හප්පේ..... යාන්තං එග්සෑම් එකනං ඉවර වුණා. දැං ඉතිං පුදුම නිදහසක් දැනෙනවා. දෙයියනේ කියල ටික දවසක් නිදහසේ ඉන්න පුලුවන්. ටික දවසකිං බ්ලොගේ ලියන්නත් බැරි වුනානෙ. බ්ලොගෙ පටන් අරන් අවුරුදු දෙකටත් වැඩිද කොහෙද. ඒත් තාම පෝස්ට් 50ක් ලියලත් නෑ. :D ඒ තරං වේගෙන් කොහොම ලියනවද මන්ද මේ බ්ලොග් ලියන ඈයො :D
අද බ්ලොග් එකෙං මං මේ කියන්න ලෑස්ති වුනේ මේ අපි ගොඩ දෙනෙක් මූන දීල තියෙන දෙයක් ගැන. මහා ලොකු දෙයක් නං නෙමේ. මේ ලඟදි මං අහපු කතාවක් නිසා මට හිතුන මේක කිවුවොත් හොඳයි කියල. මේක පරිගණක ඇක්ස්පර්ට්ලට නං ඒ හැටි වැදගත් නෑ ඕං. ඒ අය ආපහු යනවා හොඳයි. :D
කෝ බලන්න ඩෙස්ක්ටොප් කොම්පියුටරෙන් කරන්ට් එක වැදුන අය අත උස්සන්න බලන්න. :D
හේ හේ.. කොම්පීටරේ ඔන් කරල තියෙද්දී සිස්ටම් යුනිට් එකේ (අර මහ තඩි පෙට්ටගම නොදන්න එකෙක් නෑනෙ) කොහෙන් හරි ඇල්ලුවනම්, එහෙමත් නැත්තං මොනිටර් එකේ තිරේ ඇල්ලුවම කරන්ට් එක ඒකපාරක් හරි වැදිල ඇතිනෙ හුඟ දෙනෙකුට.
යාන්තම් දැනෙන පුංචි කරන්ට් පාරක් වගේම චූ පිටවෙන්න තරං සැරට කරන්ට් වදින වෙලාවලුත් තියේ. වැදිල තියෙන අය දන්නව ඇතිනෙ දැනෙන සනීපෙ. :D
දැං මොකද හිතෙන්නෙ. මේක කොම්පීටරේ, එහෙමත් නැත්තං පවර් සප්ලයි උන්නැහේගේ වරදක්ද? නැත්තං අර තඩි මොනිටර් රාජයගෙද වරද? (මම අහපු සිද්දියෙදි පරිගණක පිලිබඳ විශාරදයෙක් කිවුවෙ ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරන්න කියල. ඒ කිවුවෙ පවර් සප්ලයි පෙට්ටිය මාරු කරන්න කියල) :D
මෙතන වරද තියෙන්නෙ කොහෙද කියල ඔයාලනම් දන්නව ඇති. ඒත් නොදන්න එක්කෙනෙක් හරි ඉන්නවනම් මේ එයාටයි කියන්නෙ. වරද තියෙන්නෙ 99% ම ඔබේ ගෙදර. මෙන්න මේ හේතු නිසා.
- පරිගණකය සඳහා දෙකූරු පේනුවක් (Two pin plug) සහිත Extension කෝඩ්(අර ප්ලග් බේස් ගොඩාක් තියෙන්නෙ) පාවිච්චි කිරීම.
- නිවසේ විදුලි පරිපථයට ගූගත වයර(Earth) සම්බන්ධ කර නොතිබීම හෝ සම්බන්ධය බිඳී යාම.
- සම්බන්ධ කරන කේබලයේ දෝෂ
මෙන්න මේ වගේ හේතු නිසා ඔයාලගේ පරිගණකයට විදුලි සැපයුමේ භූගත අග්‍රය සම්බන්ධ වෙන්නෙ නැති කම තමයි මෙහෙම කරන්ට් වදින්න හේතුව. පරිගණකයේ විදුලි සැපයුම සකසල තියෙන්නෙ භූගත පරිපථයකදී භාවිත කරන්නයි. ඉතිං අර්ත් එක නැති වුනාම වදිනව තමයි. පුංචි දරැවෙකුට වුනත් වැරදිලා හරි මෙහෙම පාරක් වදින්න ඉඩ තියෙනව. මොකද සමහරු පරිගණකය අසලටපුංචි දරුවොත් ලංකරගන්නවනෙ.
මෙසේ පරිගණකය අර්ත් නොවීමෙන් පරිගණකයේ උපකරණ වලට හානි වෙනවද කියල කීපදෙනෙක් මගෙනුත් අහල තියේ. මටනං හිතෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියලයි. කොහොම වුනත් අපිට කරන්ට් එක වදින එක් ඒ තරං මිහිරි අත්දැකීමක් නෙමෙයි. නිතර එවැනි සිද්දී වලට ලක් වීම සරීස සවුක්කියටත් හරි මදී.
මං දැකල තියෙනව මගෙ සමහර යාලුවො, විශේෂයෙන් කොම්පුටර් ඇක්ස්පර්ට්ල පවා මේ ගැන ඒ තරං ගනන් ගන්නෙ නෑ. අපේ උන්ගෙ කොම් වලින් මට ඔය වගේ පිනා චාන්ස් කීපයක්ම වැදිල තියෙනවා. හම්මා.. මතක්වෙද්දිත් සනීපයි. :@
ඒව කොහොම උනත් මොකටද නිකං කරන්ට් වද්ද ගන්නෙ? ආයෙ පිස්සුවක් ඇතෑ නේද? :D ඒ නිසා මේකට හොඳම විසඳුම තමා සිංහලෙන්ම කියනවනං ත්‍රී පින් ප්ලග් නැත්තං ඒව එහෙම හදාගෙන ඔය අර්ත් එක එහෙම හරිගස්සගෙන පරිගණකයේ විදිලි සැපයුම හරියට සකස ගන්න එක. අඩු ගානේ සිස්ටම් යුනිට් එකේ ඇණේකට සම්බන්ධ කරපු හොඳ වයර් එකක් පොලවට හොඳින් බස්සපු යකඩ කූරක් වගේ දෙකට සෙට් කරානං ආයි.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ලෙඩේ සුවයි....
දැං ඉතිං බනින්න එපා මගුලක් ලියල කියල. :(
______________________________________________________________
ප.ලි. :- එහෙම දාපු කූරක් හිටවල තියෙන තැන පොලව වේලිලා නිසා හරියට අර්ත් වෙන්නෙ නෑ කියල මගේ යාලුවෙක් ඒකට නියම විසඳුම් හොයන් තිබ්බා. :D උදේට උදේට එයා එතන පුංචි වැඩක් කරා.. :D