Thursday, April 28, 2011

බුදු අම්මෝ!!!! අත ලඟම ඉන්න යාලුවගෙන් මෙහෙම ආතල් එකක් ලැබිල නැද්ද?


හප්පේ.....  යාන්තං එග්සෑම් එකනං ඉවර වුණා. දැං ඉතිං පුදුම නිදහසක් දැනෙනවා. දෙයියනේ කියල ටික දවසක් නිදහසේ ඉන්න පුලුවන්. ටික දවසකිං බ්ලොගේ ලියන්නත් බැරි වුනානෙ. බ්ලොගෙ පටන් අරන් අවුරුදු දෙකටත් වැඩිද කොහෙද. ඒත් තාම පෝස්ට් 50ක් ලියලත් නෑ. :D ඒ තරං වේගෙන් කොහොම ලියනවද මන්ද මේ බ්ලොග් ලියන ඈයො  :D

අද බ්ලොග් එකෙං මං මේ කියන්න ලෑස්ති වුනේ මේ අපි ගොඩ දෙනෙක් මූන දීල තියෙන දෙයක් ගැන. මහා ලොකු දෙයක් නං නෙමේ. මේ ලඟදි මං අහපු කතාවක් නිසා මට හිතුන මේක කිවුවොත් හොඳයි කියල. මේක පරිගණක ඇක්ස්පර්ට්ලට නං ඒ හැටි වැදගත් නෑ ඕං. ඒ අය ආපහු යනවා හොඳයි. :D

කෝ බලන්න ඩෙස්ක්ටොප් කොම්පියුටරෙන් කරන්ට් එක වැදුන අය අත උස්සන්න  බලන්න.  :D

හේ හේ.. කොම්පීටරේ ඔන් කරල තියෙද්දී  සිස්ටම් යුනිට් එකේ (අර මහ තඩි පෙට්ටගම නොදන්න එකෙක් නෑනෙ) කොහෙන් හරි ඇල්ලුවනම්, එහෙමත් නැත්තං මොනිටර් එකේ තිරේ ඇල්ලුවම කරන්ට් එක ඒකපාරක් හරි වැදිල ඇතිනෙ හුඟ දෙනෙකුට.

යාන්තම් දැනෙන පුංචි කරන්ට් පාරක් වගේම චූ පිටවෙන්න තරං සැරට කරන්ට් වදින වෙලාවලුත් තියේ. වැදිල තියෙන අය දන්නව ඇතිනෙ දැනෙන සනීපෙ. :D 

දැං මොකද හිතෙන්නෙ. මේක කොම්පීටරේ, එහෙමත් නැත්තං පවර් සප්ලයි උන්නැහේගේ වරදක්ද? නැත්තං අර තඩි මොනිටර් රාජයගෙද වරද? (මම අහපු සිද්දියෙදි පරිගණක පිලිබඳ විශාරදයෙක් කිවුවෙ ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරන්න කියල. ඒ කිවුවෙ පවර් සප්ලයි පෙට්ටිය මාරු කරන්න කියල)  :D

මෙතන වරද තියෙන්නෙ කොහෙද කියල ඔයාලනම් දන්නව ඇති. ඒත් නොදන්න එක්කෙනෙක් හරි ඉන්නවනම් මේ එයාටයි කියන්නෙ. වරද තියෙන්නෙ 99% ම ඔබේ ගෙදර. මෙන්න මේ හේතු නිසා.



  1. පරිගණකය සඳහා දෙකූරු පේනුවක් (Two pin plug) සහිත Extension කෝඩ්(අර ප්ලග් බේස් ගොඩාක් තියෙන්නෙ) පාවිච්චි කිරීම.
  2. නිවසේ විදුලි පරිපථයට ගූගත වයර(Earth) සම්බන්ධ කර නොතිබීම හෝ සම්බන්ධය බිඳී යාම.
  3. සම්බන්ධ කරන කේබලයේ දෝෂ

මෙන්න මේ වගේ හේතු නිසා ඔයාලගේ පරිගණකයට විදුලි සැපයුමේ භූගත අග්‍රය සම්බන්ධ වෙන්නෙ නැති කම තමයි මෙහෙම කරන්ට් වදින්න හේතුව. පරිගණකයේ විදුලි සැපයුම සකසල තියෙන්නෙ භූගත  පරිපථයකදී භාවිත කරන්නයි. ඉතිං අර්ත් එක නැති වුනාම වදිනව තමයි. පුංචි දරැවෙකුට වුනත් වැරදිලා හරි මෙහෙම පාරක් වදින්න ඉඩ තියෙනව. මොකද සමහරු පරිගණකය අසලටපුංචි දරුවොත් ලංකරගන්නවනෙ.

මෙසේ පරිගණකය අර්ත් නොවීමෙන් පරිගණකයේ උපකරණ වලට හානි වෙනවද කියල කීපදෙනෙක් මගෙනුත් අහල තියේ. මටනං හිතෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියලයි. කොහොම වුනත් අපිට කරන්ට් එක වදින එක් ඒ තරං මිහිරි අත්දැකීමක් නෙමෙයි. නිතර එවැනි සිද්දී වලට ලක් වීම සරීස සවුක්කියටත් හරි මදී.

මං දැකල තියෙනව මගෙ සමහර යාලුවො, විශේෂයෙන් කොම්පුටර් ඇක්ස්පර්ට්ල පවා මේ ගැන ඒ තරං ගනන් ගන්නෙ නෑ. අපේ උන්ගෙ කොම් වලින් මට ඔය වගේ පිනා චාන්ස් කීපයක්ම වැදිල තියෙනවා. හම්මා.. මතක්වෙද්දිත් සනීපයි. :@

ඒව කොහොම උනත් මොකටද නිකං කරන්ට් වද්ද ගන්නෙ? ආයෙ පිස්සුවක් ඇතෑ නේද? :D ඒ නිසා මේකට හොඳම විසඳුම තමා සිංහලෙන්ම කියනවනං ත්‍රී පින් ප්ලග් නැත්තං ඒව එහෙම හදාගෙන ඔය අර්ත් එක එහෙම හරිගස්සගෙන පරිගණකයේ විදිලි සැපයුම හරියට සකස ගන්න එක. අඩු ගානේ සිස්ටම් යුනිට් එකේ ඇණේකට සම්බන්ධ කරපු හොඳ වයර් එකක් පොලවට හොඳින් බස්සපු යකඩ කූරක් වගේ දෙකට සෙට් කරානං ආයි.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ලෙඩේ සුවයි....

දැං ඉතිං බනින්න එපා මගුලක් ලියල කියල.  :(
______________________________________________________________
ප.ලි. :- එහෙම දාපු කූරක් හිටවල තියෙන තැන පොලව වේලිලා නිසා හරියට අර්ත් වෙන්නෙ නෑ කියල මගේ යාලුවෙක් ඒකට නියම විසඳුම් හොයන් තිබ්බා. :D උදේට උදේට එයා එතන පුංචි වැඩක් කරා..  :D

17 comments:

  1. මටත් අනන්තවත් ඔය විදියට කරන්ට් වැදිලා තියෙනවා :h

    ReplyDelete
  2. කරන්ට් වදින්නේ අනිවාර්යයෙන්ම අර්ත් එකේ අවුල නිසා තමයි.
    දැං තියෙන චයිනීස් extension කෝඩ් වල 3pin plug top එකක් තිබ්බට අර්ත් එක තියෙන්නෙ නිකං.. ඇතුලෙං වයර් යන්නේ නැ.

    පරිගණකය අරත් නොවීමෙන් එහි උපකරන වලට හානි වීමේ සම්බාවිතාවය වැඩියි. මගේ මුල්ම කොම්පියුටරය 486 එකක්. ඒ දවස් වල මමත් මේ ගැන දැනන් හිටියේ නැ. ඉස්සර කාලෙ හාඩ් ඩිස්ක් වලට කොම්පියුට‍රේ අර්ත් වයර් එක අනිවාර්යයි. නැත්තං ඉතිං මාස දෙකෙං තුනෙං හාඩ් එක ඉවරයි. ඒ කාලේ මේක එච්චර ගැටලුවක් උනේ නැත්තේ සාමාන්‍යයෙන් කොම්පියුටර් ගත්තේ හොද සල්ලිකාරයෝ.. ඉතිං ඒකට දෙන විදුලි සැපයුම උපරිම කොලිටියෙන් තමයි දුන්නේ. මගෙත් 500mb හාඩ් එක පිච්චුනාට පස්සෙ මාත් ඒ ගැන ‍වඩාත් සැලකිලිමත් උනා. දැං උනත් කොම්පියුටරේකට හොඳ වැඩ කරන අර්ත් එකක් තිබීිම ඒකෙ ජීවිත කාලය දික් කරලා දෙන්න අනිවාර්යයෙන් උපකාරී වෙයි.

    කොම්පියු‍ටරෙන් කරන්ට් වදිනවා නම් කරන්න තියෙන ලේසිම දේ තමයි කේසින් එකේ ඇණේකට වයර් එකක් දාලා කාමරේ පොලවට ඇණයක් ගහලා ඒක ගැට ගහන එක. වතුර ටිකකුත් ඇණේට දැම්මා නම් ඉතා හොඳ ප්‍රතිඵල අත්විදින්න පුලුවන්. :)

    ReplyDelete
  3. අපේ ගෙදර earth wire එක අවුල්. කොම්පීතරෙන් විතරක් නෙමෙයි, ඒකට usb හරහා සම්බන්ධ කරන portable hard disk, digital camera ආදී මෙකී නොකී හැම මගුලක්ම ඇල්ලුවොත් කරන්ට් වදිනවා :D

    ReplyDelete
  4. මටත් වැදිලා තියෙනවා අයියෝ අපා වෙනවා.. :|

    ReplyDelete
  5. අපේ ගෙදරත් බො‍හෝ විදිලි උපකරණ විලින් විදුලිය කාන්දු වෙනවා ..... විදුලිබිලත් වැඩි ඒ හින්දද මන්දා

    ReplyDelete
  6. අර උඹේ යාලුවට පොලව තෙත මදිනම් කියපන්. මාත් ඇවිත් ඌට සපෝට් එකක් දෙන්නම් :D

    @වැප්
    මචන් උඹලයි ගෙද‍ර මොනවද තියෙන විදිලි උපක‍රණ. උඹලා දැන් ඒ වැඩත් ක‍රනවද? එවෙන් ක‍රන්ට් එක වැඩියෙන් යනවනම් බුරුමයක් ගනින්. අතේ බලෙන් වැඩ ක‍රන්නේ. :D

    ReplyDelete
  7. මං නං මගේ කෙම්පුතරේ මොනිටරේ උඩ බත් හලාගෙන ලෙවකෑවත් වෙන එකෙක්ගේ ගෙදරක ගිහින්නම් කවදාවත් අල්ලන්නේවත් නෑ....මොකද මට ටිකක් කරන්ට් වැදීමේ ප්‍රවණතාවය වැඩයි අනිත් අයට වඩා....ලෝල්ස්....

    ReplyDelete
  8. ප්‍රතිචාර දක්කපු උඹලා හැමෝට ස්තූති වේවා....

    @ ඉන්දරේ- අඩේ හොඳ නෑ බං. ඔය ටික අපේ ගෙදරට ගෙනල්ල දාහං. :c

    @වැප්- හැබෑට මොනාද බං ඒ විදිලි උප කරණ? ගුවන් විදුලියද? :e

    @ අනුරාධ- අප්පට සිරි උඹත් එනවද? :c

    @ හසියා- උඹ මොනිටරේ ලෙව කන්නෙ අහවල් එකකටද ඈ..... :i

    ReplyDelete
  9. මටත් වැදිලා තියෙනවා හැබැයි මගේ එකේ කවදාවත් කරන්ට් වදින්නේ නෑ :n මගේ යාලුවාගේ කොම්පීතරෙන් තමා මට වැදු :l නේ මගේ යාලුවාගේ අයියාට එක පාරක් කරන්ට් වැදිලා අඩි 3ක් විතර වීසි වෙලා ගිහින් බිම වැටුනේ :o

    ReplyDelete
  10. ලඟදි ගෙදරක දැක්ක මල්ටි ප්ලග් එහෙකට ගහල තිබුන විදුලි උපකරණ ප්‍රමාණය, පිස්සු හැදෙන සඳ.... :b

    ReplyDelete
  11. හපෝ කතා කරන්ඩ එපා! ලැබ් එකේ හෙන වැදගත් විදිහට කතා කර කර ඉඳලා මම සිලෙක්ට් කරන්න පොටෝ එකක් පෙන්නුවා උන්ගෙ මොනිරේට අත තියලා. අත තිබ්බා විතරයි "වැදගත් කම දෙපිටිං ගියා"

    ReplyDelete
  12. :h මට කරන්ට් වැදිලා කියෙනවා 6 පාරක්‍‍‍...
    සුළු 4 යි...මාරාන්තික දෙකයි...මට ත් පරිගණකය සඳහා තෙකූරු පේනුව ක් පාවිචිචි කළා...ඒක තමා මට සත්කාරෙ කළේ...:o ඉස්සර තිබ්බ එකෙන් නම් අම්බානක වදිනවා >l...ඒවා ගනන් කළෙත් නැහැ.දවසක් ස්විච් එක දාලා තිද්දි ප්ලග් එක ගහන්න ගිහින්...අතෙන් පටන් ගත්ත හිරි වැටිමක් දණිස්සෙන් එළියට ගියා වගේ මතකයි...මාව පස්සට විසි වුණා :c.. එදා අපේ ගෙදර මට මාර තැන කරන්ට් වැදෙනවා කියන්නෙ සුළු පටු දෙයක්ද?.. :k

    ReplyDelete
  13. සමහර කඩෙන් ගන්න ත්‍රී පින් කේබල්වල ඇතුලෙ තියෙන්නෙ වයර් දෙකයි අර්ත් එක නැහැ ....... මට එහෙම වෙලා තියනවා ..........

    ReplyDelete
  14. ade chandika aiya mata wadinne ara palaweni krame nisa...mama use karanne 2pin cord 1k..ekai awla...ambanakata wadinawa..samahara welawata maralma athala.. :i

    ReplyDelete
  15. මටත් ඕක ගොඩක් වෙලාතියෙනව. ඉස්සර මොනිටරෙනුත් තිබුන. දැං CPU එකෙන් විතරයි. සුලුවට වදින්නෙ. :d දවසක් අපේ නංගිට වැදිල.. ඒකෙනුත් බැනුම් අහන්න වුනේ මට.. :b

    ReplyDelete