිව්වෙ නීත්‍යානුකූල ඔපරේටිං සිස්ටම් එකකුත් එක්ක තමයි මේ වගේ Laptop එකක් එන්නෙ.)

ඊලග වැදගත්ම දේ තමයි ලබාදෙන වගකීම කොතරම්ද කියන එක. International Warranty එකක් නම් ගොඩක් දුරට අවුරුද්දක් තමයි ලැබෙන්නෙ. සමහරු Advertise කලාට 3 years warranty දෙනවා කියලා ‍හොදට හොයලා බැලුවොත් කියයි දෙවනි අවුරුද්දෙ ඉදන් දෙන්නෙ service warranty එක විතරයි කියලා. ඒ කියන්නෙ අලුතෙන් මොකක්හරි කොටසක් අලුතෙන් දාන්න වුනොත් ඒකට ගෙවන්න වෙනවා. ඒ නිසා මිලදී ගන්න පෙර ඒ ගැන හොදට හොයලා බලන්න. නැත්තම් ගොඩක් වෙලාවට ඔබ නොදැනුවත් කමින්, වෙළදුන් විසින් වෙනස් කරපු එකකට අහුවෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි.

අපේ රටේ වෙළද පොලේදී මිලදීගන්න පුලුවන් හොදම වර්ග වල Laptop වර්ග විදියට HP, DELL, Compaq, Toshiba තමයි ගන්න පුලුවන්. Acer ගැනනම් එතරම් හොද අදහසක් ගොඩක් දෙනා අතර නැහැ.
කොහොම උනත් ඔබ අද හෙටම Lap එකක් ගන්න බලාගෙන ඉන්නවානම් හදිසි නොවී හොදට හොයලා බලලා මිලදී ගන්න. නැත්නම් අවසානයේදි මුදලුත් නාස්ති කරගෙන හැමදාම repair කරන්න දුව දුවා ඉන්න වෙයි.

8 comments:

  1. හොඳ පෝස්ට් එකක්.

    මෙතනට එකතු වෙන්න ඕනෙ දෙයක් තමයි, සාමාන්‍ය වැඩක් කරගන්න ලැප්ටොප් එකක් අරගන්න අයට ලක්ෂ එකහමාරක් විතර දීලා 'ලොකු' එකක් ගන්න එක අපරාදයක් කියන එක. මොකද කොහොමත් මාස 6 යනකොට තිබුනු ගානට වඩා ලාබෙට ඊට වඩා අලුත් හොඳ බඩු එනවා.
    මම මගේ ලැප අවුරුද්දකට කලින් ගත්තේ 80000ට Pentium Dual එකක්. ඒ කාලේ Core2 Duo එකක් 1 පැනලා. දැන් 75000ට Core2 Duo තියෙනවා. ඒ දිහා බලල හූල්ලන එක තමා මං දැං කරන්නේ. :D

    ReplyDelete
  2. මම නම් කැමති desktop pc වලට එත් මට හරියට ගෙදරක් නැති නිසා මම HP Pavilion dv6580ee එකක් ගත්තා 2007 August හබැයි එකේ ප්‍රොසෙසර් එක තාම එන අළුත් ඒවාට වැඩිය හොදයි... මම ඊළගට ගන්න ඉන්නේ HP Elitebook එකක් pavilion developing වැඩ වලට හොද මදි multimedia තමයි හොද..

    ReplyDelete
  3. මට මාර කට්ටක් කන්න උනා යාලුවෙක්ට Acer lap එකක් Malaysia වලින් ගෙනත් දීල, Acer පිටරටින් ගත්තොත් International Warranty එකට ලංකාව අහුවෙන්නෙ නැහැ කියල තමයි මෙහන් අහපුවාම කිව්වෙ. :p
    අන්තිමට ආයෙ එහෙ යවන්න උනා හදාගන්න.

    ReplyDelete
  4. Lenovo ගැන මොකද හිතන්නේ?
    අලංකාර නිමාවක් නොතිබුණාට අඩු මිලකට වැඩි performance තියෙන laptop එකක් ගන්න පුළුවන්.

    ReplyDelete
  5. @ශාකුන්තල
    ඔව් ඒකනම් ඇත්ත. ඒවුණත් ගොඩක් පළාත් වල ඒවා මිලදී ගන්න නැති එක තමයි ප්‍රශ්නේ.අනිත් අතට HP වගේ lap ගොඩක් compatible වෙන්නේ Windows වලට හින්ද linux භාවිතා කරන උදවිය ඒ ගැනත් හිතුවොත් තමා හොද :D

    ReplyDelete
  6. අහ්..! Linux කිව්වමයි මතක් වුණේ... HP ලැප්ටොප් කියන්නෙ එක අතකට පොඩි එවුන් සඳහා නිෂ්පාදනය කළ සෙල්ලම් බඩුවක් වගේ. Microsoft ඒකාධිකාරය හොඳට දැනෙන්න නම් HP එකක් පාවිච්චි කරන්නම ඕනේ... :D

    ReplyDelete
  7. Your post has been copied
    http://www.amilaprasad.co.cc/2010/08/laptop.html

    ReplyDelete
  8. වෑඩියේ මුදල් එහෙම නැති අයට හොදම ලෑප් එක lenove. එච්චර ලස්සන නැති උනාට Proformence නියමයි. ගොඩක් HP වල මම දෑකල තියෙනව ඉක්මනට Keyboard එක , USB Port වල දොශ එනව. ඒ වගේම කාලයක් අපේ විශ්ව විද්යාලවල යන අයට රජයෙන් දුන්න HP ලෑප් වල සිල්ව පාට මාස 6කින් ගිහින් කලු පාට මතු වුනා. acer ගෑන කියන්න වරදක් නෑ.. ඒත් ගොඩක් acer වල බැටරි එක ඉක්මනට සවුත්තු වෙනව (අනෙක් ලෑප් වලට සාපේක්ශව , වසරකට පසූ ), Dell ගෑන නම් මම වරදක් කියන්න තාම මුකුත් දැකල නෑ.. Asuz ලෑප් ලස්සන උනාට HP වලට කිව්ව දේවල් ටිකම මම ඒකටත් කියනව. Toshiba ගෑන කියන්න හොදත් නෑ නරකත් නෑ..

    ReplyDelete