Sunday, December 12, 2010

M1 එන්ජිමේ තවත් දුර්ලභ ඡායාරූප කීපයක් ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....

ලංකා දුම්රිය සේවයේ විවිධ තොරතුරු ගැන කතා කරන ලිපි පෙලේ මෙතෙක් පලවුනු ලිපි කියවපු සහ ඒවාට කමෙන්ට් දැමීමෙන් මාව ධෛර්යයමත් කරන ඔයාල හැමෝටම මුලින්ම මං ස්තුති වන්ත වෙනවා. ලියන එක සතුටක්. ඒ ලියන දේවල් කවුරුහරි කියවනවනම් ඒවයෙ අඩුපාඩු පෙන්නනවනම් ඊට වඩා සතුටුයි.

හ්ම් දැන් මාතෘකාවට එමු. අපි අන්තිමට කතා කරේ M1 එන්ජිම ගැනනෙ. ඊලග ලිපියට කරුණු සොයමින් සිටින අතරෙ මට ලැබුණා ඉතා වටිනා, ඒ වගේම ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙලක්. ඉතින් මං හිතුවා ඒවා මං වගේම දුම්රිය ක්ෂේත්‍රෙය් උනන්දුවක් තියන ඔයාල එකක් බෙදාගන්න. මේ පහත දැක්වෙන්නෙ එම ඡායාරූප.

ඉතාම දුර්ලභ අවස්ථාවක්- M1 එන්ජිමක් ගොඩබෑම හෝ පීලිගත කිරීමක් විය යුතුයි.

මේ තවත් එවන් සේයාරුවක්...

මේ සූදානම ඉදිරියට ඇදෙන්නයි...

මේ ජායාරූපය නම් පැහැදිලි නෑ....ඇතැම් විට මේවා අපනයනයට පෙර එංගලන්තයේදී ගත් එකක් විය හැකියි..

උඩරට මාර්ගයේ......

කොහොමද ලස්සන?

ප්‍රමාණයෙන් වගේම හැකියාවෙනුත් යෝධයෙක්....  :D

ගමනක් අතරමග...


මේ ඡායාරූපය පෙර ලිපියෙත් පලවුණා මතකද?

මේ අපි කවුරුත් දන්නා යාල්දේවී දුම්රිය බව වෙනත් කෙහේ හෝ ලිපියක හෝ කැලැන්ඩරයක දුටුවා මට මතකයි....

මේත් යාල්දේවියම තමයි....

අනිත්‍යය පසක් කොට...


සොයුරෙකුගේ උදවුවෙන් මේ එන්නෙ අවසන් ගමන් යන්නටද?







තවත් ලිපියකින් හමුවෙමු....


ඡායාරූප වල අයිතිය http://brushlanka.slrfc.org  සහ  http://www.phantasrail.com/sl_odds_and_ends.htm සතු වන අතර M1 එන්ජිම පිළිබඳ විස්තර අඩංගු මුල් ලිපිය සඳහා සබැඳිය  මෙතැනින්......




8 ඔබේ සිතට නැගෙන අදහස් මට මෙහි සටහන් කර යන්න.:

මලිති said...

නියමයි දුර්ලබ පින්තූර වගයක් දැක ගන්න ලැබීමත් සතුටක්

චන්දික said...

ස්තුතියි මලිති... :a

dinesh said...

කොහෙන්ද බං මේ පට්ට පිංතූර හොයා ගන්නෙ. කියල වැඩක් නෑ.දිගටම මෙ විදියට ලියමු.අපි ඉන්නවනෙ බලන්න. :n

චන්දික said...

බොහොම ස්තුතියි දිනේෂ්.. ඔයාලගෙ කමෙන්ට්ස් මාව ලියන්න තවත් උනන්දු කරවනවා... :q

Anonymous said...

නියමයි මචන් .අද මෙවාට අත්වෙලා තියෙන ඉරනම දැක්කම නම් දුකයි.

subashblog said...

නියමයි යාළුවා. තව තව මේ වගේ ඒවා දාන්න මම දිගටම ඉන්නවා. ගොඩක් ස්තූතියි අපිට මේවා පෙන්නුවාට :m

smartB said...

බොහොම හොඳ උත්සාහයක්.... මේවා ගැන උනන්දුවක් ඇති, ඒත් විස්තර හොයාගන්න බැරි අයට මේ ලිපියෙන් තොරතුරු දැනගන්න පුළුවන් වීම ඇත්තෙන් ම හොඳයි.

ඒ එක්කම මෙතන Facebook එකෙන් අරගෙන තියෙන ඡායාරූප සම්බන්ධයෙන් පොඩි නිවැරදි කිරීමක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. එම අවසන් ඡායාරූප 04හි සබැඳිය;

http://www.phantasrail.com/sl_odds_and_ends.htm

:a :a :a

චන්දික said...

හ්ම් ස්තුතියි smartB ඒ දැනුවත් කිරීමට.. ඔන්න මං ඒක නිවැරදි කරා.. :a

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More