Sunday, April 29, 2012

ලැප් එක මස් කලෙමි. (නාහෙට නාහන උන් බැලීම තහනම්)


    ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. සෑහෙන කාලෙකින් මොකුත් ලියන්න බැරි වුනානෙ. ආ.. සයිබර් සැණකෙලියට ගිහිල්ලා මැක්සම ෆන් එකක් ගත්තා. ඒක මෙවර සංවිධානය කරපු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕන. මේ පාර අලුත් බ්ලොග් ලියන්නන් සහ ලියන්නියන් පිරිසක් හඳුනාගන්න පුලුවන් වුනා.
පින්තූරෙ ගයාන්ගෙ. ඉස්සුවෙ මෙතනින්
    කෙහොමින් කොහාමින් හරි ගෙදරට වෙලා කම්මැලි කමින් තමා මේ දවස්ටිකේ ඉන්නේ. ලැපී තමා සැනසුමට එකම මග. COMPAQ CQ60 එකක්. ඒත් ඉතින් ටික කාලෙක ඉඳලා මේකට එක එක ලෙඩ රෝග එන්න පටන් අරන්නේ. තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා හිතාගන්න බැරි තරම් රත් වෙන එක. රත්වෙන එක COMPAQ වල හැටියක්ලු. ඒත් මේක සෑහෙන්න රත් වෙනවා. රත්වෙලා වැඩි කමටම එකපාරටම ඕෆ්වෙලා යනවා. මොකක් හරි වැඩක් කරන ගමන් Save කරලා තිබ්බෙ නැත්තං අනාතයි.
    පොඩ්ඩක් හොයල බැලුවම තේරුණා ෆැන් එක හිරවෙලා නිසා වෙන්න ඕන කියලා. ඉන්ටර්නෙටුත් නැතුවනේ හිටියේ බිල ගෙවලා නැති නිසා. කරන්න වැඩකුත් නැති එකේ උදේපාන්දරම හිතුවා ලැපීව ගලවලා සුද්දයක් දෙන්න ඕන කියලා. පරහකට හිටියේ ජීවිතේටම ලැපක් ගලවලා නැති එක. වැඩේ වැරදුනොත් ඉතින් සොරිම තමා. ඒ අස්සේ ඕන කරන Tools මොනවත් ඇත්තෙත් නැහැ. ඒත් ඉතින් එහෙම කියලා බැහැනේ. හිච්චි කොල්ලා කාලෙ ඉඳන් අතට අහුවෙන ඕනම දෙයක් කෑලි වලට ගලවලා බලන එක තමා පුරුද්ද. ඒ නිසා මේ පාරත් වැඩේ අත ඇරියේ නැහැ. (හැබැයි කලින් දවසකුත් ලැප ගලවන්න බැරුව වැඩේ අත ඇරලා දැම්මා.)
     ටූල් වලට කියලා හම්බවුනේ ටෙස්ටර් එකකුයි පොඩි මල් ස්කුරුප්පු නියනකුයි විතරයි. අයේ සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ. පිටිපස්සේ තියෙන ඇණ සේරම පිලිවෙලකට ගලවලා එහෙන් මෙහෙන් ඇදලා උස්සලා බැලුවා. ම්හු. පලු වෙන පාටක් නැහැ. ඒම කියලා බැහැනේ. ටිකක් එහෙ මෙහෙ කරලා බැලුවා. ලිඩ් එක ඇරියා විතරයි මෙන්න කීබෝර්ඩ් එක අතේ :D
    දැන් තමා වැඩේ මීටර් වුනේ. එතන තව ඇණ වගයක් තියෙනවා. ඒවුවත් ගැලෙවුවම පිලිවෙලින් ලැප කෑලි කරගන්න පුලුවන් වුනා. මෙන්න කෑලි ටික :D 
(පින්තූරේ බුකියට දාපු වෙලාවෙ නම් මරු කමෙන්ට් එහෙම දාලා තිබුණා. :D) 
    කෝම හරි ගලෝගත්තා කියමුකෝ. ඊ ලඟ ප්‍රශ්නෙ තමා පිලිවෙලකට ආපහු තිබ්බ විදියටම හයි කරන එක. හයි කලාට මදි. වැඩ කරන්නත් එපැයි. :D ඒ අස්සේ ගලවපු ඩේටා කේබල් වගයක් ගැලවුන පැත්ත හොයාගන්න බැරුවත් හිටියේ. හයි කරන එක පස්සේ වැඩක්නේ කියලා පොඩ්ඩ්ක් කැලි ටික පැත්තට ඇහැ දාලා බැලුවාම තමා තරු පෙනුනේ. කූලිං ෆැන් එකේ ෂටර් එකක් කියලා හොයාගන්න නැහැ. හීට් සින්ක් එකයි වෙන්ටිලේෂන් මවුත් එකයි සේරම වැහිලා. ඒක සුද්ද කරන්න හයි කම්ප්‍රෙෂන් එයා ෆ්ලෝ එකක් ඕනලු. :D අපිට කොයින්ද ඕවා. හොඳට පණ ඇරලා ගත්තා හුස්මක්. පිම්බා. :P එහෙම ටිකක් වෙලා දඟලාලා ෆැන් එක එහෙම්පිටින්ම සුද්ද කරගත්තා. 
මෙන්න මුන් තමා මාරයෝ වගේ ඒක අස්සේ හිටියේ. 
ඉතින් රත් වෙන එක අහන්නත් දෙයක්යැ. :D
    සේරම කෑලි බෑලි ටික සුද්ද කරලා අමාරුවෙන් පැයක් විතර දඟලලා ආපහු හයි කරගත්තා. මදෑ ඔයින් ගියා. මැනුවල් එකක්වත් නැතුවනේ වැඩේට අත ගැහුවේ.
හැබැයි ඉතින් හයි කරලා බලද්දි ඇණ දෙකක් ඉතුරුයි :D
    මේ ඉන්නේ. දැන්නම් එලකිරි වගේ වැඩ. කලින් වගේ රත් වෙන්නෙත් නැහැ.


උපදේශය:- 
මෙවුවා කියවලා බලලා ඔන්න ලැප් ගලවලා ආපහු හයිකරගන්න බැරි වුනොත් ඕන් මම නම් වග කියන්නෙ නැහැ. :D


22 comments:

  1. හිකිස්.. මටත් නිකං අත කසනවා කසනවා වගේ ලැප් එක ගලවන්න මගේ.. ගෙදර මම ගලවපු නැතිව තියෙන එකම භාණ්ඩේ මේක..

    ReplyDelete
  2. අතට අහුවෙන හැම දේම ගලවන එකනම් ඒ තරම් හොද දෙයක් නෙමේ ආ......පරිස්සමෙන් කොල්ලෝ

    ReplyDelete
  3. මගෙත් ඔයිං එකක් තියේ. ලෙඩේත් ඕකමයි. ලබන මාසෙ කැම්පස් එක පැත්තෙ යන්නත් ඕනේ....

    ReplyDelete
  4. හැක් හැක්.. අපි ලැප් ගලවද්දි ටෙස්ටරයක් වත් හොයාගන්න තිබ්බෙ නෑ.. හෝම් මේඩ් ටූල්ස් + මේස පිහියක් තමයි පාවිච්චි කලේ.. :h

    ReplyDelete
  5. පට්ට පට්ට....මමත් තේ එක හදාගෙන ඇවිත් නිවෙනවට ලැප් එක ලගින් තියාගෙන ඉන්නෙ. :D :D
    ලගදීම ඔය කෙරුවාව කරන්නට බලාපොරොත්තු වෙමි :D

    ReplyDelete
  6. මට නං ලෙසටම ඕක ගලෝලා දැම්මැහැකි... ගේමක් නෑ.

    ඒත් හයිකරගන්න තමා බැරි

    ReplyDelete
  7. දැන් මතක් වුනේ. ලඟදී මගේ යාලුවෙක් Iphone 3gs එකක් පිහියකිනුයි ටින්ටස් ඇනේකිනුයි ගලවලා පොඩි නෑමක් වගේ එකක් වුනා. ඒත් පොර වැඩේ ගොඩ දාගත්තා.. :c :c

    ReplyDelete
  8. ඔයිං ගියා මදෑ :D :D

    ReplyDelete
  9. මාත් පසුගිය කාලේ ලැප් එකේ වෙන්ටිලේසන් අඩු වෙලා රත් වෙනව වැඩි හින්දා ගලවලා බැලුවා.
    අපේ මල්ලි මගෙන් අහනවා මේ පංඩිත වැඩ නොකර ඉන්නව මීට් පස්සේ ඕනේ නම් අළුත් එකක් ගන්න බලාගෙන ඔය වැඩේ කරනවා කියලා. හික්ස්.

    ReplyDelete
  10. අපේ ගෙදර තියන ගලෝපු නැති එකම බාන්ඩෙ මේ ලැප් එක විතරයි හයියෝ..

    ReplyDelete
  11. අෆ්ෆා... ඇති ඔයින් ගියා, බුකියේ කෑලි ටික දැක්කම මම හිතුවේ බඩු ම තමා කියලා! ඵල!

    ReplyDelete
  12. එල කොල්ලො, නියමයි.... මමත් ලඟදි මගෙ ලැප් එක(SONY VIAO VGN FZ-250E) ඔය විදිහටම කැලි මස් කරලා වතුරෙන් හොදලා වේලලා සෙට් කරා, එලම කිරි ගින්දර වගෙ වැඩ

    ReplyDelete
  13. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි හැබැයි ඉතින් හයි කරලා බලද්දි ඇණ දෙකක් ඉතුරුයි :ද
    එතකොට සුද්ද ලාබය ඇන දෙකද? වුනු මහන්සියේ හැටියට ඔයින් ගියා ඇති
    මොනවා වුනත් එල වැඩක්....

    ReplyDelete
  14. හයියෝ අසරණ ලැප :i

    ReplyDelete
  15. දැන් හැම තැනින්ම කරන්ට් වදිනවා කියන්නේ ඇත්තද ? අඩේ මගේ ලැපත් ගලවන්න හිතයි :p

    ReplyDelete
  16. අර ඉතිරි ඇණ දෙකට මොකද කළේ අයියේ.....හික් හික්...ඇති ඔයින් ගියා....

    ReplyDelete
  17. @චතුවා
    ගලෝස් ගලෝස්. හැබැයි ඉතින් ඇණ ඉතිරි වුනොත් ඕන් අපි නැහැ :c

    @කල්ප
    අලි අලී.. මං පරෙස්සමෙන් තමා ගලවන්නේ :d

    @අංජන සතරංග
    සුවර් එකටම මේ සන්තෑසියම තමයි. :j

    @gns
    අප්පටසිරි. ලැප් එක දෙකට කපලද ගැලෙව්වවෙ? :e

    @කුබූ
    හා හා පරෙස්සමෙන් සහෝ. නැත්තං අයේ තේ එක රත් කරගන්නව බොරු ආ..!! :c

    @අඩඩි රජා
    හැබෑට මටත් මුලින් තිබුන පුරස්නෙ ඕක තමා. :c

    @චතුවා
    මොකක්? ටින්ටස් ඇණේකින්? :e ඉතින් උඹ මිටියක් හොයල දුන්නෙ නැද්ද? :c

    ReplyDelete
  18. @කණිෂ්ක
    සිරාවට ඇණ දෙකයි ඉතුරු වුනේ.. :d

    @ලකිසිරි
    :q

    @Il mondo di una povera pazza
    හප්පා. රංගි අක්කත් මරු සෙල්ලම් පෙන්නල තියෙන්නේ ආ. :c

    @සිහින
    පසු බහින්න එපා මලේ. ඒකටත් දෙමු බැටේ. :s

    @ලහිරු
    දන්නවනෙ ඉතින් මං ගැන :d

    @kushi
    ඔන්න ඔය වතුරෙන් හෝදන සීන් එක තමා මට බය. මලකඩ අල්ලන්නෙ නැද්ද? :e

    @Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි
    ඇයි අර රොඩු ටික. :c වැඩේ පාඩු නැහැ :c

    @හසී
    ඇය් මොකෝ. මේ තියෙන්නෙ ලැප :i

    @චූටි පුතා.
    අඩේ ඔය කරන්ට් වදින සීන් එක කලින් ඉඳන් තියෙනවා. :c

    @සිතිවිලි නිහඬයි
    ඒවා පරිස්සමින් තියේ. ඊගාව පාර තව ඇණ එකතුවෙයි. :c

    ReplyDelete
  19. අඩේ ඇත්ත කියපන් සිරාවටම ඇණ දෙකද ඉතුරු උනේ . :P

    ReplyDelete
  20. හෙන අනිදාම දෙනවා වැඩේ ..!! මේක විතරයි මොනවත් කොරේ නැති එකම අට මගුල :n

    ReplyDelete
  21. මාත් ලැප මස් කරා...... thanx 4 de advice bro

    ReplyDelete