Saturday, February 12, 2011

මකපු වෙබ්/බ්ලොග් පිටුවක් කියවන්නෙ කොහොමද? මෙන්න ලේසිම ක්‍රමයක්.....

මේක මහා ලොකු වැඩ කෑල්ලක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මේ ගැන දන්නෙ නැති අය කීප දෙනෙක් හරි ඇති කියල හිතුන නිසා තමයි මේ ගැන මං ලියන්න හිතුවෙ. අපි සමහර වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි අපි බ්‍රවුස් කරල යන පිටු සොයාගන්න බැරි වබ හෝ එහෙම පිටුවක් නැති බවට ලැබෙන මැසේජස්. මේක බොහෝ වෙලාවට වෙන්නෙ සර්ච් එන්ජිමක් භාවිතයෙන් යම් දෙයක් සොයල එයට ලැබුණ ප්‍රතිඵල වල තියෙන ලින්ක් ඔස්සෙ ගියාම සමහර වෙලාවට ඒවාට පිවිසෙන්න බැරි අවස්ථා කීපයක් තිබෙනවා. 
උදා:-
  • වෙබ්/ බ්ලොග් පිටුව හෝ අඩවිය මැකී ඇති විට
  • පිවිසීම අවහිර කර ඇති විට
  • වෙබ් පිටුව සහිත අඩවිය ඇති ස්ර්වරය අක්‍රීය විට හෝ කාර්ය බහුල විට
බ්ලොග් පාඨකයන්ටත් මේ වගේ අත් දැකීම් ඇති. මොකද සමහර අයගෙ බ්ලොග් වලින් පෝස්ට් මකනවනෙ. ඒ වගේම සමහරු ගෙඩි පිට්න්ම බ්ලොග් මකනව. බොහෝ වෙලාවට අපි බ්ලොග් වලදි පාව්ච්චි කරන  LinkWithin වගේ ගැජට් වල පෙන්නන සමහර පෝස්ට් වලට ගියාම ඒ පෝස්ට් මකල නම් ඒත් මේ වගේ මැසේජස් එනවා.
ඉතින් මෙන්න මේ වෙලාවට අපේ පිහිටට ඉන්න දෙයක් තමයි මං කියන්න හදන්නෙ. 
ඒ තමයි පේජ් කැෂ්. (උදා:- Google page cache)  
අපි යම් වෙබ් පිටුවක් වෙබ් අවකාශයට එක් කරල ටික දවසකදි Google වගේ සර්ච් එන්ජින් අපේ වෙබ් පිටු index කරගන්නවා. ඒ වගේම එම වෙබ් පිටු ඔවුන්ගෙ විවිධ තාක්ෂනික ක්‍රම මගින් ඔවුන්ගෙ servers වල cache කර ගන්නවා. ඒ කියන්නෙ අපේ වෙබ් අඩවි වල පිටු බැකප් කරගන්නව වගේ දෙයක් කියල හිතා ගන්නකො. 

මේ උඩ තියෙන්නෙ මෙන්න මේ ගූගල් සෙවුමෙන් ලැබුණ පුංචි කොටසක්. හොඳින් බලන්න මෙහි මම රතු පාටින් ඉරි ඇඳ තියෙනව cached කියන කොටස. මෙයින් කියවෙන්නෙ මෙම අඩවිය ගූගල් විසින් කෑෂ් කර ඇති බව. ඒ කියන්නෙ යම් විදියකින් මේ අඩවිය අක්‍රිය වුනොත් යම් තාක් කාලයක් දුරට එම කැෂ් පිටු කියවන්න පාඨකයන්ට පුලුවන් මෙන්න මේ තියන විදිහට. හැබැයි ඉතින් මෙහිදි පින්තූර, වීඩියෝ වගේ දේවල් ගැනනම් 100% වගකීමක් ගන්න බෑ. නමුත් බ්ලොග් පිටුවක් වෙබ් පිටුවක් වගේ දෙයක් කියවන්න එය බාදාවක් වෙන්නෙ නෑනෙ. මමත් ඔය අපේ සමහර බ්ලොග්කරුවන්ගෙ බ්ලොග් වල මකපු පිටු මේ විදියට කියවල තියෙනවා.  ;)

ඔබටත් මේ වගේ මකපු පිටුවක් හම්බ වුනොත් කරන්න තියෙන්නෙ ඒ පිටුවෙ ලිපිනය(Address bar) එකේ දැක්වෙන ලිපිනය කොපි කරගෙන එය ගූගල් වගේ සර්ච් එන්ජිමක සම්පුර්ණ ලිපිනයම පේස්ට් කරල සර්ච් එකක් දාන්න විතරයි. ගූගල් දෙයියො ගාව පිටුව තිබුනොත් ඔයාලට ලැබෙන සර්ච් ලිස්ට් එකේ අදාල පෝස්ට් එකේ cached කියන වචනෙ උඩ ක්ලික් කලානම් පින්තුර කෙසේ වෙතත් පිටුව නම් ගේමක් නැතුව බලාගත්ත හැකි. google, yahoo වගේ සර්ච් එන්ජින් වල මෙම විශේෂාංගය තිබෙනවා . ඒ වගේම මෙහෙම කෑෂ් වෙන්න සාමාන්‍යෙයන් පුංචි කාලයක් ගතවෙන නිසා දාල පුංචි වෙලාවකින් මකන ලද ඒවානම් මෙයින් බලාගන්න ලැබෙන්නෙ නැත. වැඩි විස්තර ඕනෙනම් මෙතනින් බලන්න.

 වැල්වටාරමක් වගේ ලිවුවෙ වැදගත් නැති දෙයක්ද මන්ද. :(
ගිහින් එන්නම්. ඔබට ජය.

Sunday, January 9, 2011

පෝස්ට් එකකින් වෙනත් URL එකකට ඉබේම Redirect වෙන්න දාන්න ඕනෙනම්....

මෙන්න ඔයාලට පොඩි වැඩ කෑල්ලක්. කාටහරි වුවමනා වුනොත් කියලයි මේ ලියන්නෙ. මොකද මටත් ඕක ඕන වෙලා මමත් මෙන්න මේ සයිට් එකෙන් මේක දැනගත්තෙ.
ඔයාල ලියන බ්ලොග් එකේ පෝස්ට් එකක ඉඳලා ඒ බ්ලොග් එකේම වෙන පෝස්ට් එකකට හරි වෙනත් බ්ලොග් එකකට, වෙනත් පෝස්ට් එකකට හෝ වෙන ඕබන URL එකකට redirect වෙන්න, ඒ කියන්නෙ ඉබේම ලෝඩ් වෙන්න දාන්න ඕනෙනම් පහල විදියට කරන්න. (හැබැයි මතක තියාගන්න මේක අදාල වෙන්නෙ Blogger භාවිතා කරන අයට විතරයි.)

මෙන්න කෝඩ්ස් ටික සහ කරන විදිය....
  1. මුලින්ම Blogger වල ඔබේ dashboard එකට යන්න ඕන. ඊට පස්සෙ Design ගිහිල්ල Edit HTML යන්න ඕන. (කෝකටත් කියල මුලින්ම ඔතන තියන Download Full Template කියන සබැඳියෙන් ඔබේ දැනට තියෙන template එක මුලින් සේව් කරගන්න එක හදිසියෙ වරදක් වුනොත් ගොඩදාගන්න උදව්වක් වෙයි.)
  2. දැන් කියන කොටස සොයාගන්න. හරියටම එම කොටසට යටින් ඔබේ අවශ්‍යතාවය අනුව පහත තියෙන කොටස්වලින් ඔබට අවශ්‍ය කෝඩ් එක කොපිකරල පේස්ටි කරගන්න.

# සම්පූර්ණ බ්ලොග් එකම Redirect වෙන්න නම්
             ***the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
          ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


# තෝරාගත්තු එක පෝස්ට් එකකින් විතරක් Redirect වෙන්න නම්
               ***your_blog_post_address කියන තැනට redirect වෙන්න ඕන මොන පෝස්ට් එකේ ලිපිනය සහ the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
            ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


තෝරාගත්තු එක පෝස්ට් එකකින් හැර අනෙක් ඒවායින් විතරක් Redirect වෙන්න නම්

               ***your_blog_post_address කියන තැනට redirect වෙන්න ඕන මොන පෝස්ට් එකේ ලිපිනය සහ the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
            ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


       3. දැන් Save template ගිහිල්ලා save කරගන්න.

(ඔබට වැදගත් වුණානම් ප්‍රතිචාරයක් දාලා යන්න)


මේ ගැන ඔබට මොකද හිතෙන්නෙ?

ඔබට මේගැන මොකුත් අදහසක් තියෙනවද?.... බලන්නකො මොකද හිතෙන්නෙ කියල.

Monday, January 3, 2011

෴M5 දුම්රිය එන්ජිම - Made in Japan෴





ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ ෴අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴  බ්ලොගය අරඹලා තාම මාසයක් වත් ගත වුනේ නැති වුනත් මේ වන විට සෑහෙන පිරිසක් එය කියවන්නට ඇවිත් තියෙන බව පේනවා. දුම්රිය ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තියෙන අද සෑහෙන ප්‍රමාණයක් මේ බ්ලොග් අවකාශය තුල ඉන්න බව පේනවා. ඒ ගැන ඇත්තටම හරි සතුටුයි. දේශියව මෙන්ම විදේශිය පාඨකයනුත් පුද්ගලිකව පවා අදහස් දක්වලා තියනවා. එම බ්ලොගයේ ලියූ අලුත්ම ලිපිය මග හැරුණු පාධකයන් වෙනුවෙන් මතක් කිරීමක් හැටියට මෙහි එම ලිපියට සබැඳියක් සටහන් කරන්නම්.



මේ ලිපි පෙල සමග දුම්රිය සේවයේ තවත් විස්තර රාශියක් ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්න.

ස්තුතියි.
_________________________________________________________________
..ChAnDiKa..

Saturday, January 1, 2011

M4 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Canada ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා


දැන් අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා කියන ලිපි පෙල මෙම බ්ලොගයේ පලවෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මම ෴අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴  නමින් අලුත් බ්ලොගයක් අරඹලයි තියෙන්නේ. අලුත් ලිපි පළවෙන්නෙ එහි. කෙසේ වුණත් තවමත් ඒ ගැන හරි හැටි දැනුවත් නොවූ පාඨකයන් වෙනුවෙන් මතක් කිරීමක් හැටියට එම මෙහි එම ලිපියට සබැඳියක් සටහන් කරන්නම්.

M4 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Canada ලිපිය කියවීමට මෙතනින් පිවිසෙන්න.

මේ ලිපි පෙල සමග දුම්රිය සේවයේ තවත් විස්තර රාශියක් ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්න.

ස්තුතියි.
_____________________________________________________________________________
..ChAnDiKa..

Friday, December 31, 2010

2011 වසරට අවුරුදු සුභ පැතුම්....


ඉතින් ඔන්න හිතවතුනි 2010 වසරෙ ලියන අවසාන ලිපිය. මේ පහුගිය වසර දිහා අපසු හැරිලා බලද්දී මටනම් සතුටු වෙන්න කාරණාවන් කිහිපයක්ම තිබෙනවා.  ඉතින් ඉටුකරගත්තු පැතුම් වගේම ඉටුකරගන්න තියෙන බලාපොරොත්තු සේරමත් අරගෙන 2010 වසරෙන් උදාවන අවුරුද්දට පිවිසෙන්න බලාගෙන ඉන්න හිත මිතුරු බ්ලොග් මිතුරු මිතුරියන් හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතන්නම්. එහෙනම් අලුත් අවුරුද්දෙදි නැවත හමුවෙමු.


හෙටින් උදාවන 2011 නව වසර ඔබ සැමට සුභම සුභ අලුත්  අවුරුද්දක් වේවා!!!!

..ChAnDiKa..
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Thursday, December 30, 2010

දැන් අලුත් තැනක ~ අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....


මෙම බ්ලොගය ඔස්සේ ලියවුන  "අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...." ලිපි පෙල මෙතැන් සිට අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා.... නමැති අලුත් බ්ලොගයට ගෙන යන අතර එම අලුත්ම බ්ලොග් අඩවිය ඔසසේ ශ්‍රී ලාංකීය දුම්ර්ය සේවයේ තොරතුරු කියවන්නට පිවිසෙන ලෙස මගේ ආදරණිය බ්ලොග් හිතවතුන්ට මෙයින් මතක් කරමි. 

 ස්තුතියි.