Saturday, December 18, 2010

M3 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Sri Lanka ~ අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....

    මේ ලිපියේ මාතෘකාව ඔයාල දකින්න ඇති නේ. හ්ම්.. ඒක තමයි. පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නෑ යාලුවනේ. මේ ලිපිය කියවලාම බලන්නකො.

   අද මං ඔයාලට විස්තර ගෙන එන්නේ අපේ දුම්රිය සේවා කටයුතු වලට යොදවා ගත්තු තවත් ඉතා වැදගත් එන්ජිමක් ගැන විස්තර. මෙහි තිබෙන වැදගත්කම තමයි මෙම එන්ජිම 99%ක්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වීම. එය ශ්‍රී ලාංකීය අපට මොන තරම් ආඩම්බයක්ද?  ඔව්.. ඇත්තෙන්ම...  ඒත් ඇයි මේ 99% කිවුවේ.... ඉස්සරහට කියවගෙන යන්නකො. ඒ වගේම මං ඉල්ලනව පුලුවන් හැටියකට මගේ මේ උත්සහය ගැන පුංචි වචනයකින් හරි ඔබේ අදහස් දක්වනවනම්. මොකද කියනවනම් ඒ ප්‍රතිචාර මට ගොඩක් වැදගත්...

    1938 වසරේදී තමයි අපේ රටට මුල්ම බලවේග දුම්රිය කට්ටලය ගෙන එනු ලැබුයේ. ඒ ගැන විස්තර පසු ලිපියකින් ඉදිරිපත් කරන්නම්. කෙසේ වුවත් මෙම බලවේග දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සිදුකල හෙයින් ඉතා ඉක්මනින්ම දිරාපත් වීමට ලක් වීම නිසා 1955දී පමණ ඉවත් කරනු ලැබු අතර එම බලවේග දුම්රියේ එන්ජින් කට්ටලය ඉතා හොඳ තත්වයෙනුයි ඒ වන විටත් තිබුණෙ.

අංක 589 දරණ M3 ජයන්ති එන්ජිම
    මේන්න මේ එන්ජින් කට්ටලය තමයි M3 එන්ජිම සැලසුම් කිරීමේ මුලික අදහස පැමිණෙන්නට හේතුව. ඒ 1956 වර්ෂයේදී. අන්න ඒ නිසයි 99% ශ්‍රී ලාංකික නිපැයුමක් වන්නෙ. බල සැපයුම් එන්ජිම වෙනත් දුම්රියක එකක්. මේ වෙනුවෙන් ප්‍රමුඛතාවය ගෙන කටයුතු කලේ එවකට රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන ලද රාජ් ගෝපාල් මහතායි. මෙම එන්ජින් නිපදවීමට සැලසුම් කෙරැණේ ෂන්ටින් කටයුතු  (දුම්රිය අංගන වලදී මැදිරි එහා මෙහා ඇදගෙන යාම, ඒවා ගාල් කීම ආදී කටයුතු) සඳහා යොදවා ගැනීමේ අදහසින්. ප්‍රමාණයෙන් M3 අනෙකුත් සහෝදර එන්ජින් වලට වඩා කුඩායි. 

මේ දැක්වෙන්නෙ M3 හි විස්තර
  • පන්තිය                       :-  M3
  • බර                            :-  ටොන් 47
  • නිෂ්පාදනය                  :-  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
  • උපරිම බලය               :-  අශ්ව බල 180 (90hp x 2 engines)
  • දුම්රිය එන්ජින් වර්ගය   :-  Diesel Electric
  • බල සැපයුම් එන්ජිම     :-  Williams & Robinson - Type-H6
  • Weel Arrangement   :-  Bo-Bo
  • තිරිංග පද්ධතිය            :-  Vacuum
  • උපරිම වේගය             :-  55mph
  • වර්ණය                      :-  ලා නිල්, තද නිල්, රීදී පැහැය සමග කහ පැහැ පටියක්
    කෙසේ වුවත් යම් යම් දේශපාලනික මැදිහත් වීම් නිසා මෙම M3 එන්ජිම ෂන්ටින් කටයුතු වලින් බැහැරව මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන්නට දෙපාර්තමේන්තු බලධාරීන්ට සිදුවුණා. 1956 වසරේ පත්වුන නව රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා වු ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ ඉල්ලීමට අනුව (එතුමන් නියෝජනය කලේ මැදවච්චිය ආසනයයි) මෙම දුම්රිය එන්ජිම එම ප්‍රදේශයේ මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන්නට දෙපාර්තමේන්තුවට සිදුවුනා. මේ අනුව මෙම එන්ජිම අනුරාධපුර-මැදවච්චිය සහ අනුරාධපුර-මහව අතර ධාවනය සිදු වුනා. 

    පලමුව නිපදවුන M3 එන්ජිම "ජයන්ති" ලෙස නම් කරන ලද්දෙ 1956 වසරේ යෙදී තිබුණ බුද්ධ ජයන්තිය සිහිගැන්වීම වෙනුවෙනුයි. මෙම එන්ජිම 1956 සැප්තැම්බර් 05 වන දින ප්‍රවාහන හා වැඩ අමාත්‍යවරයා වු ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ අතින් විවෘත කර ජනතා සේවය සඳහා යොදවන ලද අතර එය ප්‍රදේශයේ මගී අවශ්‍යතා වෙනුවෙන් වෙන් කෙරුණා.

    කෙසේ වෙතත් ෂන්ටින් කටයුතු වෙනුවෙන් සැලසුම් කරන ලද එන්ජිම මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා දෙපාර්තමේන්තුවට නොයෙක් ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වුණා. අධික ලෙස රත් වීමත් වෙනත් විවිධ තාක්ෂණික ගැටලු රාශියකුත් ඉතා සුලු කාලයකදීම පැන නැගුණා. (ෂන්ටින් කටයුතු වලදි බොහෝවිට එන්ජිමක් ධාවනය වන්නේ කුඩා කාලයන් සඳහායි. මෙහිදී එන්ජිම එහා මෙහා යන්නෙත් අඩු දුර ප්‍රමාණ වලදී නිසා අනවශ්‍ය රත්වීම් වලින් තොරව එන්ජිමට අවශ්‍ය විවේකය සහ සිසිලනය ලැබෙමින් ධාවනය සිදුකල හැකියි.) මේ හේතුව නිසා දෙපාර්තමේන්තුවට සිදුවුනේ මුලින් නිපදවූ අංක 589 දරණ එන්ජිම නැවතත් ප්‍රතිනිර්මාණය කරන්නයි.

    1957 වසරේදීම තවත් M3 පන්තියේ එන්ජිමක් (590) රත්මලාන කර්මාන්ත ශාලාවේදීම නිපදවන ලද අතර මෙම 589(ජයන්ති) සහ 590 එන්ජින් ද්විත්වය වසර 10ක් පමණ ධාවනය කර ඇති බව සඳහන්වෙනවා. පසුව ධාවනයෙන් අත්හැර දමා රත්මලාන කර්මාන්ත ශාලා භුමියේ කැලැබදව දිරා යමින් තිබුණ මෙම රැකගත යුතුව තිබූ වටිනා සම්පත 2002 වසරේ දිනයක ඉතා අවාසනවන්ත ලෙස පැරණි යකඩ සඳහා කපා අලෙවි කෙරුණේ කීර්තිමත් සංධිස්ථානයක්ව සුරැකීමට තීබූ තවත් ප්‍රෞඩ මං සලකුණක පරිච්ඡේදය එසේ අවසන් කරමිනුයි. අපගේ ඉදිරි පරම්පරාවට M3 එන්ජිම දැක ගැනීම හැකිවනුයේ ඡායාරෑප කිහිපයකින් පමණක් වීම කණගාටුවට කාරණයක්.

ස්තූතිය :-
මෙම ලිපිය සඳහා තොරතුරු සොයා යාමේදී විශේෂ සහයක් ලබා දුන් නලීන් අබේසිංහ සොයුරාට විශේෂ ස්තුතිය පිරිනැමේ.

ආශ්‍රිත ලිපි :-

17 comments:

  1. :c ඉතා හොඳ පැහැදිළි කිරීමක්... මෙන්න කොමෙන්ට් කළා....ඔන්න පස්සෙ දැම්මෙ නැහැ කිව්වොත් බලාගෙනයි....හෙට එන්න....

    ReplyDelete
  2. kicksma thama ayya... :s

    ReplyDelete
  3. Goog post bro.Keep it up.

    ReplyDelete
  4. නියම ලිපිය කොල්ලො.
    මේ මී හරක් ඇමති හැත්ත ගිය තැන කනව. නොදන්න මගුල් වලට අතනොදා මුන්ට ඉන්නම බෑ. :|

    ReplyDelete
  5. හොඳ ලිපියක්. දේශපාලකයින් කියන්නෙ තීරණ ගන්න පුළුවන් ජාතියක් නොවේ. ඒ ගොල්ලන් නිසා අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා.
    මොනවා උනත් මේ හොඳ ලිපි පෙලක්. මම හැමදාම කියනවා. ස්තුතියි

    ReplyDelete
  6. දුම්රිය එන්ජින් ගැන බෙහෝ දේ දැනගත හැකි හොඳ ලිපි පෙලක්. M1.M2 ලිපිත් අද තමයි බැලුවේ.හොඳට පැහැදිළි කරලා තියනවා.ස්තුතියි

    ReplyDelete
  7. මම ඉතින් හැමදාම හිටපු එකානෙ.වෙනද වගේම එලz....................:n

    ReplyDelete
  8. හොඳ ලිපියක්

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇත්තෙම නැති දෙයක් තමයි නඩත්තුව. ලංගමෙත් එහෙමම තමයි. එන්ජිමන් මැදිරි කිසි දෙයක් හරියට නඩත්තු වෙන්නෙ නෑ. දැනට ටික කාලෙකට කලින් චීනෙන් ගෙනාපු මැදිරි වල දැන් තත්වෙ බලන්න. මම රුහුණු කුමාරියෙ නිතර යන නිසා දකින්නෙ. දැන් විදුලි පංකා වැඩ කරන්නෙ නෑ. විදුලි පහන් බාගයක් ක්‍රියා විරහිතයි. ස්විච කැඩිලා. වැසිකිලි විනාසයි.

    කව්රු හරි මේ නඩත්තු යාන්ත්‍රණය හරියට මේ ආයතන වල ඇති කරනව නම් මේවගේ පාඩුව ගොඩක් අඩු වෙයි.

    ReplyDelete
  9. නියමයි මමත් ආසා වෙන් කියවනවා. ස්තුතියි.....! :c

    ReplyDelete
  10. සියලු ප්‍රතිචාර වෙනුවෙන් :s

    @ සුසිත රවින්ද සෙනරත්,Google Bot,Ishara

    සහතික ඇත්ත මිත්‍රයිනේ. ලංකාවේ දේශපාලකයන්ගෙ උවමනා එපාකම් පිරිමසාගන්න සමහර දේවල් ලංකාවට ගෙන එන්නෙ ඔවුන්ගෙ තනි මතය උඩ මිසක් කිසිදු සෙවිල්ලක් බැලිල්ලකින් තොරවයි. එහෙම නොවෙන්න අපේ රට මීට වඩා සුන්දර රටක්.........

    ReplyDelete
  11. පසුගිය ලිපි කිහිපය වගේම හොඳ පැහදිලි කිරීම් ඇතුලත් ලිපියක්. අවාසනාවකට වැඩි පිරිසක් M3 එන්ජිම ගැන දන්නේ නෑ. ඒ වගේම මෙහි ඡායාරූප වුණත් සොයාගැනීම හරිම අපහසුයි. කෙසේ වුවත් දුම්රිය කෞතුකාගාරය තුල තිබිය යුතු සම්පතක් පැරණි යකඩ වලට සිල්ලර වීම නම් කණගාටුවට කරුණක්.......

    ReplyDelete
  12. නියමයි යලුවා මට හිතා ගන්නත් අමරුයි මේක ඇත්තද කියල.මම දන්න විදියට ලංකාවේ දැන් කෝච්චි ඒන්ජ්මක් තියා කෝච්චි පෙට්ටියක්වත් හදන්නෙ නැහැ තාක්ෂණය තියනවානම් අමු ද්ර්ව්ය තියනවානම් හදන්නැත්තෙ………………… :b

    අපේ ගමෙ C.T.B බස් එකක් තියනවා.නඩත්තුව 100% .නියමෙට තියාගෙන ඉන්නවා. හැබැයි යන අපිට ටිකට් දෙන්නෙ නැහැ. අල්ලන්නෙත් නැහැ.

    පාලකයෝ කියල මොනවා කරන්න ද? ඔක්කම හොරුනේ...

    ReplyDelete
  13. සහතික ඇත්ත. දිගටම ලියන්න එල එල.....

    ReplyDelete
  14. හැමෝගේම අදහස් වලට බොහොමත්ම නැවතත් ස්තුතියි......... :t

    ReplyDelete
  15. අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....:a

    ReplyDelete
  16. මට පොඩි සැකයක් තියෙනවා යාළුවා...මේකේ බල සැපයුම English Electric වර්ගයේ එකක් නෙමේද?....
    තව දෙයක් ආසියාවේ දෙවන විශාලතම දුම්රිය ධාවනාගාරය තියෙන්නේ ලංකාවේ.නඩත්තු කිරීම් වලින් ඒක ඉතා ඉහල තැනක තියෙනවා.නැත්තම් M2A-591-Manitoba ආපහු ධාවනයට යොදවන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.හැබැයි ඉතින් කෝකියෝ වැඩි වුනාම සුප් එක අප්සට් යනවා වගේ දේශපාලකයෝ අත දාන හින්දා නිසි ප්‍ර‍යෝජන ගන්න හැකියාවක් නෑ.

    ReplyDelete
  17. @ මකුළුවා
    නැ යාලුවා මේකේ එන්ජිම Williams & Robinson වර්ගයේ. ඔබ ඔය සඳහන් කරන English Electric කියන්නෙ මේකට එන්ජිම ගත්තු S1 එක හදපු නිෂ්පාදකයාගේ නම.

    ReplyDelete