Friday, December 17, 2010

M2 දුම්රිය එන්ජිම ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....

    ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න අදත් ආවා තවත් එන්ජිමක් ගැන විස්තර අරගෙන. M1 එන්ජිම ගැන ලියපු ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාර බ්ලොග් එක හරහා වගේම පුද්ගලිකවත් ලැබෙනවා. ඒ හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා වැදගත් අංශයක් ලෙස අපේ දුම්රිය සේවය ඉතා වැදගත්. කලින් කලට විවිධ වෙනස්කම් ඔස්සෙ නවීකරණය වූ එහි විවිධ තොරතුරු ඔබට සිංහලෙන් ගෙන ඒමයි මෙහි අරමුණ. අපේ දුම්රිය ගැන ඉංග්‍රීසි බසින් පලවෙන වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් තිබුණත් සිංහලෙන් ලියවුන ඒවා ඇත්තෙ ඉතා අතලොස්සක්. එහි අඩුව මදකින් හෝ පිරවීම තවත් එක් බලාපොරොත්තුවක්. මෙම ලිපිපෙල ලීවිමේදී ඇතැම් ඡායාරූප සහ විස්තර අන්තර්ජාල ඔස්සේත් විවිධ දැනහැඳිනීම්කම් ඔස්සේ විවිධ පුද්ගලයන්ගෙනුත් සපයා ගන්නා බවත්, ඒම ඡායාරූප වල අයිතිය ඒම අදාල අඩවි වල ප්‍රකාශකයන්ට හිමිවිය යුතු බවත් ප්‍රකාශ කල යුතුයි.

අද ඔබට ගෙන එන්නෙ ශ්‍රී ලංකාවෙ අපට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන තවත් පතාක යෝධයෙක් ගැනයි. නමින් ඔහු M2. මෙහෙම කිවුවට බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි. 2004 වසරේ සුනාමි ව්‍යවසනයට මුහුණ දුන් දුම්රිය ඔබට මතකද? එහි එන්ජිම ඔබට මතක ඇත්නම් එය M2 වර්ගයේ එන්ජිමක්. ඉතින් අද ඔබට ඉදිරිපත් කරන්නෙ එම වර්ගයේ එන්ජින් ගැන විස්තරයක්. මෙයත් දුම්රිය ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කල අතර තවමත් දුම්රිය සේවයේ වගකීම් අතුරෙන් සැලකිය යුතු කොටසක් තම උරමත හොවාගෙන තම බාල සොයුරන් සමග තරග වදින පතාක යෝධයෙක්.

කැනඩාවේ ජෙනරල් මෝර්ටර්ස් (General Motors-Canada) නැමැති සුප්‍රකට සමාගමේ නිශ්පාදනයක් වන මෙය අපේ රටට ලැබෙනුයේ 1954 වසරේදී. ඒ "කොළඹ ක්‍රමය" හෙවත් The Colombo Plan නමැති විදේශ ආධාර වැඩ සටහන ඔස්සේයි. මෙයත් Diesel-Electric වර්ගයේ එන්ජිමක්. G12 වර්ගයේ එන්ජින් වන මේවා ආනයනයෙන් පසුව මෙහිදී M2 ධාවන පන්තිය යටතේ සේවයට යෙදවුනා. වර්ණ ගැන්වී තිබුණේ කොල සහ රතු පැහැයෙන්.

 එම M2 ධාවන පන්තිය M2,M2a,M2b,M2c සහ M2d ලෙස උප කාණ්ඩ පහකට වෙන් කර තිබෙනවා. එසේ ගෙන්වා ඇති මුලු එන්ජින් ගණන 14ක්. ඉතාම සතුටුදායක කාරණාවනම් මෙසේ ගෙන්වු එන්ජින් 14න් 13ක්ම තවමත් සාර්ථකව ධාවනයට යෙදවීම. එක් එන්ජිමක් පමණක් ධාවනයෙන් ඉවත් කෙරුණේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා නැවත අලුත්වැඩියා කල නොහැකි නිසයි.
මේ එන්ජින් පිලිබඳ විස්තර දැන් බලමු.
  • පන්තිය                      :-  M2 
  • බර                            :-  ටොන් 79
  • නිෂ්පාදනය                :-  General Motors (G.M.D.) (කැනඩා සමාගම)
  • උපරිම බලය              :-  අශ්ව බල 1425
  • දුම්රිය එන්ජින් වර්ගය:-  Diesel Electric
  • බල සැපයුම් එන්ජිම   :-  General Motors - 1425hp GM V12 12-567c (2 stroke)
  • උපරිම වේගය            :-  112km/h
  • වර්ණය                      :-  පළමුව රතු හා කොල පැහැය(UNP රජය),  පසුව ලා නිල්, තද නිල්, රීදී  .  ..                                    පැහැය සමග කහ පැහැ පටියක්
මෙයින් M2,M2a,M2b සහ M2d s එන්ජින් වල ඇත්තේ A1A-A1A වර්ගයේ axle arrangement වන අතර M2c වල ඇත්තේ Bo-Bo Axle arrangement. (Axle arrangement ගැන දැනගන්න මෙයින් යොමුවෙන්න). තවද මෙහි Sand Box පහසුකමත් අඩංගුයි. එමගින් මාර්ගය ලිස්සන අවස්ථාවේදී මාර්ගයට වැලි එකතු කර ඝර්ෂණය වැඩි කරගන්නවා.
  
මෙසේ ගෙන්වූ මුල්ම එන්ජිම අංක 569 යටතේ එන්ජින් බල ඇණියට යෙදවුනා. එම මුල්ම එන්ජිම තම මංගල ගමන සනිටුහන් කලේ 1954 අප්‍රේල් මස 24 වැනි දින රුහුණු කුමාරිය සමග හාද වී ඇය මාතර දක්වා කැඳවාගෙන යාමෙන්. එසේ ඇරඹුණු M2 එන්ජින් වල සේවය අදත් වසර 50 ස්වර්ණ ජයන්තියද පසු කරමින් ඉතා සාර්ථක ලෙස සේවයේ යෙදෙන එක දුම්රිය කෙරෙහි උනන්දුවක් ඇති නොමද සතුටට හේතුවන කාරණයක්. 
මෙහිදි මෙම එන්ජින් වල සුළු වෙනස්කම් කිහිපයක් පමණයි සිදුකොට ඇත්තෙ. ඉදිරිපස ආරක්ෂක බාධා නිවාරකය(බපරය) හෙවත් Cowcatcher ඉවත් කර ඒ වෙනුවට W1 එන්ජිමෙහි එම කොටස යොදා තිබීමත් ඉදිරිපස ආලෝක ලාම්පු වෙනස් කිරීමත් ආදීය සුලු වෙනස්කම් පමණයි. දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ මනා කැපවීමත් උසස් නඩත්තුවත් නිසා මේවා සාර්ථක ලෙස (කැළණිවැලි මාර්ගයේ හැරුණුකොට අන් සියලු මාර්ගවල) ධාවනයේ යෙදෙනවා. එබැවින් මෙතෙක් ගෙනා සාර්ථකම දුම්රිය එන්ජිම ලෙස මෙය හැදින්වෙනවා.
මෙම එන්ජින් සඳහා විවිධ නම් දෙපාර්තමෙන්තුව මගින් ලබා දී තිබුණා. එසේ ලබා දුන්නේ කැනඩාවේ විවිධ පලාත්වල නම්. එම විස්තර පහත දැක්වෙනවා.

අංකයනමගෙන්වූ වසරධාවන පන්තියවිශේෂ කරුණු
569Ontario 1954M21956.04.24 රුහුණු කුමාරි සමග මුල්ම ගමන
 570 Alberta 1954M21956.04.24 යාල්දේවී සමග මුල්ම ගමන,
*note 1
 571 Saskatchewan 1954M21956.04.24 උඩරට මැණිකේ සමග මුල්ම ගමන,
 **note 2
 572 British Colombia 1955M2 _
 573 Quebec 1955M2 _
 591 Manitoba 1956M2a **note 3
 592 Nova Scotia 1956M2a _
 593 New Brunswick 1956M2a _
 594 Prince Edward Island  1958M2b _
 595 Newfoundland 1958M2b _
 626 Montreal 1961M2d මුල්ම ගමන 1961.08.08, ***note 4
 627 Vancouver 1961M2c මුල්ම ගමන 1961.08.04, ***note 4
 628 කන්කසන්තුරේ 1966M2d ***note 5
 629 ගාල්ල 1966M2d ***note 5


*note 1 :- සිවිල් යුද්ධය නිසා 1992 සිට 1996 දක්වා කන්සන්තුරේ ගාල්කර තිබී පසුව නැව් මගින් කොළඹට ගෙනවිත් රත්මලාන කර්මාන්ත ශාලාවේදී පිලිසකර කර ධාවනයට යොදන ලදී. නැවතත් 2007.06.07 පූනානි හිදි බිම් බෝමිබයකට අසුවී සුලු හානි සිදුවිය.
*note 2 :- යාල්දේවි දුමිරිය 1985 ජනවාරි 19 දින LTTE ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් මෙම එන්ජිම නැවත අලුත්වැඩියා කල නොහැකි ලෙස විනාශ විය. 
*note 3 :- 2004 දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යවසනයට හසුවූ පසු නැවත අලුත්වැඩියා කර 2008 දෙසැම්බර් 26 දින නැවත ධාවනයට එක් කරන ලදී.
*note 4 :- උඩරට ධාවනයට පමණක් යෙදවේ. (මාතලේ මාර්ගය හැර).
*note 5 :- මේවා පළමුව සිමෙන්ති ප්‍රවාහනයට ගෙන ආ මුත් දැන් මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත. මෙම එන්ජින් දෙක ඇමරිකාවේ නිෂ්පාදිතයි. මෙම එන්ජින් දෙකට අදාල සිමෙන්ති සමාගම් වෙනුවෙන් කන්කසන්තුරේ සහ ගාල්ල ලෙස සිංහල නම් යොදා තිබීම විශේෂත්වයකි.

ඡායාරූප පෙල....


මහනුවරට ලඟාවන M2 එන්ජිමක් සහිත දුම්රියක්.....




මේ දැක්වෙන්නේ 573 මෙරටට ඒමට පෙර කැනඩාවේදී...


595 මෙරටට ඒමට පෙර කැනඩාවේදී..


(593 විය යුතුයි) පෙර පැවති වර්ණය...

569 Ontario......

569 මනම්පිටිය පාලම මත....

570 Alberta බෙන්තොට දුම්රිය ස්ථානයේදී......

594 Princes Edward Island

595 Newfoundland

626 Montreal නානුඔයදී....

626 Montreal කොළඹ කොටුවේදී....


627 Vancouver නානුඔයදී.......

629 "ගාල්ල" එන්ජිම මාතර බලා යාමට සූදානමින් ගාලු දුම්රිය පොලේදී....


628 "කන්කසන්තුරේ" එන්ජිම



627 Vancouver නානුඔය පාලම මතින් බදුලු දෙසට...



සුනාමි ව්‍යවසනය නිසා පෙරැලුණු 591 Manitoba.......


591 Manitoba යලි පණ ලැබ.........
.
(මෙහි පල කර ඇති සියළු ඡායාරූප වල අයිතිය පහතින් දක්වා ඇති ඒවාට අදාල මුල් ලිපිවල හිමිකරුවන් සතුය.) 

ලිපියට තොරතුරු සහ ඡායාරූප :-

http://www.railwaymuseum.lk/
http://www.facebook.com/photo.php?fbid=1345201488485&set=o.48455420684
http://www.colombo-plan.org/resources/newsletters/FocusJanuary2005.pdf
http://www.srilankadot.com/wiki-Sri_Lanka_Railways
http://gyan.slrfc.org/locoalberta.htm
http://gyan.slrfc.org/locoemd.htm
http://www.srilankanlocos.com/about/abt.html
http://emdexport.railfan.net/asia/srilanka.html
http://www.flickr.com/photos/yimhafiz/sets/72157607657699571/
http://www.srilankanlocos.com/intro.html



20 ඔබේ සිතට නැගෙන අදහස් මට මෙහි සටහන් කර යන්න.:

මලිති said...

හොදයි අයියා අලුත් තොරතුරැ ගොඩක් තියෙනවා :a

nawammawatha said...

අගය කලයුතු උත්සාහයක්. බොහොම වැදගත්. දිගටම ලියමු.....

Praසන්ன said...

වැදගත් ලිපියක්. දිගටම ලියන්න.

Kaniskha Dilshan said...

නියමයි බොහොම ආසාවෙන් කියවන ලිපි පෙලක්...
ඔබට බොහොම ස්තුතියි.

පොඩි නිවැරදි කිරීමක් කරන්න අවසර..
"570 Alberta හික්කඩුවේදි......." යන කොටස පොඩ්ඩක් වෙනස් කරන්න. එය හික්කඩුව දුම්රිය ස්ථානය නොව බෙන්තොට දුම්රිය ස්ථානයයි.

මගේ සයිබර් නිවහන said...

nice post

චන්දික said...

ස්තුතියි හැමෝගෙම ප්‍රතිචාර වලට :a

@ Kanishka
පොඩි අතපසුවීමක්.. නිවැරදි කලා. ස්තුතියි මිතුරේ පෙන්වලා දුන්නට.... :q

kanishka dilhan said...

නියමයි ....e-kicks ...kicksssss... :a

Neranji___නෙරංජි said...

:n very nice....මාර විස්තර තමයි මෙයාටත් හම්බෙන්නෙ.....

10 සහෝදරයා said...

නියමයි. :c දිගටම ලියන්න :q

Dakshina said...

රසවත් ලිපියක්.. දිගටම ලියන්න. ආසාවෙන් කියවූවා...

සුසිත රවින්ද සෙනරත් said...

මමත් නිතර දුම්රියේ ගමන් කරන දුම්රියට ආදරය කරන කෙනෙක්. සතුටුයි මේ ලිපි පෙළ ගැන.
M2 මමත් නිතර මුහුදු බඩ මාර්ගයේ දැකල තියනවා. ඉස්සර මහනුවර මාතර දුම්රියට ආවෙම ඔය එන්ජිම තමා. දැන් නම් නෑ. ගාලු කුමාරියටත් ඉඳල හිටල එනවා. ම්.. තව ත්‍රිකුණාමලය මාතර දුම්රියටත් එනවා. එහෙම ආපු වෙලාවකනේ සුනාමියට අහුවුනේ. ඒකෙන් රියදුරු සහ සහායක දෙදෙනාම මියගියා. රියදුරාගෙ සිරුර එන්ජිමටම යටවෙලා තිබුන නිසා ඒක ගන්න එන්ජිම උස්සන්න බැරි නිසා යටින් වලක් හාරලලු මෘත ශරීරය එලියට ගත්තේ.

Anonymous said...

superb...

Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) said...

ෆට්ට ෆට්ට.. දන්නෙ නැති දේවල් ගොඩයි.

මලිති said...

මරේ මරැ.... නියමයි.............

චන්දික said...

බොහොමත්ම ස්තුතියි මේ හැම ප්‍රතිචාරයකටම........ :s

hasithahands said...

ඇත්ත තමා නියමම ලිපි පෙලක් තමා..... :q

මකුළුවා...... said...

එංජින් වල ඈඳුම් ක්‍රම(Coupling) ගැනත් ලියන්න....මම එච්චර එකඟ වෙන්නේ නෑ.මොකද 628 කියන්නේ "කන්කසන්තුරේ" එංජිම...ඒකත් ගොඩක් වෙලාවට මහනුවර අවට තමා ධාවනය වෙන්නේ...හැබැයි මාතලේ යන්නේ නෑ...කොහොමවුනත් හොඳ ආරම්භයක්....දිගටම ලියන්න.....
රෝද පිහිටීම ගැනත් එක ලිපියකින් විස්තර කරා නම් හොඳයි....මොකද ලංකාවේ තියෙන්නේ වර්ග තුනක් විතරයි(A1A-A1A / Bo-Bo / Co-Co)...විතරයි.

මකුළුවා...... said...

**note 4--මම එකඟ වෙන්නෑ කියලා කිව්වේ මෙන්න මේකට....M2C විතරක් නෙමේ නේද?කොහොමවුනත් සෑහෙන්න වටින ලිපියක්....ලකුණු 100.........0000%

..ChAnDiKa.. said...

@ මකුළුවා
ඔබේ අදහස් ගොඩක් වටිනවා. ඉදිරියෙදි ඒ පිලිබඳව ලිපියක් දමන්නම්.

smartB said...

@මකුළුවා......

M2c එන්ජිම ධාවනයට අවසර ඇත්තේ රත්මලාන අංගනයේ සිට බදුල්ල දක්වා සහ පේරාදෙණියේ සිට මහනුවර දක්වා ඇති මාර්ගයේ පමණයි. එයට හේතුව එහි Axle Load එකේ ගැලපීම ගෙනහැර දැක්විය හැකියි.

M2c එන්ජිමට අමතර ව M2d 628 සහ 629 එන්ජින් දෙක මහනුවර තෙක් ධාවනය කරවීමේ හැකියාව පවතිනවා. කෙසේ නමුත් මෙම එන්ජින් ද්විත්වය බොහෝ විට මඩකලපුව සහ ත්‍රීකුණාමලය දක්වා ධාවනය වන දුම්රියන් හි යොදවනු දැකිය හැකියි.

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More