Wednesday, December 1, 2010

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් ආවා...



    වසරක පමණ දිගු නිහැඩියාවකට පස්සෙ මගේ බ්ලෙග් එක පැත්තෙ එන්න හිතුනා. පහුගිය කාලෙ බ්ලොග් එකක් ලියන්න තියා ඉස්සර වගේ නිදහසේ බ්ලොග් එකක් ලියන්නවත් අවකාශයක් තිබුණෙ නෑ. ඒ ගතවුණු කලෙ ඇතුලත සිංහල බ්ලොග් කලාව තුල සෑහෙන වර්ධනයක් වෙලා තියෙන බව දැක්කම සිතට ඇතිවෙන්නෙ සතුටක්. තමන්ගෙ අදහස්, කවි සින්දු නිර්මාණ, තාක්ෂණික, දේශපාලණික මතවාද ආදී විවිධ තේමා ඔස්සෙ මේ වන විට බ්ලොග් රචකයන් බොහෝ දෙනෙක් පොදි බැදගෙන ඉන්න සිටිනවා.
   ඒ වගේම බ්ලොග් රචකයන්ගෙ හමුවකුත් ලබන මාසෙ පැවැත්වෙන බව දැනගත්තම සැහෙන්න සතුටක් ඇතිවුණා පළමුවෙනි හමුවටනම් යන්න බැරි වුණත් මෙවර හමුවටනම් යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මේ හමුව අපේ බ්ලොග් මිතුරන්ට ඉතා වැදගත් අවස්ථාවක් වේවි.
    පහුගිය කාලෙ තුල සිදුවුන සමහර සිදූවීම් එක්ක බ්ලෙග්කරණයෙන් විතරක් නෙමෙයි තවත් බොහෝ දෙවල් වලින් ඈත් වෙලා ඉන්න තීරණය කලේ. ජීවිතය කියන්නෙ හරිම පුදුම දෙයක්. කලකිරීමෙ පතුලටම වැටීලා හිටපු කාලෙකුත් තිබුණා. ඒත් දැන් ඒ හැම දෙයක්ම අමතක කරලා දාලා පුරුදු රටාවට හුරුවෙන කාලෙ, හිතුනා අයෙත් බ්ලොග් එක ලියන්න පටත් ගන්න ඕනෙ කියලා. 
  ඉතින් ඔන්න අද ඉදන් ඉඩ ලැබෙන හැටියට බ්ලොග් එකත් ලියනවා. ඒ කාලෙ මගේ බ්ලොග එක පැත්තෙ ඇවිත් මාව දිරිමත් කරපු හැමෝටමත් ස්තූති කරන්න ඕනෙ. ආයෙත් පුලුවන් වෙලාවට ඇවිත් යන්න කියලා ආරාධනා කරමින් දැනට නවතිනවා.





6 comments:

  1. නියමයි දිගටම ලියමු එහෙනම් ජය ඔබට

    ReplyDelete
  2. ස්තුතියි ඉලංදාරියා... :)

    ReplyDelete
  3. අපිනම් ඉතින් අලුත් අය.ලියමු එහෙනම් දිගටම.අපි හැමදාම එනවා.

    ReplyDelete
  4. ස්තුතියි යාලුවනේ.....

    ReplyDelete
  5. හා හා කාලෙකට පස්සේ වෙලකට බැස්සේ....

    ReplyDelete