Sunday, January 31, 2010

ටෙලිකොම් අන්තර්(ජං)ජාල ගාස්තු ක්‍රමය....

අන්තර්ජාල සේවා සපයන දිවයිනේ අනෙකුත් ආයතන හා සසඳා බලන කල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගුණාත්මක බවින් ඉදිරියෙන් සිටින බව පොදුවේ සැවොම පිලිගන්නා සත්‍යයයි. අන්තර්ජාල සේවා සපයන ආයතන කිහිපයක් අප රටේ තිබුණද වැඩි දෙනෙකු විසින් ටෙලිකොම් ආයතනය තෝරාගනු ලබන්නේ එහි ඇති එම සුවිශේෂි වු විස්වාසවන්ත සේවය සහ ගුණාත්මක බව නිසාමය.
කෙසේ වුවද ටෙලිකොම් ආයතනය මෙම සේවා සඳහා අයකරන ගාස්තු සම්බන්ධයෙන් යම් ගැටලූකාරී තත්වයකට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදුවී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ පැකේජයන් සමග සැසඳීමේදී වැඩි පිරිසක් භාවිතා කරන SLT Entree පැකේජයේ මාසික ගාස්තුව මොබිටෙල් ආයතනයේ සමාන පැකේජයක් සඳහා අයකරන ගාස්තුවට වඩා ඉහලය.
පැකේජය                           අවම ගාස්තුව                             මාසයකට නොමිලේ භාවිතය
SLT Entree                        500.00 Rs                                    1GB
Mobitel Zoom 490             490.00 Rs                                   1.5GB
Mobitel උපහාර                 240.00 Rs                                     1GB
Mobitel Zoom 890             890.00 Rs                                    4GB
   අමතර භාවිතය සඳහා ගාස්තු:-
•    ශ්‍රී ලංකා ටෙලිකොම්                      -  1MB සඳහා රු 0.50
•    ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්    - 10MB සඳහා රු 2.00

 මෙසේ ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමේම ආයතනයක් අඩු මිලට සිය පාරිභෝගිකයන්ට සේවය සපයද්දී ටෙලිකොම් ආයතනය තම පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අය කිරීම ටෙලිකොම් ආයතනයෙන් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ට කරන බලවත් අසාධාරණයකි. පවතින තත්වය හමුවේ මොබිටෙල් වෙත මාරු වීමද කල නොහැක්කකි. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, අනෙකුත් උසස් අධ්‍යාපනය ලබන සිසුන් සහ අනෙකුත් සාමාන්‍ය පාරිභෝගිකයන් ඇතුලූව වැඩි පිරිසක් භාවිතා කරන්නේ මෙම SLT Entree සබඳතාවය බැවින් මෙම ගැටලූව ඔවුන් සියලූම දෙනා කෙරෙහි බලපායි.
මෙම ගැටලූවට විසඳුමක් ලෙස පහසුවෙන්ම SLT Home පැකේජයට මාරු වීමට හැකි සේ පෙනී ගියද සියලූ බදු සමග එම පැකේජයේ මාසික ගාස්තුව රු 2000.00 ක් පමණ වන බැවින් එයද ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයකි.

එබැවින් මේ පිළිබඳව සලකා බැලිමේදී වැඩි දෙනාගේ අදහස් අනුව පහත විකල්ප, යෝජනා ලෙස ඉදිරිපත් කල හැකිය.
1).SLT Entree පැකේජය සඳහා මසකට නොමිලේ භාවිතා කල හැකි සීමාව 2 GB දක්වා වත්
    වැඩි කිරීම.
    (පවතින අවම ගාස්තුව යටතේ (එනම් රු 500.00) ලැඛෙන නොමිලේ භාවිත කල හැකි සීමාව
     2GB දක්වා වැඩි කිරීම මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන්ට යම් වාසියක් සැලසෙනු ඇත.)
2).SLT Entree පැකේජයේ මාසික ගාස්තුව පහත දැමීම.
    (SLT Entree පැකේජයේ ගාස්තුව අවම වශයෙන් රු 300.00 ක් වැනි මුදලක් දක්වා වත් අඩුකිරීමෙන් ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට සහනයක් සැලසෙනු ඇත.)

 බොහෝ පිරිසක් අන්තර්ජාල පහසුකම් සඳහා ටෙලිකොම් අන්තර්ජාල සේවාව භාවිතා කරන බැවින් මේ පිළිබඳව එම ආයතනය විසින් ගන්නා තිරණ වත්මන් පරිශීලකයන්ගේ මෙන්ම ඉදිරියේදී මෙම සේවා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙකු කෙරෙහිද සෘජුවම බලපාන බැවින් ටෙලිකොම් ආයතනය පාරිභෝගිකයන් වෙනුවෙන් යම් සහනදායී පියවරක් අනුගමනය කිරීමට කටයුතු කල යුතුය යන්න මාගේ හැගීමයි.
 (කරුණාකර ඔබගේ අදහස් මෙහි සටහන් කර යන්න.)

9 comments:

  1. ලංකාබෙල් මාසික අයකිරීම රු 2000+309 වේගය 512kbps
    කොහොමද ලංකාවේ 512කට හොදම අයකිරීම......

    ReplyDelete
  2. Ado mobitel walatath kelawannada hadanne? Umbe me weden mobtel ganan wedi weida danne ne.

    ReplyDelete
  3. ඔයා කියන කතාව හරි. ටෙලිකොම් කාරයො අපේ රිරී මාංසේ උරා බොනවා.

    ReplyDelete
  4. සහතික ඇත්ත..!! එන්ට්‍රි පැක්. එකේ 1GB වලින් හැරෙන්නත් මදි.. homepack. අරගෙන කරන්න වැඩකුත් නෑ.. අනේ මන්දා අප්පා..! අහිංසක අපි වගේ පාරිභෝගිකයෝ ගැන ටෙලිකොම් මීට වඩා ටිකාක් හිතනවා නම් හොදයි වගේ.

    ReplyDelete
  5. ලංකාවෙ අන්තර්ජාල සම්බන්‍ධතා ගාස්තු හොඳටම වැඩියි!

    ReplyDelete
  6. ගනන් අඩු වෙනවා නම් අපිත් කැමතියෝ..............

    ReplyDelete
  7. ethth thamai kathawa

    ReplyDelete
  8. කාලීන අවශ්‍යතාවයක්, ඔයාගේ බ්ලොග් එකට තෝරා ගැනීම, ගැන සතුටුයි. ඉතාම පැහැදිලි සංසන්දනයක්.

    වැඩි දෙනෙක් භාවිතා කරන්නේ SLT නේ. ඒ හන්දා, එයාලා මීට වඩා පාරිභෝගිකයන් ගැන හිතුවොත් නම් හොඳා තමා.

    ReplyDelete