ස්ටඩී ලීව් කියල හම්බුවුන කාලේ සතියක් දෙකක් තිස්සේ ගෙදර ඉඳලා, රට වටේ රවුම් ගහල ඔන්න කට ගාවටම විභාගෙ ආවට පස්සේ තමයි කැම්පස් එක මතක්වුනේ. එදා උදේ 8 ට ඩිස්කෂන් එකක් තියෙනවා කියලා හැමදාම යන යාලුවත් එක්ක සුපුරුදු බස් එකේ කැම්පස් යන්න කියලා මහපාන්දර 5ට පාරට ආව ඔන්න.
කොල්ලා හැම සතියෙම කැම්පස් යන්න පුරුදු වෙලා ඉන්නෙ පානදුර-මඩකලපුව බස් එකේ. ඒක හොරණට එන්නේ උදේ 5.20ට විතර. හැමදාව වගේ ඉතින් තාත්තා වාහනයෙන් ටවුමට ගෙනල්ලා දානවා. ටවුන් එකට ආවත් හරි ඔන්න ආවා කියහන්කෝ පුංචි මෙවුවා එකක්. පොඩි වුවමනාවකට යන්න ඕන කමක්. බස් එකේත් තව පැය හතරක් ඉන්න එපැයි. ටවුන් එකේ තියෙන පොදු ස්ථානෙත් ටික දවසක් ඉඳලා වහල හින්දා එකම විසඳුම වුනේ පාලු පාරක් තමයි. පොද වැස්සත් එක්ක.
හෙමින්ම ගිහිල්ලා වැඩේත් ඉවර කරලා විනාඩියෙන් ආපහු බස් නැවතුම්ලට එන්න ආවා කියමුකෝ.
අම්මටසිරි මෙන්න බස් එක අදිනවා. පස්සෙන්ම දිවුවත් නැවැත්තුවේ නැහැ. කෙහොමත් ඔය යකා ජෙට් එක වගේ තමා. එකෙක් බස් එකෙන් බිමට වැටුනත් ආයෙ නවත්තන්නේ හැතැක්මත් විතර ගිහිල්ලා.
මලකෙලියයි. දැන් ඉතින් ඊගාව බස් එකට තව පැයක් විතර ඉන්න බැහැනේ. එකම විසඳුමයි තිබ්බේ.
පැන්නා පාරට. ඒ වෙලාවේ පාරේ ආපු බයික් එකකට අත දැම්මා. මගේ වෙලාව කියන්නේ බයික් එකත් නැවැත්තුවා.
"අනේ අයියේ බස් එක මිස් වුනා අල්ලල දෙන්නකො."
"අල්ලගන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ. ආ හරි හරි. කමක් නැහැ. බලමු. නගින්නකො."
කියන්න කලින්ම මම බයික් එකේ වාඩි වෙලත් ඉවරයි.
අයියත් ඕන්න පුලුවන් උපරිම රේස් කරලා යන්න පුලුවන් උපරිම වේගයෙන් යන්න පටන් ගත්තා.
මල සේක මේක මදුරුවෙක්නේ. :O
සෙල්ලංද කොල්ලො කිවුවලු ලොන්සින් 48 එකකින් ගිහිල්ලා කෝමද ජෙට් එකක් වගේ පියාඹන බස් එකක් අල්ලන්නේ. හැබැයි අයියත් අත අරින්නේ නැහැ. යන්න පුලුවන් උපරිම රේස් කරලා යනවා. බස් එක ඈතින් පේනවා ආය නොපෙනී යනවා. දැන්නම් ෂුවර් මේක මේ කපේදි නවත්තගන්න නම් වෙන්නේ නැහැ.
ඩබල් දාලා 48 එකක් බස් එකක් එක්ක මොන රේස් යාමක්ද? ඒ මදිවට මට හෙල්මටුත් නැහැ. බෑග් එක පිටේ එල්ලගෙන ලැප් බෑග් එක අතේ. පොදවැස්සේ වැරදිලා හරි බයික් එක ලෙස්සුවොත් ඉතින් ආයේ පැණි බේරෙනවා. මල්ලිට වෙච්ච වැඩේම තමා වෙන්නේ ආයෙ ඒතෙ දෙකක් නැහැ.
කරන්න දෙයක් නැහැ. ගත්තා බස් එකේ ඉන්න එකෙක්ට කොල් එකක්.
"මචන් බස් එක මිස් වුනා. මං මේ පිටිපස්සේන් එනවා බයිස් එකක. පොඩ්ඩක් කොන්දට කියපන් නවත්තන්න කියලා."
"ආ හරි හරි මචන්."
හරි දැන් ඉතින් වැඩේ ගොඩනේ. ඔන්න ඉතින් අපි යනවා. ම්හු බස් එක පෙන්නවත් නැහැ. කිලෝමීටරයක් විතර ගියා පේන පාටක්වත් නැහැ. ගත්තා ආයෙ කෝල් එකක්.
"මචන් බස් එක කොයි හරියෙද නවත්තලා තියෙන්නේ."
"ආ බස් එක හෙමින් යන්නේ බං ඉක්මනට වරෙන්..."
"යකෝ.... පොඩ්ඩක් නවත්තන්න කියහන් මම ලඟම එනවා.."
"ආ හරි හරි..."
කොහොම හරි දැන් ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර බස් එක පස්සෙන් එලවලා. ඔන්න අරූ ආයේ කොල් කරනවා.
"මචන් බස් එක නැවැත්තුවා. ඉක්මනට වරෙන් බන්. නැත්තං මට චාටර් එක."
"හරි බං මේ එනවා."
ඔන්න එතකොටම පේනවා බස් එක නවත්තලා තියෙනවා.
"ආ හරි බං මට බස් එක පේනවා. මචං මේ එනෝ..."
කොහොම හරි අන්තිමට බස් එක පස්සේ හෙන වෙලාවක් ඔට්ටු අල්ලලා බස් එකට. ඒ වෙලාවෙ උදව්කරපු මනුස්සයගේ නම ගමවත් අහගන්න උනේ නෑ. අන්තිම මොහොතෙ අහගත්තේ ඒ මනුස්සයා වැඩ කරන තැන විතරයි. දැන් පොඩ්ඩක් හොයල බලන්න ඕන. කෝම වුනත් ඒ වෙලාවෙ තමන් යන්න ගිය ගමන පැත්තක දාලා මට බස් එක අල්ලගන්න උදව් වුන ඒ සොයුරට ගොඩාක් පින්. අද කාලෙ එහෙම උදව්වක් දෙන අය ඉතින් අඩුයිනේ.
ඔන්න ඔහොමලු කෝච්චියක් බස් එකක් පස්සෙන් එලෙව්වේ... :D
එහෙම ගති ගුණ තියන හොඳ මිනිස්සුත් ඉන්නවා :i මම ඒත් බැලුවා මොකක්ද මේ සීන් එක කියලා බස් එකක් පස්සේ කෝච්චියක් කීවහම :c
ReplyDeleteසිරා සීන් එක, අය්යා නවැත්තුව නිසා හොදයි
ReplyDeleteඅයියට පරණ පිනක් පළ දීලා.... අර මනුස්සයට මොනවා හරි අරන් දුන්නත් පාඩුවක් නෑ....ඔහොම පොරවල්ලා ඉන්නේ සෑහෙන්න අඩුවෙන්....
ReplyDeleteඑක අතකට ඒ මනුස්සයා මාර අවදානම් වැඩක් කරලා තියෙන්නේ. අද කාලේ නාඳුනන කෙනෙකුට lift එකක් දෙන්න නවත්තන එක අන්තිම අවදානම්.
ReplyDelete(උඹත් හොරෙක් නොවෙච්ච නිසා හොඳට ගියා. :c නැත්තං ඒ මනුස්සයට සොරි.com)
හිහිහි,,,, සීන් එක නිකං ෆිල්ම් එකක වගේ තියෙන්න ඇති එහෙනම්.... :c මොනවා වුණත් බස් එකේ හිටපු කෙනා කරපු උදව්ව නම් සෑහෙන්න වටිනවා. ඒ වගේම බස එකේ ඩ්‍රයිවර් කොන්දොස්තර වුණත් හොඳ අය වෙන්න ඕන... නැතිනම් සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට නවත්තගෙන ඉන්නේ නෑ නේ... :a
ReplyDeleteළහිරු : සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ! කෝච්චියක්නේ! :D
ReplyDeleteහොඳයි හොඳයි කෝමහරි පුතයා අන්තිමට බස්එකට නැග්ගනේ.
ReplyDeleteකෝච්චියක් එහෙම මිස් උනානම් අල්ලන්නද... නෑ නේ... අපි වගේ බස් වල යන්න ;)
ReplyDeleteඉඳල හිටලා හොඳ මිනිස්සුත් ඉන්නවා නේ.
ReplyDeleteදුර ගමන් බස් ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ හැබැයි ඉතින් සමහර වෙලාවට බස් එක අද්දන්න කලින් ඩ්‍රැයිවර් අහනවා සේරම හරිද ආයේ නවත්තන්නෙ නෑ කියලා...ගොඩක් වෙලාවට රස තේ එකක් හම්බුනාම අනිවා තේ එක ඉවරකරන්නම බැරිවෙනවමයි්
ReplyDeleteඔහොම මිනිස්සු ඉන්නවා කියන එකත් සතුටක්.....
ReplyDeleteඔව් ඔව් ඔය යෝදයා මාර වේගෙන් තමයි යන්නේ, මමත් කාලයක් ඕකේ ආවනේ, 7.45 වෙද්දිකැම්පස් එක ලඟ! බයික් අයියා ලොකු උදව්වක්නේ කරලා තියෙන්නේ!
ReplyDelete@Yohan
ReplyDeleteකෝච්චියක් නේන්නම් බං. හහ් හහ් හා!!! :c
@10 සහෝදරයා
ඇතුලෙ හිටපු අයියා නිස හොඳට ගියා. :d
@මකුළුවා.....
වැඩේ කියන්නෙ මල්ලි එයාව හොයාගන්න එල තමයි. බලන්න ඕනෙ. ස්තුතියි මේ පෑත්තෙ ආවට.
@ශාකුන්තල
ReplyDeleteඅයියො බං මම අහිංසකයි. උඹ කියන කතාවත් ඇත්ත තමයි.මකුලුවා කිව්වා වගෙ පරන පිනක් පල දීලද කොහෙද :a
@LahiruRockZ86
ෆිල්ම් තමයි. මතක් වෙද්දිත් ඇඟෙ ලේ වතුර වෙනවා. :e
@පූසා
සාමාන්‍ය කෝච්චියකුත් නෙමෙයි :o
පානදුර -මඩකලපුව බස් එකෙ වඩිපුරම යන්නෙ අපෙ යුනි එකෙ අයයි වැඩට යන මිනිස්සුයි නෙ.ඉතින් බස් එක කියල නවත්ත ගෙන ඉන්නකොට අනිත් මිනිස්සු මගෙ දිහා රවල බලනකොට කොහොමද ආතල් එක.
ReplyDeleteපවු අර මදුරුබුවා.... :c
ReplyDelete@පැණි දොඩම්
ReplyDeleteආය ඉතින්! කියල වැඩක් නැහැ. බස් එක මිස් වුනානම් සොරිම තමා. :c
@සුදු හංසි
බස් එකක් අල්ල ගන්න තමා හංසියෝ ගියේ :h
@අසරණයා
ඒකනම් ඇත්ත තමයි. නැත්තං එදා මමත් අසරණ වෙනවා. :p
@ගැමියාගේ පත් ඉරුව
හැබැයි ඉතින් ගැමියෝ ඒ වගේ තේ එකක් හම්බවෙන්නේ බෙහොම කලාතුරකින් නේද? බෙහොමයක් කඩවල කෑම ගිනි ගනන්. ඒත් බලු වටින්නේ නැහැ. :b
@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteසහතිකවම. :a
@ලහිරු
ඒකනේ. කෝමද මෑන්ස් යන වේගේ.. :c
@kanishka dilhan
උඹ කියලා නවත්තල දුන්නෙ නැත්තං අපි තාම බයික් එකේ :t
@සෝරෝ
ඒම කියන්න එපා බං. පොර නැත්තං මං අනාතයි.
අපොයි මේ වෙනකම් මම දැනන් හිටියේ නැහැනේ අයියට මෙහෙම අකරතැබ්බියක් උනා කියලා :O මොනා උනත් හිත හොඳ මනුස්සයෙක්. උදව් කරන මිනිසුන්ට කොහේ ගියත් කරදරයක් උනාම පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා. :s :j
ReplyDelete@මලිති
ReplyDeleteඇත්තමයි. කොහෙන් ආවාද මන්දා ඒ මනුස්සයා මහ පාන්දර. දෙයියො එවුව වගේ.. :a
තකහනියක් හොයලා ඒ මනුස්සයට තැන්ක් කරන්න...මොකද උදව්වක් කරලා ඒකට කට වචනෙට හරි ස්තුති නොකලොත් ආයේ ඒ මනුස්සයා කාටවත් උදව් කරන එකක් නැ.....
ReplyDeleteපරිස්සමින් යන්න අයියා යන තැනක.....
හික්.. මරු සීන් එක :D :D
ReplyDeleteමරු වැඩ නේ !!!
ReplyDeleteහික්ස් :)
කෝච්චිය පස්සෙන් එලවලා !
කොහොම හරි හොයල අර මනුස්සයට ස්තුති කොරන්නම ඕනෙ
ReplyDeleteහොරණ එවුන් එහෙම තමයි..දැන් නම් වහපු තැන ඇරලද කොහෙද..උඹව ගුරුගොඩට විතර අරන් යන්න ඇති මගෙ හිතේ .. :c
ReplyDelete