Friday, June 11, 2010

මිහිමත දැවැන්තයා- World Largest Cargo Aircraft- Anotonov AN 225


කට්ටියට මතක ඇති නේද 2012 චිත්‍රපටයේ තිබෙන දැවැන්ත භාණඩ ප්‍රවාහන ගුවන් යානාව? ඒක තමයි දැනට මේ මිහිපිට තිබෙන දැවැන්තම සහ බරෙන් වැඩිම ගුවන් යානාව. මෙය දැනට ලොව ඇති විශාලම මගී ප්‍රවාහන යානාව වන Airbus A380 ටත් වඩා විශාලයි. ඇත්තටම මේක ගුවන් යානාවක් කියනවට වඩා ගුවන් නැවක් කියන එක තමයි සුදුසු. ඒකට හේතුව තමයි මෙම යානයේ තිබෙන විශාලත්වය. මෙහි පහත තිබෙන ඡායාරෑප බලන්න. Antonov An-225 Mriya නම්න් හැදින්වෙන මෙම දැවැන්තයා 1988 වසරේදී මුල්වරට නිපැයූ අතර එය සෝවියට් සමූහාණ්ඩු/යුක්රේන Antonov සමාගමේ නිමැවුමක්. 21 December 1988 දින මුල් ගුවන් ගමන සාර්ථකව අත් හදා බැලූ මෙම දැවැන්ත යානාව එදා සිට අද දක්වා අඛණ්ඩව තව සේවය ලොවට සපයනවා.

850 km/h උපරිම වේගයෙන් පියාසර කල හැකි අතර මෙය Turbofan වර්ගයේ සුවිශාල එන්ජින් 6කින් සමන්විතයි. හිස්ව ඇති විට යානයේ මුලු බර 285,000 kg පමණ වෙනවා. උපරිම ප්‍රවාහන ධාරිතාවක් ඇතිව ගුවන්ගත වීම සදහා 3,500 m පමණ දිග ධාවන පථයක් අවශ්‍ය මෙයට එක වරකට ගෙනයා හැකි උපරිම බර 640,000 kg පමණ වෙනවා. යානයේ මුලු දිග 84 m ක් වන අතර එහි උස 18.1 m ක් බවයි සදහන් වෙන්නෙ. පියාපත් කෙලවරවල් අතර දුර 88.4 m වෙනවා. හිතාගන්න පුලුවන්ද මෙහි විශාලත්වය?



පහත ඡායාරෑපයෙන් දැක්වෙන්නෙ Buran නැමති අභ්‍යාවකාෂ ෂටලය ඇන්ටනොව් 225 යානාවක් මගින් ප්‍රවාහනය කරන අවස්ථාවක්...

යානයේ ඉහල තට්ටුව සම්පූර්ණයෙන්ම පාහේ පිරී ඇත්තේ මෙවැනි විශාල පාලන උපකරණ වලින්...


යානය පසුපසින් පෙනෙන හැටි....


ඇතුලත තිබෙන ඉඩකඩ කොතරම්ද කියල පේනව නේද?



සද්දන්තයා හසුරැවන පාලන කුටිය........


යානයේ සුවිශේෂත්වය. වෙනත් යානාවල වගේ නොවෙය්. භාණ්ඩ පැටවීම සහ බෑම සිදුකරන්න එහි ඉදිරිපසිනුත් පුලුවන්.


එක් පසෙකට තුනක් බැගින් වන දැවැන්ත එන්ජින්.... 


මෙවැනි තවත් සුවිශේෂ මෙන්ම ඉතා අලංකාර රෑප රාශියක් අන්තර්ජාලයේ තිබෙනවා.

 වැඩි විස්තර මම ගත්තෙ මෙතනින්...

7 comments:

  1. රසවත් වගේම වැදගත් ලිපියක්.

    ReplyDelete
  2. කලු බිංදු වගයක් තියෙනවා වයිරස් එකක්ද?

    ReplyDelete
  3. http://www.airliners.net/photo/Antonov-Design-Bureau/Antonov-An-225-Mriya/0762872/L/&sid=b3d4a5e987db2f128d1d6b212ffe6727

    The cargo hold of the Ukrainian monster being prepared for a relief flight to Colombo...

    /කුම්භකර්ණයා

    ReplyDelete
  4. I think its Colombo of Brazil

    ReplyDelete
  5. ස්තුති හැමටම...... :a

    ReplyDelete
  6. මේකෙ තියන අනිත් විශ්ෂත්වය තමයි මේ වර්ගයෙ යානා ලෝකෙටම තියෙන්නෙ 1ක් පමනක් වීම

    ReplyDelete
  7. මේක හැදුවෙ ඔය බුරාන් කියන ශටල් එක ප්‍රවාහනය කරන්න. ඒත් බුරාන් අසාර්ථක වෙච්ච නිසා ඇන්ටනොව් සමාගම ඒක භාණ්ඩ ප්‍රවාහනයට ගත්තා. ඊට පස්සේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුනා. දැවැන්තයා ගුවන් තොටුපලක ගාල් කරල තිබුණා අවුරුදු 7-8ක්(මට හරියට මතක නෑ). ඊටත් පස්සෙ මෑතකදි අවු 10කට කලින් විතර තමයි නැවත ප්‍රතිසංස්කරනයක් කරල හදල ගත්තෙ. ඒකෙ දැන් පාටත් වෙනස්. හරියට M9 එකක පාට දැන් තියෙන්නෙ. සුදු නිල් කහ. ඇන්ටනොව් සමාගම තවත් මේ වගේ 225 එකක් හදන්න පටන් ඇරන් තියෙනවා. ඒත් ඒකෙ වැඩ අවසන් නෑ.

    ReplyDelete