Sunday, June 12, 2011

මෙතැනින් මාරු වෙනු - මාරු වෙන්න ගිහින් මාරු වෙන්න වෙයිද?


ඊතලය

මාරු වෙන්න ගිහින් බෙල්ල කඩාගත්තු අය හැම තැනම ඉන්නවනේ. මේකත් එහෙම එකක් තමයි. හ්ම් සෑහෙන්න වැඩ අධික කාල යක් ඉදිරියට එන්නෙ. හුචස් අධ්‍යාපනේ අවසාන කාල පරිච්චේදය නොවැ. හුස්මක් කටක් ගන්නවත් ඉවරයක් නැහැ.  :) හුඟ කාලෙකින් මගේ අනික් බොලොග්ග දෙකට සලකන්න බැරි වුණා. හැමදාම කෝච්චි විතරද කියල හැමෝම අහනවා :D හේ.. හේ.. කෝච්චි විතරක් යෑ මහපාරෙ යන වාහනත් තියෙනවනේ. හැබැයි ඉතිං කෝච්චි වගේ සුන්දර වාහනයක් තියෙනවද මේ මිහිපිට? ;) මහපාර කිවුවම තමයි මතක් වුනේ. මහපාරත් එක්කම තියෙන දෙයක්නෙ කහ ඉර. කහ ඉර ගැන කියන්න ගියොත්නම් ඉවරයක් නෑ. ලංකාවේ සිදුවන මාර්ග අනතුරු වලින් 30% ක් පමණ සිදුවන්නේ කහ ඉර මතදි.

දිණමින පුවත්පතෙන්
මේ ලිපියට මුලාශ්‍රය මගේ සිතට ආවේ පහුගිය දවසක මම දැකපු සිදුවීම් දෙකක් නිසා. ළඟදි දවසක කොහෙ හරි යන්න පාරට ආව විතරයි දැක්ක දෙයින් මම එකපාරම ගල් ගැහුණා. ඒ මුකුත් නෙමේ. පාරේ මම හිටපු පැත්තෙ හිටපු ගෑනු කෙනෙක් එහා පැත්තෙ ආපු බස් එක දැකල හෙන ගහන්න වගේ එකපාරටම එතන තිබුණු කහ ඉර දීගේ අනෙක් පැත්තට පැන්නා. මොන පිස්සුවක්ද මන්දා මොලයක් නැතුවද කොහෙන පැන්නෙ ඊට අඩි 50ක් විතර ඈතින් ආපු කැබ් එක දැක දැකමයි මේ කාන්තාව පාර පැන්නේ.

කැබ් රියදුරාට හිතාගන්නවත් වුනේ නෑ.. ඔහු එකවරම තිරිංග යොදල රිය අනික් පැත්තට වාහන යන මංතීරුවට හැරෙවුවා. පැමිණි වේගය නිසාද කොහෙද කැබ්රිය මහ හඬක් නංවමින් ලිස්සලා ගිහින් පාරේ හරස් අතට කැරකිලා නතර වුනා. කැබ් රියදුරාගේ වාසනාවට ඒ වෙලාවේ අනෙක් පැත්තෙ කිසි වාහනයක් ලඟපාතක ආවෙ නැහැ. එහෙම වුනානම් කැබ් එකේ කෑලි තමයි හම්බවෙන්නෙ.

අවාසනාවන්තම සිදුවීම වුනේ කැබ්රිය පිටුපසින් ආපු මෝටර් සයිකලේට. මේ කිසිවක් නොදන්න මෝටර් සයිකල් කරුට එක්වරම සිදුවුනේ මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්න ඇති. සාමාන්‍ය වේගයෙන් ආපු යතුරු පැදිය කෙලින්ම ඇවිල්ලා කැබ් එකේ වැදුනා. බයික් එකටවත් පදවපු කෙනාවත් අවුලක් වුනේ නැතත් බයික් එකේ පිටිපස්සෙ හිටපු තරුණයගේ දනිස්ස අර කැබ් එකේ දොරේ තදින්ම වැදුනා. ඉන් ඔහුගෙ දණහිස බිඳුනා. කැබ් රථයේ පැති දොරට සාමාණ්‍යෙයන් හානි සිදුවුනා. කැබ් එක රජයේ වාහනයක් නිසා එහි රියදුරාට ලොකු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නත් වෙයි මං හිතන්නෙ. අන්තිමට මෙලෝ සිහියක් නැති එක් අයෙක්ගෙ වැඩක් නිසා අහිංසකයෝ දෙන්නෙක් අමාරැවේ.

දෙවැනි සිදුවීම වුනේ සවස 7.30ට පමණ කොළඹ ඉඳන් ගාලුපාර ඔස්සේ පානදුරේට එද්දී. ඔය වෙලාවට ඉතින් සෑහෙන ට්‍රැෆික් එකක් තියෙනවනේ. අපි නම් බයික් එකේ එහෙන් මෙහෙන් දාලා ආවා. ;) සෑහෙන්න දිග වාහන පෝලිම් අස්සෙන් ආලා එන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. (දැං මට බනින්න එපා :D ) මොනව වුනත් දකින්න ලැබුණු එපාම කරපු දේ තමයි කහඉරෙන් පාර මාරු වෙන අයගෙ ක්‍රියා කලාපය. අරතරම් දිග ට්‍රැෆික් පෝලිම් තියෙද්දිත් සමහරු කහ ඉර හරහා පාර මාරු වෙන්නෙ ගාට ගාට. නිකම් යන්න වුවමනාවක් නැති ගානට. ඒ වගේ කීප දෙනෙක්ම බොහෝ රියදුරන්ගෙ දෝශාරෝපන වලට ලක්වුණා. වාහන නැවැත්තුවම හැකි ඉක්මනින් පාර මාරු වෙලා වාහන වලටත් යන්න ඉඩ සලස්සන එක පදිකයොන්ගෙත් වගකීමක්.

මේ සිදුවීම් දෙකම මම කිවුවෙ කහ ඉර ගැන අපේ බොහොමයක් දෙනා දරන ආකල්පය ගැන කියන්නයි. බොහෝ දෙනා (මගීන්) හිතාගෙන ඉන්නෙ කහ ඉර කියන්නේ තමන්ට සින්නක්කරේට ලියල දීපු බූදලයක් කියල. ඕන වෙලාවක ඇවිල්ල හෙන ගහන්න වගේ මාරු වෙනවා එක පාර. කහ ඉර උඩ කියල වේගයෙන් ආපු වාහනයක් එක වර නවතින්නෙ නැහැනෙ. (ඇතැම් රියදුරෝත් කහ ඉර ගැන නොසලකන අවස්ථාත් නැතුවා නෙමෙයි). තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් තමන් සැලකිලිමත් වෙනවනම් නිතර නිතර සිදුවෙන බෙහෝ අනතුරු වලක්වගන්න පුලුවන්.

කහ ඉරක දී,
ඔබ මගියෙක් නම්,
  • පාරේ කහ ඉර ආසන්නයේ එන වාහන සහ ඒවායේ වේගය පිළිබඳව මදක් අවධානය යොමු කරන්න. හැකිනම් ඔබට පාර මාරු වීමට අවශ්‍ය බව හස්ත සංඥා මගින් දැනුම් දෙන්න. එහෙත් වාහන නවත්වන තුරු ඉවසා සිටින්න.
  • විදුලි සංඥා සහිත ස්ථාන වලදී ඒ පිලිබඳ අවධානය යොමු කරන්න.
  • පෙලිකන් පදික මාරුවක් සහිත කහ ඉරක් නම්, අදාල බොත්තම ඔබා ඔබේ වාරය පැමිණෙන තුරු රැඳි සිටින්න.
  • අධික තදබදයක් සහිත ස්ථාන වලදී නිතර නිතර පාර හරහා මාරුවීම වාහන තදබදය තවත් වැඩි කරන නිසා මදක් ඉවසා සිටින්න.
  • උමං පදික මාරැ හෝ ගුවන් පාලම් සහිත ස්ථානයකදී නම් ප්‍රමාදය නොසලකා එම ස්ථාන වලින් පාර මාරු වීම ඔබේ ආරක්ෂාවට හේතුවේ.
  • කොයිම අවස්ථාවකදීවත් බසයකින් බැසගත් විගසම එම බසයට ඉදිරියෙන් හෝ පසුපසින් එකවරම පාරු මාරැ නොවන්න. ආසන්නයෙන් එන වාහන රියදුරන්ට ඔබ නොපෙනෙන නිසා අනතුරක් සිදුවීමට ඉඩ ඇත.
  • ආබාධිත හා වයස්ගත පුද්ගලයන්ට මාර්ගය හරහා යාමට ඔබේ උපකාරය අවශ්‍ය විටදී ඔවුනට ඔබේ සහය ලබා දෙන්න.

ඔබ රියැදුරෙක්නම්,
  • හැකි සෑම විටම කහ ඉරි ආසන්නයේදී ඔබේ වාහනයේ වේගය අඩු කරගන්න.
  • කහ ඉරි ඇති ස්ථාන පිලිබඳව අවධානයෙන් රිය පදවන්න. බොහෝ විට නාගරික ප්‍රදේශ වල මෙවන් ස්ථානවලදී වඩාත් ප්‍රවේශම් වන්න. පුද්ගලයින් එක් වරම පාර හරහා මාරු වීමට ඉඩ ඇත.
  • බස් රථ නැවතුම්වල බස් රථ නවත්වා ඇති විට වේගය අඩු කරගන්න. මගීන් එක් වරම පාර හරහා මාරු වීමට ඉඩ ඇත‍.
  • පාසල් ආසන්නයේදී කුඩා දරුවන් එක් වරම පාර හරහා පැනීමට ඉඩ තිබේ.
  • හැකි සෑම අවස්ථාවකදීම ඔබට පාලනය කරගත හැකි වේගයෙන් පමණක් රිය පදවන්න. එසේම රිය පදවන විටදී සම්පූර්ණ අවධානයම ඒ වෙත යොමු කරන්න. බීමත්ව හෝ ජංගම දුරකථන භාවිතා කරමින් හෝ අවධානය වෙනස් විය හැකි වෙනත් ක්‍රියාවන් වලි නිරත වෙමින් රිය පැදවීම මාරාන්තික  අනතුරු ඇති වීමට අත වනයි.

මහා මාර්ගයේදී විනයවත් ලෙස හැසිරීම ඔබගේ මෙන්ම අනෙක් සියල්ලන්ගේම ආරක්ෂාව සලසයි.

10 comments:

  1. හා උපදෙස් පිලිපදින්නම් ගොඩාක් වෙලාවට මම කහ ඉරෙන් තමා පනින්නේ.. ඒ වගේම ගොඩාක් වෙලා බලලා බලලා තමා පනින්නේ. :q

    ReplyDelete
  2. දකුණ බලා වම බලන්න
    නැවතත් දකුණම බලන්න
    පාරේ වාහන නැත්තම්
    ඉක්මනින්ම මාරු වෙන්න

    ReplyDelete
  3. බොහොම වැදගත් කතාවක්! මේ ටික මේ වගේම හැමෝටම හිතිල ඇති වුණත් ඒ වෙලාවෙදි කව්රුවත් මේව තකන්නෙ නැති එකයි වැරැද්ද. ඒ කියන්නෙ මගෙ අතිනුත් වැරදි අනන්ත වෙනව ඇති. නමුත් පුළුවන් හැම වෙලේම කහ ඉරක් තියෙන තැනකින් පාර පනින එකනම් මම ටික කාලෙක ඉඳන් සැලකිල්ලෙන් කරන දෙයක්. කහ ඉරේදි පදිකයො මන්දගාමී විම නම් මාර ඇත්තක්. සමහර වෙලාවට කහ ඉරෙන් මාරු වෙන්න ගියාම එපා වෙනවා ලත වෙවී පාර මාරු වෙන අය නිසා. පදිකයෙක් විධියට මම කහ ඉර උඩදි ඕන තරම් මිනිස්සුන්ව ඕවර් ටේක් කරල ඇති. :-)

    ReplyDelete
  4. සම්පුර්ණ ඇත්ත කහ ඉර උඩ ගාටනවා මිනිස්සු.එයාලට ලියලා දීලා වගේ :( මම නම් කහ ඉරේදි දුවලා යනවා :D පාරත් දෙපැත්තම හොඳට බලලා තමා පනින්නේ :)

    ReplyDelete
  5. අම්මෝ කහ ඉරෙන් පාර පනිනව කියන්නේ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. මොකද හැප්පෙන තරමක් හැප්පෙන්නේ කහ ඉරෙන් පාර පැන්නම. කවදාවත් අහල තියනවද කහ ඉරෙන් නැතුව වෙන තැන් වලින් පාර පැනල හැප්පිලා කියල. ඇත්තමයි මම නං අහල නෑ.

    ReplyDelete
  6. ගිය අප්‍රියෙල් මාසේ දවසක ගාලු පාරේදී මම කහ ඉර ළඟ නවත්වල පදිකයන් කීප දෙනෙකුට පාර හරහා යන්න ඉඩ දුන්න, මගෙ පිටි පස්සෙන් ආව බස් එකක්, වම් පැත්තෙන් දාල මට ඉස්සර වුනා, අර පදිකයන් ගැන කිසිම සැලකීමක් නැතුව. ඒ කට්ටිය බස් එකට යට නොවී බේරුනේ පුරුවේ වාසනාවකට.

    ReplyDelete
  7. කහ ඉර තිබුනා කියලා නැහැ පාර බලලා පනින්න ඕන .......

    ReplyDelete
  8. මමත් දකින දෙයක් තමයි කහ ඉරෙන් ගමන් කරද්දි සමහරු මාර ලොකු කමක් වගේ එකක් හිතට අරං ලතාවකට ගමන් කරන එක.
    දෙන්න හිතෙනවා අර වෙලාවට.....

    අනික ඒ වගේ අය මේ වගේ වැදගත් ලිපියක් වත් බලන්නේ නෑනේ.නොදන්න ටික ඉගෙන ගන්නවත්.

    ReplyDelete
  9. අපි වාහනයක් පදවන කොට හදිසියේ කහ ඉර පනින කෙනෙක් දැක්කම මල පැනලා බැනගෙන යනවා වගේ තමයි අපි පාර පනින කොටත් අපේ වැරදි වලට අනෙක් රියදුරෝ බැන බැන යනවා ඇති. හොඳම වැඩේ අරය කලා මෙයා කලා කියන්නැතිව තමන් හරියට කරන එක. ඩ්‍රයිව් කරන වෙලාවට තමන්ට දැනෙන අපහසුව ගැන මමතක් කරගෙන අනෙක් රියදුරන්වත් ඒ අපහසුවෙන් ගලවගන්න වැඩ කලානම් හරි.

    ReplyDelete
  10. පස්සේ මතක් වුනේ. ළඟදි කොළඹදී ට්‍රැෆික් එකකට සෙට් වෙලා නවත්තන් උන්නා. ගෑනූ ලමයෙක් වටපිට නොබලා බිම බලාගෙනම කහ ඉර මාරුවෙනවා. එක අතක් අල්ල විතරක් පොලොවට සමාන්තරව තියාගෙන. ඩ්‍රයිව් කරන එකා බලන් ආවොත් හොඳයි. නැත්නම් ! අර ළමයට 6th sense තිබුනද දන්නෑ..:c

    ReplyDelete