Sunday, April 4, 2010

අපේ කාලේ යතිවරයාණෝ...... අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි......

ඔබ සැමට මතක ඇති අපේ දේශය අවදි කරන්නට හඩ නැගු අපේ ගරු ගංගොඩවිල සෝම හිමියන්ව. උන් වහන්සේව ඉතා සුක්ෂම ලෙස සැලසුම් කර අපවත් කරන ලද බව තමයි බොහෝ දෙනාගෙ පිලිගැනීම.. මේ ඡායාරෑප මට ඊමේලයක් මගින් ලැබුනෙ. බලන්නකො....

8 comments:

  1. මේ සටහනේ "එදා" යන මාතෘකාව යටතේ පූජ්‍ය කොටගම වාචිස්සර හිමියන්ගේ නමත් ඇතුලත් කොට ඇත. උන්වහන්සේගේ අපවත් වීම පිලිබඳව මම දන්නා කරුණු අනුව කිසිම සැකයක් නැත. ආනන්ද විද්‍යාලයේදී අපට බුදු දහම ඉගැන්වූ ගුරුතුමා වශයෙන්ද, උන්වහන්සේ අපවත් වූ දින, උන්වහන්සේගේ ශල්‍ය කර්මය කරන විට ඒ කාමරයේ සිටි වෛද්‍ය ශිෂ්‍යයෙක් වශයෙන්ද මා සතුව මගේ නිරීක්ෂණද ඇත. වාචිස්සර හිමි තරමක් තරබාරුය. පිට කොන්දට නිර්වින්දනය දීමට තරමක් අපහසු වූ නිසා සම්පූර්ණයෙන් සිහි නැති කිරීමට සිදු විය. මේ සම්පූර්ණ සිහි නැති කිරීම නිසා බලාපොරොත්තු නොවූ පරිදි උන්වහන්සේ අපවත් විය. ඒ සමගම එදා සිටි සියලුම නිර්වින්දක වෛද්‍යවරු කඩිනමින් ශල්‍යාගාරයට පැමිනි බව මට මතක ඇත. එදා වුවත් ජාතිවාදී පෙනුමක් මෙයට දීමට සමහර කුහක මාධ්‍යවේදීන් මාන බැලූහ.

    ReplyDelete
  2. කොහොම වුණත් සෝම හිමියන්ගේ උදාර පූජ්‍යත්වයට මුවාවෙලා අන්තිමට අවස්ථාවාදීන් කොටසක් එයාලගෙ උවමනා ඉෂ්ඨ කරගත්ත. අද උන්ට සෝම හිමි යනුවෙන් කෙනෙක් හිටියද කියලත් අමතක වෙලා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හුඟක් සංවේදි සිදුවිමක්.
    අති පූජ්‍ය සෝම හිමියණි..ඔබ නැවත අප අතරම ඉපදේවා...


    ඔයාට...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතනවා.

    120 ට 220 ක් ආයුබෝ වේවා...

    ReplyDelete
  5. 2ක් නෑ වචෙනයකින හරි උදවි කරපු ඒෙකක් ඉන්නවනමි ෙහනම ගහනව
    සත්‍ය හංගන්න බෑ කියනව ෙන
    අෙප් රජයත් ෙමිකට අතදාන්න බයයි ව ෙග් ෙන්ද?

    ReplyDelete
  6. භාග්‍යාAugust 23, 2012 at 2:57 PM

    බුදු දහම මට මගේ ජිවිතය වගේ.ඒ නිසාම ලොවිතුරා බුදුපියාණන් වහන්සේට.මහා සංඝ රත්නයට මම ගොඩාක් ගරු කරනවා.ලොවිතුරා බුදුපියාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මය සුරු‍කෙන්නේ අපේ ගරුතර මහා සංඝ රත්නයට පින් සිද්ධවෙන්න.ගරුතර සෝම හාමුදුරුවන් වහන්සේත් සැබැවින්ම සංඝ රත්නයක්.උන් වහන්සේව අපවත් කරපු පව්කාරයන්ට සතර අපායේවත් ඉපදෙන්න ලැබෙන්නේ නෑ.

    ReplyDelete
  7. අපේ රජය වහාම මේ ගැන පරීක්ෂනයක් කරන්න ඕන. ජනාදිපති තුමා මේකට මැදිහත් වෙන්නම ඕන. වැරදිකරුවන්ට දඩුවම් ලැබේවා.ඔකුන්ගේ හත් මුතු පරම්පරාවම හැදී ගැවීලා යන්න ඕන.

    ReplyDelete
  8. උන්වහන්සේට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete