Saturday, February 12, 2011

මකපු වෙබ්/බ්ලොග් පිටුවක් කියවන්නෙ කොහොමද? මෙන්න ලේසිම ක්‍රමයක්.....

මේක මහා ලොකු වැඩ කෑල්ලක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මේ ගැන දන්නෙ නැති අය කීප දෙනෙක් හරි ඇති කියල හිතුන නිසා තමයි මේ ගැන මං ලියන්න හිතුවෙ. අපි සමහර වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි අපි බ්‍රවුස් කරල යන පිටු සොයාගන්න බැරි වබ හෝ එහෙම පිටුවක් නැති බවට ලැබෙන මැසේජස්. මේක බොහෝ වෙලාවට වෙන්නෙ සර්ච් එන්ජිමක් භාවිතයෙන් යම් දෙයක් සොයල එයට ලැබුණ ප්‍රතිඵල වල තියෙන ලින්ක් ඔස්සෙ ගියාම සමහර වෙලාවට ඒවාට පිවිසෙන්න බැරි අවස්ථා කීපයක් තිබෙනවා. 
උදා:-
  • වෙබ්/ බ්ලොග් පිටුව හෝ අඩවිය මැකී ඇති විට
  • පිවිසීම අවහිර කර ඇති විට
  • වෙබ් පිටුව සහිත අඩවිය ඇති ස්ර්වරය අක්‍රීය විට හෝ කාර්ය බහුල විට
බ්ලොග් පාඨකයන්ටත් මේ වගේ අත් දැකීම් ඇති. මොකද සමහර අයගෙ බ්ලොග් වලින් පෝස්ට් මකනවනෙ. ඒ වගේම සමහරු ගෙඩි පිට්න්ම බ්ලොග් මකනව. බොහෝ වෙලාවට අපි බ්ලොග් වලදි පාව්ච්චි කරන  LinkWithin වගේ ගැජට් වල පෙන්නන සමහර පෝස්ට් වලට ගියාම ඒ පෝස්ට් මකල නම් ඒත් මේ වගේ මැසේජස් එනවා.
ඉතින් මෙන්න මේ වෙලාවට අපේ පිහිටට ඉන්න දෙයක් තමයි මං කියන්න හදන්නෙ. 
ඒ තමයි පේජ් කැෂ්. (උදා:- Google page cache)  
අපි යම් වෙබ් පිටුවක් වෙබ් අවකාශයට එක් කරල ටික දවසකදි Google වගේ සර්ච් එන්ජින් අපේ වෙබ් පිටු index කරගන්නවා. ඒ වගේම එම වෙබ් පිටු ඔවුන්ගෙ විවිධ තාක්ෂනික ක්‍රම මගින් ඔවුන්ගෙ servers වල cache කර ගන්නවා. ඒ කියන්නෙ අපේ වෙබ් අඩවි වල පිටු බැකප් කරගන්නව වගේ දෙයක් කියල හිතා ගන්නකො. 

මේ උඩ තියෙන්නෙ මෙන්න මේ ගූගල් සෙවුමෙන් ලැබුණ පුංචි කොටසක්. හොඳින් බලන්න මෙහි මම රතු පාටින් ඉරි ඇඳ තියෙනව cached කියන කොටස. මෙයින් කියවෙන්නෙ මෙම අඩවිය ගූගල් විසින් කෑෂ් කර ඇති බව. ඒ කියන්නෙ යම් විදියකින් මේ අඩවිය අක්‍රිය වුනොත් යම් තාක් කාලයක් දුරට එම කැෂ් පිටු කියවන්න පාඨකයන්ට පුලුවන් මෙන්න මේ තියන විදිහට. හැබැයි ඉතින් මෙහිදි පින්තූර, වීඩියෝ වගේ දේවල් ගැනනම් 100% වගකීමක් ගන්න බෑ. නමුත් බ්ලොග් පිටුවක් වෙබ් පිටුවක් වගේ දෙයක් කියවන්න එය බාදාවක් වෙන්නෙ නෑනෙ. මමත් ඔය අපේ සමහර බ්ලොග්කරුවන්ගෙ බ්ලොග් වල මකපු පිටු මේ විදියට කියවල තියෙනවා.  ;)

ඔබටත් මේ වගේ මකපු පිටුවක් හම්බ වුනොත් කරන්න තියෙන්නෙ ඒ පිටුවෙ ලිපිනය(Address bar) එකේ දැක්වෙන ලිපිනය කොපි කරගෙන එය ගූගල් වගේ සර්ච් එන්ජිමක සම්පුර්ණ ලිපිනයම පේස්ට් කරල සර්ච් එකක් දාන්න විතරයි. ගූගල් දෙයියො ගාව පිටුව තිබුනොත් ඔයාලට ලැබෙන සර්ච් ලිස්ට් එකේ අදාල පෝස්ට් එකේ cached කියන වචනෙ උඩ ක්ලික් කලානම් පින්තුර කෙසේ වෙතත් පිටුව නම් ගේමක් නැතුව බලාගත්ත හැකි. google, yahoo වගේ සර්ච් එන්ජින් වල මෙම විශේෂාංගය තිබෙනවා . ඒ වගේම මෙහෙම කෑෂ් වෙන්න සාමාන්‍යෙයන් පුංචි කාලයක් ගතවෙන නිසා දාල පුංචි වෙලාවකින් මකන ලද ඒවානම් මෙයින් බලාගන්න ලැබෙන්නෙ නැත. වැඩි විස්තර ඕනෙනම් මෙතනින් බලන්න.

 වැල්වටාරමක් වගේ ලිවුවෙ වැදගත් නැති දෙයක්ද මන්ද. :(
ගිහින් එන්නම්. ඔබට ජය.

12 comments:

  1. වෙලාවට කිව්වෙ මටත් ඔය දේ දැනගන්න ඕන වෙලා හිටියේ..

    ReplyDelete
  2. ponna lipiyak..shit :l

    ReplyDelete
  3. @Anonymous...
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. ගොඩක් ප්‍රයෝජනවත්. ස්තුතියි මිත්‍රයා

    ReplyDelete
  5. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...

    ReplyDelete
  6. සියලු දෙනාගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි.

    @ Dinesh
    අයියා මං ඔයාගෙ පෝස්ට් වගේකුත් මෙහෙම කියෙවුවා. :d

    ReplyDelete
  7. හොඳ ලිපියක් මල්ලි..මට ඔය වැඩේ දැන් ටික කාලෙකට කළින් අහු වෙලා තිබුනේ..හැබැයි එකේ ක්‍රියාකාරිත්වය දැනං හිටියේ නැහැ
    ස්තූතියි

    ReplyDelete
  8. @මාරයාගේ හෝරාව
    බොහොම ස්තුතියි අයියා ප්‍රතිචාරයට. කීප දෙනෙකුට හරි වැදගත්වෙයි කියල තමයි මේක දැම්මේ. මෙහෙම ප්‍රතිචාර ලැබෙයි කියට හිතුවෙ නෑ.

    ReplyDelete
  9. නියමයි මචන්..මේක ගොඩාක් වටිනවා..

    ReplyDelete
  10. නියමයි මල්ලි ,, මටත් ගොඩක් වැදගත් වුණා .

    ReplyDelete