වැඩි තේරුම්ක නැති පුංචි කාලේ වුනත් අපිට කණට ඇහුනු ගීත වලින් සමහර කොටස්, ඒවයේ තියෙන යම් සුන්දර කුමක් හෝ හේතුවක් නිසා අපේ මතකයේ රැඳෙනවා. මේ තියෙන්නෙත් මගේ මතකයේ ඒ වගේ රැදුනු ගීත වලින් මම අදටත් හුඟක් කැමති ගීතයක්. වසර දෙකක් පමණ තිස්සේ මා අන්තර්ජාලය පුරා සෙවුවත් එය සොයාගැනීමට හැකිවූයේ නැහැ. මේ මෑතකදි මගේ මුහුණුපොත වෙත පණිවිඩයක් මගින් කිසිවෙකු මට එම ගීතයේ You Tube ලින්ක් එක එවා තිබුණා. අවාසනාවට ඒ මිතුරාගේ නම සොයාගන්න විදිහක් නැහැ.
මේ ගීතය ඇත්තෙන්ම සුවිශේෂි එකක්. මෙය තමයි ශ්රීලංකාවේ මුල්ම රෑපවාහිනි නාලිකාව - ස්වාධින රූපවාහිනියේ තේමා ගීතය. මෙය බොහෝවිට වර්තමාන පරම්පරාවේ අය අහල නැති වෙන්න පුලුවන්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය ආරම්භයේදී මෙය මෑතක් වන තුරුම ප්රචාරය වුනා. දැන්නම් මෙහෙම ගිතයක් තිබුණද කියලවත් එහි සේවය කරන අය දන්නවද දන්නේ නැහැ. නමට පමණක් නොවී ඇත්තෙන්ම ස්වාධීන නාලිකාවක්ව තිබුණ සමයේ වටිනා නිර්මාණ රැසක් ඒ හරහා රටට දායාද වුණා.
මේ ගීතය You Tube වෙත ඇතුලත් කල මුදිත ලියනගම මහත්මයාටත් එහි ලින්ක් එක මට Facebook වෙත එවු සොයුරාටත් මේ වීඩියෝව ලබාගැනීමේදී සහය වුන ගයන්ත සමරදිවාකර සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා.
සමනොල සිරිපා - පියුම දොවාගෙන..//
සීත ගඟුල් රට වට යනවා
සිංහරාජ වන කංචනාදයෙන්
මේඝ වලාකුලු රජ වෙනවා.....
තුරුලිය මල් පල - විහඟ ගීතයෙන්..//
ආදම් උයනක් සැඟැවෙනවා
රාවණ ලංකා ඉසුරු පුරාණය
ගොලු මුහුදෙන් මුතු මතු වෙනවා....
ගංගා හරවා - වැවු පෙල අමුණා
මිහි රස මතු කල පරම්පරාවේ..//
අනුර පොලොන්නරු සීගිරි අවුකන
විස්කම් පෑ ගුරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ....
සමනොල සිරිපා....
පිරිසිදු බුදු බණ පොත්කොට රැකගෙන
ලොවට බෙදාදුන් පරාම්පාවෙන්..//
වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
යුගයක් පෑ හිරු පරම්පරාවේ
පැතිරේ කිතුරාවේ.....
එක අම්මාගෙන් - කිරි බිවු අපි සැම..//
එක ලේ මස් ඇති සොහොයුරැවෝ
පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
එකම පියාගේ දූ දරුවෝ
පරිසරයට සුව සුවද බෙදාදෙන
සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
ඒක ධජයේ යට එකටම යන අපි
ලංකා මවගේ දූ දරුවෝ
ලංකා දූ දරුවෝ....///
පට්ට සිංදුවක්..!
ReplyDeleteඅද වගේ මතකයි ඒ පුංචි කාලේ... :D
ReplyDeleteමේක ඇහුව උදේ පාන්දර
අවුරුදු 20කට විතර කලින් මේක ඇහුවා වුණත් අදටත් කට පාඩමින් ගීතය මුමුණන්න පුලුවන් වුණා.
ReplyDeleteබොහොම ස්තූතියි ඒ ළමා කාලය මේ ගීතය මඟින් මතක් කරලා දුන්නට.
:D
:a මේ වගේ සිංදු දැන් නැති තරම්. මම මේ සිංදුව මීට කලින් අහලා නැහැ. ලස්සනයි....
ReplyDeleteමගෙත් ඉස්සර ආසම ගිතයක් තමයි මේ ගීතය. අයි.ටී.එන්. එක ඒ කාලෙ දැන් වගේ උදේ ඉඳල රෑ වෙනකල් තිබුණෙ නෑ. හවස විකාශනය පටන් ගන්නෙ 4 ට හෝ 5 ට. ඒ වෙලාවට හැමදාම ඔය සින්දුව අහනව. අදටත් හොඳට මතක තියෙන සින්දුවක්.
ReplyDeleteමටත් මතකයි.ඉස්සර විකාශය පටන් ගන්න කලිනුත් ඕක යනවා. හවස 4.30ට. එතකොට අපිට මාර සතුටුයි.මොකද ඊ ළඟට තෙරුවණ් නමදිමු ගියාට පස්සේ කාටුන් යනවනේ.
ReplyDeleteලස්සන වීඩියෝ එකකුත් එක්කයි ගියේ.අවුකන පිළිමය, මැණික් ගරන කෙනක්,දුන්හිඳ ඇල්ල... වගේ ඒවා.
මාත් MPතුන බාගත්තා. ඔයාට තැන්කූ.
ඇත්මයි ලස්සන ගිතයක් ලමා කාලය මතක් වුනා වගේම හොද අර්ථවත් ගිතයක් ස්තතියි.
ReplyDeleteමේක හොයල දුන්න එකට නම් පින් සිද්ද් වෙනවා.. දරේ කියපු දේ මතක් වුණා.. සිංදුව යනව කියන්නේ ඉතින් හරි තමා.. හික්ස්.. ඇයි දන්නෑ දැන් මේ සිංදුව යන්නෙ නැත්තේ? දේශපාලන අවුලක් සිංදුවෙ නෑනේ..
ReplyDeleteමේකෙ “එකම පියාගේ දූ දරුවෝ“ කියන එක මට ඉස්සර ඇහුනෙ “එකට තියාගෙන දූදරුවෝ“ කියලා
ReplyDeleteඅඩේ මේ සිංදුව මටත් පාඩං. මොකද ITN පටන් ගන්නත් කලිං ටීවී එක දාගෙන ඉන්නෙ අර පාටපාට ඉරි යන කෑල්ලෙ ඉඳම්ම. කාටූන් බලන්න සෙට් වෙලා.
ReplyDeleteමේක ඉස්ස්ස්ස්සරම ITN පටන් ගන්නකොට ගියෙ නෑ වගේ මතක. ඉස්සරම ගියෙ ජාතික ගීය. පස්සෙ මේක දාල පටන්ගන්න ගත්ත. මට මතකයි මං අම්මගෙන් ඇහුව මේ සිංදුවත් ජාතික ගීයක්ද කියල පටන්ගනිද්දි දාන හින්ද. :D මේ වගේම එකක් ඉස්සර රූපවාහිනී පටන්ගනිද්දිත් ගියා නේ?
:q :q :q
ReplyDeleteමේ ගීතය මමත් හෙව්වා . බොහොම ස්තුතියි .
ReplyDeleteමේ ගීතය මමත් හෙව්වා . බොහොම ස්තුතියි .
ReplyDeleteඅදටත් ආසයි ඔය සින්දුවට... අයි ටී එන් එක දාලා බලාගෙන ඉන්නව ඉස්සර ඔය සින්දුව යනකන්
ReplyDeleteමටත් මේ ගීතය මතකයි.
ReplyDelete1. මේ ගීතය ලිව්වේ කවුද? සංගීය කවුද?
2. පදයක අගින් // දාන්නේ ඒ මුළු පදයම නැවත කියවෙනවානම් පමණයි. මෙනිසා සමහර තැනවල පදය දෙකට කඩා // දාන්න වෙනවා.
මෙන්න මං කලිං කොමෙන්ට් එකේ කියපු රූපවාහිනිය පටන්ගන්නකොට ඒ කාලෙ ගිය ගීතය. FB එකේ මේක දැක්කම මේ ලිපිය මතක්උනා. ඔන්න ලින්ක් එක. https://www.facebook.com/photo.php?v=461119100571834
ReplyDeleteඅන්න සින්දු....මේවා අහන්න දුන්නට ගොඩාක් ස්තූතියි යාළුවේ....
ReplyDelete:t
ReplyDelete