Friday, April 15, 2011

පොඩ් එකාගෙ රචනාව - අවුරුද්ද ඉවර විය

 ඉස්සර කොස්ගහේ ඉඳලා කෑ ගහන කොහා මෙදා පාර ටීවී එකෙං කෑ ගැහුවෝය. ලංකාවේ ටීම් එකේ අයියලා කුසලානේ ගේන්න බැරි උන හින්දා කොහා ඇඬුවේ දුකින් වගේය. මැච් එක පැරදුන හන්දා මේ පාර මොන අවුරුදුදැයි අයියා කීවෝය. මොකාට එපා උනත් අක්කා නංගී දෙන්නාටම අලුත් ඇඳුම් ඕනෑ කියා දෙන්නාම කෑ ගැසුවාය. ඒ නිසා අම්මා ටවුමේ පොලෙන් අක්කාට හා නංගීට ගවුම් දෙකකුත් අයයියාට හා තාත්තාට සරම් දෙකකුත් ගත්තතෝය. මට කොට කලිසමත් ටී සර්ට් එකක් ගත්තෝය. ටවුමේ පොලේ සෙනග කන්දරාවට හිරවුන නිසා මගේ හුස්ම හිරවුනෙමි. අම්මා අමාරුවෙන් පැන මාව බේරාග්තෝය. තවපොඩ්ඩෙන් ගෙදර මලගෙයක් වෙනවාය.

 පටස් පටස් ඩෝං කියා වටෙංම සද්ද ඇහුනෝය. ඒනිසා මටද රතිඥ්ඥා පෙට්ටියක් ඕනැ කියා අයියා කෑ ගැසුවාය. තාත්තා එනවිට පොලෙන් තඩි පෙට්ටියක්ම ගෙනැල්ලා අයියාට දුන්නාය. තාත්තා තව බර මල්ලක් අරන් ඇවිල්ලා ඇඳ යට හංගනවා මම දැක්කෝය. තාත්තා එහෙම හංගන්නේ අම්මාට ගෙනා අවුරුදු තෑග්ගක් කියා මට කීවෝය. පොලෙන් අම්මාට ඇදුම් ගත්තේ නැති නිසා මම සතුටු උනෝය.

 අයියාත් මමත් පහල ගෙදර ගුණයා හා සිරා එක්ක පිට්ටැන්නේ ක්‍රිකට් ගහන්නට ගියෙමි. දවලේ පන්සල පැත්තේ ගිහින් එමු කියා තාත්තාත් අම්මාත් කියුවාය. අපි පන්සල් ගියෙමි. පාට පාට අක්කලා ගොඩාරියක් අයියලා හා මාමලා එක්ක පන්සලේ තැන තැන සිටියාය. පන්සලේදීත් ඒ අක්කලා හිකි හිකි ගාන්නේ ඇයි කියා පොඩි එකෙක් නිසා මට තේරැණේ නැත. අපේ ලොකුඅක්කාට පන්සලේ හිටපු අයියා කෙනෙක් ඇහැක් ගැසුවෝය. අම්මා ඒ දැක රවපු රැවිල්ලට ඒ අයියා කොහේ ගියාද කියා මම නොදැක්කෝය.

 අවුරුද්දටම එක පාරයි නෙවැ කියා අම්මා කෑම ජාති වගයක් සාදා තිබුණෝය. ලිප පත්තු කරන්න දැංවෙලාව හරි කියලා ටීවී එකේ නැන්දා කෙනෙක් කියුවෝය. අම්මා කිරිබත් මුටිටිය ලීපේ තිබ්බෝය. අයියා රතිඤ්ඤා පත්තු කරාය. අක්කලාත් මමත් ටීවී එකේ ගිය අවුරුදු උත්සවේට සහබාගී වුනෙමි. ඉස්සර අපේ ගමේ අවුරුද්දට උස්සවයක් තිබුණෝය. ඒත් දැං ගමේ මාමලා අයියලා ගොඩාරියක් ඉන්නේ මූදෙන් එහා පැත්තේ කියා තාත්තා කිවුවෝය. එහෙම නොවුනානං අපේ ගමේද අවුරුදු උස්සවයක් බලාගන්න තිබුණාය.

එකපාරට අවුරුදු උස්සවේ පෙන්නන එක නවත්තලා ඇඩ් එකක් දැම්මාය. බාගෙට හෙලුවෙං වගේ පේන වයසක අක්කා කෙනෙක් මොනවාදෝ වැඩියෙන් උරාගන්නා ජාතියක් ගැන කියාගෙන ගියේය. මං පොඩි එකා නිසා මට ඒක නොතේරුණි. ඒ මොකක්ද කියා මං අක්කාගෙන් ඇහුවාම අක්කා මට රැවුවෝය. රතු පාට තුවායක් වගේ එකක් කරේ දාගෙන හිටි කලු තඩි මහත මාමා කෙනෙක් ටීවී එකෙං අපිට සුබ පැතුවාය. අවුරුද්ද අපේ කියා ඒ මාමා කියුවෝය. මට ගොඩාක් සතුටු හිතුනේය.

හතර වටෙං පටස් පටස් ගාද්දී අපි අවුරුදු මෙසෙට වාඩි උනෙමි. කෑමෙන් පස්සේ අපි අම්මාටත් තාත්තාටත් වැන්දෝය. බුලත් කොලයක් ගානේ තාත්තා අපිට දුන්නාය. මොකෙක්දෝ හැල ගෙම්බෙක් ඉන්නා රුපියල් දහයේ කොලයක් ඒකේ තිබුණාය. දැං මට ඒකෙන් රටකජු කන්නට පුලුවන් නිසා මට සතුටු හිතුනෝය. අවුරුදු කෑම ඉවර උන ගමන්ම අයියා කෙහේදෝ දිවුවෝය. පොඩ් එකා හෙම එක්ක යන්නෙ නෑ ඔය සූදුපොලට කියා අම්මා සැර දැම්මෝය.

අපේ ගමේ තාත්තාගේ යාලු මාමලා වගයක් අවුරුද්දට ගෙදර ආවේය. ටික වෙලාවක් කියෝ කියෝ සාලේ ඉඳපු මාමලා හැමෝම හෙමින් සැරේ තාත්තාගේ කාමරේට එබුනෝය. මමද මාමලාගේ පස්සෙන් කාමරේට ගියාම තාත්තා මාව එලෙව්වාය. ටික වෙලාවකට පස්සෙ මම හොරෙන් කාමරේට එබුනේය. අම්මාට දෙන්න ගෙනාපු තෑග්ග තාත්තා කඩලාය. ඒකේ තිබුණු තේ වතුර බෝතල් ටික අර මාමලා තාත්තා එක්ක බිවුවාය. මට අම්මා ගැන දුක හිතුනාය. ඊට පස්සේ ඔක්කෝම එකතු වෙලා සාජ්ජයක් දැම්මාය. අම්මා කුස්සියට වෙලා තරහෙන් සිටියේය. අම්මා දුකෙන් ඉන්නේ අම්මාගේ තෑග්ග මාමලා බීපු නිසායැයි පොඩි කමට මට සිතුනෙමි.

පහුවදා අපි පහල ගෙදර පොඩි නැන්දලාගෙ ගෙදරට නෑගම් ගියෝය. තාත්තාට වැඩට යාමට ඕනෑය කියා හුලංදාවේ නැන්දලාගේ ගෙදර වෙසක් එකට යමුයි තාත්තා කිවෝය. ඊට පස්සේ අවුරුද්ද ඉවර විය. අපේ ගෙදර පොඩි එකා වන මගේ අවුරුද්ද මේ වගේය. අසා සිටි ඔබ සැමට ඉස්තුතිය.

25 ඔබේ සිතට නැගෙන අදහස් මට මෙහි සටහන් කර යන්න.:

Kanishka | කණියා said...

හි හි... නරකම නෑ..

වැප් said...

මේක කියවා බැලුවෝය :DDDD

ශාමින්ද said...

නියමයි මචං. ඔහොම ලියාගෙන යමුකෝ ..........

Thusitha Jayasinghe said...

පට්ට

buwa said...

පොඩි එකාගෙ රචනාව චෝක්ය :q

මලිති said...

අනේ අපෝයි :a පොඩි එකාගේ කථාව අපූරුයි :j

නීනු නෙරංජි said...

පොඩි එකාගේ රචනාව මම බැලවාය.:q එහෙත් මූ පොඩි එකෙක් බව නොසිතුවෝය.:m මූ අම්බානක පැහිලේය.:d මු මොකට උපන්නාදැයි අපි සිතුවෙමි..:i මූ රතු තුවා මාමා ට අකමැති බව ලොව බොහෝ අය දන්නෙමිය.:b මූ සුදු වැන් එකකින් අරන් යනු ඇතැයි මම බලාපොරොත්තු වන්නෙමු.:c

ජීවිතේමල් said...

මටත් දැන් උක්ත ආඛයාත මොන්ගල් වගේයෑ :)

Pasan said...

පොඩි එකා‍ට තේරෙන හරිය ඇතිය.. ඔයිට ‍වඩා තේරුන්ගන්නට ඕනිම නැත..:-D

හසී said...

අසරණ පොඩි එකා :n

ස්වප්නා said...

තිත්ත ඇත්ත හරිම ලස්සනට ලියලා :)
හරිම ලස්සනයි. මම නං රස වින්දා.

පූසා said...

ලියපු පොඩි එකාටත් ස්තූතියි. :o

..ChAnDiKa.. said...

පොඩි එකාගේ ආචාරය.... :s

හා පැටික්කි (MS) said...

මට මුලින්ම ඇති වූ පැනය ‍මේ ‍පොඩි එකා‍ගේ පියා‍ණෝව‍ගේ බ්‍ ‍ලොග් පිටුවද යන්නය. ‍පොඩි එකානම් ‍හොඳය. ‍පොඩි එකා‍ගේ කතාව ඊටත් වඩා ‍හොඳය. හැබැයි ‍වැඩ නම් පොඩි වයසට ‍නොගැල‍පෙන් නෝය..........

‍පොඩි එකාටත් පවු‍ලේ සැමටත් සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!! හාවි හා හාවා පතන්‍නෙමි.

සුදර්ශන බංඩාර හේරත් said...

පොඩි එකාගෙ අම්මිට තාත්ත ගෙනාව නිවිච්ච තේ ටිකක් කටේ හලාගත්තෙ එහෙම නැද්ද?:d

..ChAnDiKa.. said...

@ හා පැටිස්
හා පවුලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පොඩි එකා ප්‍රාර්ථනා කරති. :d

@සු.බ.හේ
පොඩි එකා තාම ඒවට පොඩී කියා උගේ තාත්තා ඌව එලෙව්වාය.. :c

Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

රොබින් said...

පට්ටය. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ඉරිදා පොලෙත් නැති තරම් මැක්සාය. හිනාවී මගේ බඩ පැලුනාය. නේස් අක්කා මැහුම් ගහමි. ඒ අතර මෙය ලියනවාහුය.

:n:n

..ChAnDiKa.. said...

@කතන්දර මාමා
පොඩ් එකාගෙ ලියුං කරදහිය කියවා බැලූ මාමාට පොඩි එකා ස්තුති කරන්නෙමු! මාමාටත් සුබ අලුත් අවුරැද්දක් වේවා කියා පොඩි එකා පාර්තනා කොරනවාය!!

@රොබින්
පොල ගැන නම් කියන්නට එපාය. පොඩි එකා පොලට හෙන බයය. පැලීගිය බඩගෙඩිය ඉක්කනට සනීප වෙන්න කියා පොඩි එකා පතනවාය.

හිස් අහස said...

පොඩි කමටද මේ පොඩි එකා රචනාවක් ලියලා තියෙන්නේ ?. පොඩි එකාගේ තාත්තා ගෙනාපු රට වතුර බෝතලයක් මාටියා පාර ගහන්න තිබුනා නේද ? අපරාදේ

රචනාව නම් පහර ..

සුබ අලුත් අවුරුද්දක් වේවා පොඩි එකෝ !

..ChAnDiKa.. said...

@සඳරු
පොඩිඑකාට දැක්කූ සහයෝගය ගැන පොඩි එකාට හෙන සතුටුයි. ඒ නිසා එසේම වේවා කියා පොඩි එකා පාර්තනා කොරති :n

සුදු හංසි said...

:n අනේ පොඩ් එකෝ.. රචනාව ෆට්ටය.. මගේ සිංහල ලිවිමේ හැකියාව වැඩි දියුණූ කරගන්න උඹ ලගට ටියුෂන් එන්ට හිතයි... සුපිරිය... එළය කියන්නට වදන් නැත... ඔහේලාගේ අවුරුදු වගේම අපේ අවුරුද්දත් නිමාවිය... :a

Anonymous said...

:n :n පොඩි එකාගේ වයසේ හැටියට රචනාව හොදය.

අභීත said...

මගේ අවුරුද්දත් මෙලෙසින්ම ගෙවී ගියෝය....

wiaw said...

"ඒකේ තිබුණු තේ වතුර බෝතල් ටික අර මාමලා තාත්තා එක්ක බිවුවාය."
පට්ට කතාව බං

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More