Saturday, July 6, 2013

රෑට නැති CTB කොස් කොටන්නද?

ඊයේ රාත්‍රියේ සේවා අවසන් වී නිවසට පැමිණිමට දුම්රියෙන් පානදුර දක්වා පැමිණ CTB නැවතුම්පල වෙත පැමිණියේ හොරණ බස්රථයක් බලාපොරොත්තුවෙනි. ඒ වන විටත් අදාල පෝලිමේ එක් බස්රථනකට සෑහෙන සෙනගක් සිටි අතර පව 8.30ට පසු බස් රථයක් ධාවනය වී තිබුනේ නැත. මා පැමිණියේ පව 9.00 ටයි. පැය බාගයක් පමණ ගතවුවද බස්රථයක් පැමිණියේ නැත. එහෙත් නැවතුම්පල භූමියයේ නවත්වා තිබූ බස් රථ දෙකතුනක් තිබූ අතර තවත් බස්රථ දෙකක් හෝ තුනක් නැවතුම්පලට පැමිණ ටික වේලාවකින් මගීන් නංවාගැනීමකින් තොරවම පිටත්ව ගියේය. 

9.30 දක්වා බලා සිටිමෙන් අනතුරුව  මා විමසීම් කවුලුව වෙත ගියේ යම් තොරතුරක් දැනගන්නා අටියෙනි. එහෙත් විමසීම් කවුලුවේ කිසිවෙකු නොසිටි අතර ඒ අසල බංකුව වාඩි විසිටි (කොන්දොස්තරවරයෙකු යැයි සිතිය හැකි) පුද්ගලයෙකුගෙන් විමසූයේ හොරණ බස්රථයක් කීයට ඒ දැයි කියාය. 10.20ට බස්රථයක් ඇති බව ඔහු කී හෙයින් දැන් 8.30 ඉඳලා බස් එකක් නෑ කියා මම පිලිවදන් දුනිමි. ගත් කටටම ඔහුගේ පිලිතුර වූයේ බස් නෑ දුවන්න කියාය. බස් රථ කිහිපයක්ම (නවතා තිබී සහ පසුව පැමිණි) ආපසු ඩිපෝ ගියා නේදැයි මා ඇසූ කල එම පුද්ගලයා මගේ ඇඟට ගොඩවීමට උත්සහ කලේ "බස් වලට එක දිගට දුවන්න බෑ"  ලෙස තරමක් සැර හඬිනි. ගැටුමක් ඇතිකර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ හෙයින් මම හැරී ආවෙමි. 

අවසානයේදී නැවතුම්පල භුමියේ ගාල්කර තිබූ බස්රථයක් පව. 10.10ට පමණ යොදවන ලදී.

බස්රථයක් යෙදවීමට හැකියාවක් තිබියදීත් හිතාමතා මගීන් අපහසුතාවයට පත් කරවන මෙවන් සිදුවීමි පානදුර ඩීපෝවෙන් මිට පෙරද කීප වතාවක් අත්විඳ ඇත්තෙමි. පුද්ගලික බස්රථ ප.ව 8.00ට පමණ පසු ධාවනය නොවන මෙම මාර්ගයේ අප වැනි ප්‍රමාද වී පැමිණෙන මගීන්ට ඇති එකම පිහිට ලංගම බස් රථ පමණි. කොටින්ම කියතොත් මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ධාවනයට නිසි කාලසටහනක් දක්නට නැත. එක් එක් දිනයට බස් ධාවනය වන්නේ එක් එක් වේලාවන් වලටය. මෙවැනි සිදුවීම් නිසා මගීන්ට වන අපහසුතාවයන් පිලිබඳ ලංගමය දරන නිහඬ පිලිවෙත ගැන මටනම් ඇත්තේ මහත් සංවේගයකි. මෙම සටහන මෙහි දැමීමෙන් පලක් නොවන බව දන්නාමුත් සැමගේ පහන් සංවේගය ඔබ සැමවෙනුවෙන් ප්‍රකාශ කරනු වෙනුවෙන් පල කරමි.

(තවද දුම්රියෙන් පානදුර පානදුර දක්වා පැමින එතැන් සිට බස් රථ වලින් ගමන් පහසුකම් සලසාගන්නා මගීන් බොහාමක් සිටින අතර දුම්රියන් පැමිණිමට ස්වල්ප මොහොතක් තබා පිටත්ව යන බස්රථ සංඛ්‍යාවද මම නිරීක්ෂණය කර ඇත්තෙමි.)

-පානදුර හොරණ මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරන සියලු මගීන් වෙනුවෙනි-

2 comments:

  1. ඔබ මුහුණ දුන් අත්දැකීම මේ රටේ තවත් සුවහසක් බස් මගීන් අත්දුටු සත්‍යයක්. නමුත් මේවාට පිලියම් යොදන්න ඉන්න මිනිස්සු නිකම්ම පඹයන් වගේ අැවිල්ල උදේට ඩියුටි ඔන් වෙලා හවසට ඩියුටි ඔෆ් වෙලා යනව.මාසේ අන්තිමට ඔවුන්ට පඩිය ලැබෙනවානේ.

    මීට අවුරුදු 30 ට පමණ පෙර රත්නපුරයේ සිදූ වූ සිදුවීමක් මට අසන්නට ලැබුනා. අැත්තටම ඒදා ඒ තීරණය ගත්ත පුද්ගලයා බොහෝවිට පරිපාලනය පිලිබද උපාධිධාරියකු විය නොහැකියි. නමුත් ඒ තීරණයේ තිබෙන යෝග්‍යයතාවය අදටත් ගැලපෙනවා. කතන්දරය මේකයි.

    ඒ ප්‍රයිවෙට් බස් පාරට දාලා අවුරුදු තුන හතරකට පස්සේ දවසක්.

    ලංගම සහ පුද්ගලික අංශය තරගෙට දුවනවා. ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් තිබිලා නැහැ.

    රත්නපුර බස් නැවතුම් පලේ සිට රත්නපුර රෝහල දක්වා දුවන රූට් ඒකක් තිබෙනවා. කිලෝමීටර් දෙක තුනක දුරක්.

    ඒදා ඒකම වෙලාවේ ලංගම බසයකුයි පෞගලික බසයකුයි රෝහල බස් වලට සෙනග ලෝඩ් කරන්න පටන් අරන්.

    දැන් තරගය දිගටම යනවා. බස් දෙකටම සෙනග නගිනවා. නමුත් ඒන බසයකටවත් අැතිවෙන්න සෙනග ඉදලා නැහැ.

    ඉතින් බස් දෙකේ කොන්දලා දෙන්නා වලිය පටන් අරන්. දෙගොල්ලම ගේම අත අැරලා නැහැ. මිනිස්සුන්ට රෝහලට යන්නත් නැහැ. බස් කාරයෝ රන්ඩු වෙවී ඉන්නවා.

    පස්සේ ඒතනට රත්නපුර බස් සංගමේ සභාපති අැවිල්ලා. ඒතුමා ප්‍රශ්ණය විසදලා. කොහොමද?

    "අද ඉදලා රත්නපුරයෙන් ගමන් වාරය ුවසන් වන සියළුම පෞගලික බස්, ගමන්වාරය අවසානයේ ඒක් වරක් රත්නපුර රෝහල දක්වා නොමිලයේ මගීන් ගෙනයා යුතුයි" කියලා නියෝගයක් නිකුත් කරල.

    අැත්තටම ඒක ඒදා හොද තීරණයක් වෙලා තිබුනලු. ඒක අදටත් ක්‍රියාත්මක වෙනවාද කිලනම් දන්නේනැත.

    අද අපට රාත්‍රී බස් ගමන් සේවා සදහා මේ ක්‍රමය යොදාගන්න පළුවන් නේද? උදාහරණයක් හැටියට පානදුර හොරණ මාර්ගය ගත හොත් අපි හිතමු ඒහි දිනපතා දුවන බස් 30 ක් තිබෙනවා කියා. ඒ විට නීතියක් දමනවා, දිනකට ඒක් බසයක් රාත්‍රී දහයට පානදුරෙන් පිටත්ව හොරණ බලා ධාවනය කල යුතුයි කියල.දිනකට ඒක් බසයක් බැගින් දිනපතා දුවන විට ඒක් බසයකට දුවන්න වෙන්නේ මාසයකටම ඒක් ගමන් වාරයක් පමණයි. මසකට ඒක් ගමන් වාරයක් පාඩුවට දිව්වා කියලා බස් හිටියන්ට ලොකු අලාභයක් සිදුවන්නේ නැහැනේ. මගීන්ටත් සහනයක් සැලසෙනවා.

    ReplyDelete